භික්‍ෂු විරෝධතාවයට කදුළු ගෑස් හා අධිපීඩන ජල ප‍්‍රහාර..

April 26, 2018 at 4:40 pm | lanka C news
භික්‍ෂු විරෝධතාවයට කදුළු ගෑස් හා අධිපීඩන ජල ප‍්‍රහාර..

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය විසින් කොළඹ පැවැත්වූ විරෝධතා පා ගමනට පොලීසිය විසින් අධි පීඩන ජල හා කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර ඇත.

මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරියේදීය.

විරෝධකාවය පැවැත්වූයේ 2016-17 අධ්‍යයන වර්ෂයට සරසවි සිසුන් බඳවා ගැනීම කර ඇතත් බෞද්ධ දර්ශනය හා බෞද්ධ අධ්‍යයනය විෂයන්වලට සිසුන් බඳවා ගැනීම නතර කර ඇතැයි ඊට විරෝදය පල කරමිනි.

විරෝධතානය හේතුවෙන් පුරහල අවට ඇතිව තිබෙන්නේ දැඩි රථ වාහන තදබදයකි.

විරෝධතාවයේ යෙදුනු භික්‍ෂූන් වහන්සේලා ඇතුළු සිසුන් දස දෙනෙකු පමණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

156 views