භික්ෂූන් වහන්සේලාට ඉන්ෂුවරන්ස් එකක්..
January 9, 2021 at 4:40 pm | lanka C news
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණ ක්‍රමය හඳුන්වාදීම 08 දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
නව රක්ෂණ ක්‍රමය හඳුන්වා දෙමින් ගරු අග්‍රාමාත්‍යතුමා මහා සංඝරත්නයට රක්ෂණ සහතික පත් පිළිගැන්නුවේය.
සංඝයා වහන්සේලාගේ මව, පියා, සහෝදර සහෝදරියන් රජයේ රෝහලක හෝ පෞද්ගලික රෝහලක රෝහල්ගත වීමකදී දිනකට රුපියල් 1000 බැඟින් රු.15000 ක උපරිමයක් සහ රෝහල්ගතව සිදු කරනු ලබන වෛද්‍ය පරීක්ෂණයකදී හෝ ඖෂධ සඳහා රුපියල් 25000 ක උපරිමයක් දක්වා ගෙවීම මෙම රක්ෂණ ක්‍රමයට අයත්ය.
රුපියල් 2000 ක මුදලක් පමණක් මේ සඳහා වාර්ෂිකව ගෙවිය යුතු අතර, එය පුණ්‍ය කටයුත්තකදී සැදැහැවතුන්ට පූජා කිරීමේ හැකියාව ඇත.
මෙම රක්ෂණ අවස්ථාව ඉදිරියේදී අන්‍යාගමික පූජකතුමන්ලා වෙනුවෙන් ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද මෙහිදී අවධාරණය විය.
එමෙන්ම සසුනට දරුවන් පූජා කළ, නිවසක් නොමැති දෙමාපියන් සඳහා නිවසක් ලබා දීමේ “ මිහිඳු නිවාස” යෝජනා ක්‍රමයට නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යතුමා මේ වන විටත් මුදල් වෙන් කර ඇති බව ප්‍රකාශ කළ මහාචාර්ය ඉදුරාගානේ ධම්මරතන නාහිමි බුද්ධශාසනය වෙනුවෙන් ඉටුකරන සේවාව පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමාට ප්‍රණාමය පුද කළහ.
ඉඩමක් හිමි එහෙත් නිවසක් ඉදි කර ගැනීමට නොහැකි සංඝයා වහන්සේලාගේ දෙමාපියන් වෙනුවෙන් එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 06 බැඟින් නිවාස 2000 ඉදි කිරීම සඳහා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මේවනවිටත් මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබේ.
මෙම අවස්ථාව සඳහා කොළඹ නව කෝරළයේ හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය දිවියාගහ යසස්සී නාහිමි, නාරාහේන්පිට අභයාරාමාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි, බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති අති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමි, කැලණිය රජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, විද්‍යෝදය මහා පරිවේණාධිපති බලංගොඩ සෝභිත නාහිමි, මහාචාර්ය ඉදුරාගානේ ධම්මරතන නාහිමි ඇතුලු මහා සංඝ රත්නය වැඩම කළ වදාළහ.
රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, බුද්ධශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරිප්පෙරුම, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ජගත් වැල්ලවත්ත ඇතුලු මහත්වරු රැසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
රොහාන් වැලිවිට
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්
ආණ්ඩුව ධර්මය විකෘති කරයි
භික්ෂුන් වහන්සේලාට රක්ෂණයක් අවශ්‍ය නැ. ඒ වෙනුවට ඔනේ බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් පිහිටවන ලද මණ්ඩලයක් දුක සැප පවුල්වල ප්‍රශ්න සොයා බැලිමට. මෙය ප්‍රායෝගිකව හැගිමෙන් කලයුතු දෙයක් මිස කළමණාකරන කල යුතු දෙයක් නෙවේ. බුදු දහම විකෘති කරන්නෙ නැතුව වහාම දුකසැප බලන මණ්ඩලයක් පිහිටුවන්න. තව ගොඩක් ප්‍රශ්න තියෙනවා බස් එකක මුදල් පාවිචිචියෙන් තොරව යන්න විදියක් නැ මේ ඔක්කොම විසදන්න ඔනේ. ආපසු කියනවා කළමනාකරණය නෙවෙයි හදවතෙන් එන හැගිමෙන් විසදිය යුතුයි. නැතිනම් පුලුවන් සිංහල දිප ජාතික පෙරමුණට බලය දිලා යන්න.
මේ නිවුස් එක දාපු කෙනාට වගේම කොමෙන්ට් කරන තොපි වගේ හරක්ටත් මොළේ නෑ. මේ ඉන්ශුවරන්ස් එක තියෙන්නේ භික්ෂූන් වහ්නසේලාගේ ඥාතීන්ට. බුරන්න කලින් නිවුස් එක කියව්පිය.
ලවුඩ්ස්පීකර් මහ හයියෙන් දාලා අහල පහල මිනිස්සුන්ගේ කන්දෙක පැලුනම බෙහෙත් ගන්න රක්ෂණයක් දෙන්නෙ නැද්ද ?
කුඩා සාමනේර භික්ෂූන් වහන්සේලාටත් හෙල්ත් ඉන්ෂූරන්ස් එකක් අවශ්‍යයි ලින්ගික අතවර ආපදා කවර් කරන .ඒත් ඉතින් සාමනේර කට්ටිය ට මොනා උනත් මොකෝ මහතැන් කීපයක් බැලන්ස් කරන එකනෙ ඕනි මේ වෙලාවෙ.
ඔබ හරි. මේ ගණින්නාන්සේලාට තියෙන සල්ලි කන්දරාවේ හැටියට බම්බු රක්ෂණ දෙන්නේ මහතැන් බැලන්ස් කරන්න තමයි.
RANVALA, KIYALA HITAGENA ASUCHI WALAKA WATILA COMMENT KARANA
NARUMAYA, ME PRAWURTHIYA HARIYATA KIYAWALA WATAHA GANIN,
ADUMA TARAMIN 5, PANTIYAWATH SAMATH WENTA BALAPAN,
ඔය ගමන්ම ” නිවන් මඟේ වඩින්න ” කියලත් මතක් කලා නම් හොඳයි නේද ?
Siyalude athharala/ athhareemata mahanauna pudgalayanta rakshana ho wenathde laba deemen wenne aluthin bandeem athikireemaki?
නාග රාජ 😀
Pada Gon Drama… also New Drama..🤣
Why only to Buddhist Monks, why not to other religious monks as well. If not given to all it would be another Human Rights Violation of other religious monks. Another clause to UN Human Rights motion.
This is another political ploy by MR. Besides this further induces to make monkhood a profession. Stupidity or mere political shrewdness?
Very good initiative. Now the clergy don’t need cash money from laity to provide for their families who need money to receive medical treatment. Sadu, sadu, sadu. I am happy that this scheme is to be extended to clergy from other religions too.