භික්‍ෂූන් දහස් නමකගේ සහභාගීත්වයෙන් රටට සහ ජනතාවට සෙත් පතා ජය පිරිත් සඡ්ඣායනයක්.. ජනපති ප‍්‍රධානත්වයෙන්…

January 27, 2022 at 6:20 pm | lanka C news
භික්‍ෂූන් දහස් නමකගේ සහභාගීත්වයෙන් රටට සහ ජනතාවට සෙත් පතා ජය පිරිත් සඡ්ඣායනයක්.. ජනපති ප‍්‍රධානත්වයෙන්…

රටට සහ ජනතාවට සෙත් පතා ආරක්ෂක අමාත්‍යාංශය වාර්ෂිකව සංවිධාන කරන “ජය පිරිත් සඡ්ඣායනය” ඊයේ (26) පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මහානායක, අනුනායක හිමිවරු ඇතුළු දිවයිනේ නන් දෙසින් වැඩම කළ භික්ෂූන් වහන්සේ දහස් නමකගේ සහභාගීත්වයෙන් ජය පිරිත් සඡ්ඣායනය සිදු කෙරිණ. මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට, ආබාධ සහිත රණවිරුවන්ට සහ ත්‍රිවිධ හමුදාවට ආශිර්වාද කිරීම ජය පිරිත් සඡ්ඣායනයේ තවත් අරමුණකි.

රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම්වරයාව සිටිය දී භික්ෂූන් වහන්සේ 3,000 – 5,000 අතර පිරිසකගේ සහභාගීත්වයෙන් “ජය පිරිත” පළමු වරට සංවිධාන කරනු ලැබීය. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර ජය පිරිත් සඡ්ඣායනය සඳහා මහා සංඝරත්නය දහස් නමක් පමණක් වැඩම කරවීමට පියවරගත් බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේය.

සධාතුක කරඬුව හා පිරුවානා පොත් වහන්සේ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න සහ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු වැඩම කර වු අතර ජනාධිපතිතුමා සධාතුක කරඬුව පිරිත් මණ්ඩපයෙහි තැන්පත් කර, ගිලන්පස සහ අධිෂ්ඨාන පූජාව සිදු කර, මහා සංඝරත්නයට පිරිත සඳහා ආරධනා කරනු ලැබීය.

අනුශාසනා සිදු කළ මහාසංඝරත්නය කොවිඩ් වසංගතය මර්දනයට සෞඛ්‍ය අංශ ගෙනයන වැඩපිළිවෙළ සාර්ථක වී සමස්ත රටවැසියන්ට නිදුක් නිරෝගී සහ මානසික සුවය ප්‍රාර්ථනා කළහ. ගත වූ දෙවසරක කාලය තුළ ලෝවැසියන්ට මුහුණදීමට සිදු වූ අභියෝගාත්මක කාල පරිච්ඡේදය නිවැරදිව වටහාගෙන රටේ අනාගතය වෙනුවෙන් ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සහායවීම සියලුදෙනා ඉදිරියේ පැවරී ඇති වගකීමක් බව උන්වහන්සේ අවධාරණය කළහ.

මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි, රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල, අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස යන ස්වාමීන් වහන්සේ අනුශාසනා සිදු කිරීමෙන් අනතුරුව ජය පිරිත් සඡ්ඣායනය ආරම්භ විය.

අද (27) උදෑසන පැවති හීල දානමය පිංකමට ද ජනාධිපතිතුමා සහභාගී විය.

ජනාධිපති ලේකම් කාර්යාලය, ස්වදේශ කටයුතු, ආරක්ෂක, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පිංකම වෙනුවෙන් දායකත්වය ලබා දී තිබිණ.

කැබිනට් අමාත්‍යවරු, ආණ්ඩුකාරවරු, රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා මහජන නියෝජිතයෝ, ජනාධිපති ලේකම්, ජනාධිපති ප්‍රධාන උපදේශක, අග්‍රාමාත්‍ය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීහු, ත්‍රිවිධ හමුදා, පොලිස් හා සිවිල් ආරක්ෂක අංශවල සාමාජිකයෝ, රණවිරු පවුල්වල සාමාජිකයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

12,491 views

25 Comments to “භික්‍ෂූන් දහස් නමකගේ සහභාගීත්වයෙන් රටට සහ ජනතාවට සෙත් පතා ජය පිරිත් සඡ්ඣායනයක්.. ජනපති ප‍්‍රධානත්වයෙන්…”

  1. David Milli-banda says:

    Before these Priest chant ජය පිරිත් …they must give up Luxuries.
    How could the Buddhist Clergy chant ජය පිරිත් in the lap of luxury & comfort at the බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ?
    Will there be any value or blessing come of it ????????????????????
    Is it a media show? One got to be humble himself when engaged in ජය පිරිත් & not in සම්මන්ත්‍රණ ශාලා

  2. wimalasena H.D. says:

    me nandeyata dannamade oya thadi thattayanwa gennagena thawa thawath unta kavala eka ekaage bara kg200k vithara kireemaya. rate minissunta kanadath nehe.

  3. LalithM says:

    මහජන මුදල් කාබාසිනියා.තවමත් මිත්‍යාව පසුපස හඹායාම නැවතී නැත. පිරිතකට රට සමෘද්ධිමත් කල හැකිනම් ලංකාව අද සුරපුරයක් විය යුතුයි.

    • Dulmina says:

      To LalithM,
      👍👍👍
      සිල් පද පහම කඩන මහායාන ගණින්නාන්සේලාගේ
      වැදි පිරිත්….
      ඒකයි !!!

  4. Upul Attanayake says:

    yakku Damanaya Prith.
    api yakku thama phone athe thiyan hitiyata.
    yakkune damanaya wela adu kulawala dupathun mahana karala desana karana prith ahamu. sadu sadu ,
    sure ekatama mama yakath sahabagi wenava.
    balamu me sare mava damanaya unoth hondai.
    mewa hariyata pre kinder lamaingen PHD ekata igena gannawa wage mage hithata denenne

  5. Kalu Albot says:

    Hora Thakkadi Paraposhitha Kahakadayo Pattiya Saasaneta awaman karanawa. Mathaka ne Dolukande Pirith Ganayage Jaawaarama?

  6. Pohottu says:

    🤣🤣🤣🤣🤣🤣🤣🤣

  7. 0.00069 BIYYO says:

    පිරිත් වලින් ගොඩදාන ලෙවල් එක පැනලා තියෙන්නෙ .තොයිලයක් තමයි දැන් හරියන්නෙ

    • Dulmina says:

      අඩුම තරමින් පන්සිල්වත් රැකගෙන තමන්වවත් ගොඩදාගන්ඩ බැරි මහායාන ගණින්නාන්සේලා සෙට් එකක්,
      රට ගොඩ දාන්ඩ එඩිතර වෙලා…
      හේහ් , හෙහ්, හෙහ් !!!

      🙈 🙊 🙉

  8. Dulmina says:

    👍👍👍

Main News