භික්ෂූන් වහන්සේලාට කොරෝනා එන්නත දීම ඇරඹේ…
February 20, 2021 at 12:40 pm | lanka C news
භික්ෂූන් වහන්සේලා ඇතුළු අනෙකුත් ආගමික නායකයන්ට කඩිනමින් කොවිඩ්-19 එන්නත ලබා දෙන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ භික්ෂූන් වහන්සේලාට කොවිඩ් එන්නත ලබා දීම අද දිනයේ ආරම්භ කරනු ලැබේ.
පූජ්‍ය පක්ෂයට කඩිනමින් එන්නත් ලබාදීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යතුමා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව කඩිනමින් එම එන්නත් දිවයිනම ආවරණය වන පරිදි සියලුම භික්ෂූන් වහන්සේලා ඇතුළු අනෙකුත් ආගමික නායකයන්ට ලබා දෙනු ඇත.
මෙම වැඩපිළිවෙළ යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ භික්ෂූන් වහන්සේලාට කොවිඩ් එන්නත ලබාදීම හෙට දිනයේ ආරම්භ වීමට නියමිතය.
රොහාන් වැලිවිට
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්
විදගත්තට කමක් නෑ… අපිට දැන් හැදෙන්නෙ නෑ කියලා .. මිනිස්සු ගෙන්නාගෙන පුළුවන් තරම් හයියෙන් අහල පහල මිනිස්සුන්ගේ කන් පැලෙන්න ලවුඩ්ස්පීකර් දමාගෙන ඩෙඟා නටලා සල්ලි ගරන්න එහෙම හදන්නෙපා… මිනිස්සු දුකසේ උපයා සපයා ගන්නා මුදල් එව්වා…
මුස්ලිම් පල්ලිවල උදේ පාන්දර අල්ලා-හුකාපාර් කියල කෑමොරදෙන එක ගැන එකෙක් මීක් කියන්නෙ නැහැ.
Very very important to inoculate them now! They should live even if others die! They are the root cause for all issues in our country!
What about school children.
eeta passe unwahanselaata puluwani abiththayanta denna!!
බහුතරයකට එන්නත දුන්නට පස්සේ රට පුරාම රතන සූත්‍රය සජ්ජායනේ කරල ඒ ආනුභාවයෙන් කොරොනා දුරු කරන්න කටයුතු කරමු.