භික්‍ෂූන් වහන්සේලාට රියදුරු බලපත්…? අයදුම්පතක් අන්තර්ජාලයේ..

April 3, 2021 at 1:20 pm | lanka C news
භික්‍ෂූන් වහන්සේලාට රියදුරු බලපත්…? අයදුම්පතක් අන්තර්ජාලයේ..

භික්ෂූන් වහන්සේලාට රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් පියවර ගෙන ඇති බව සඳහන් කරමින් අයදුම්පතක් සමාජජාලාවල වෙත සංසරණය වෙමින් ඇත.

නමුත් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කරන්නේ මෙම කටයුත්ත බුද්ධ ශාසනය හා භික්ෂූන් වහන්සේලා අපහාසයට අපකීර්තියට පත් කිරීමේ අරමුණින් සැලසුම් සහගතව සිදු කරන ලද්දක් බවයි.

රියදුරු බලපත‍්‍ර භික්ෂූන්වහන්සේලාට ලබාදීමට අමාත්‍යාංශය මඟින් කිසිදු පියවරක් ගෙන නැතැයි ද එය මෙරට නීතියෙන් තහනම් කර ඇතැයි ද ලේකම්වරයා සඳහන් කළේය.

අදාළ ව්‍යාජ අයුරින් සකස් කර ඇති අයදුම්පත සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර ඇතැයි ද ඔහු තව දුරටත් කියා සිටියේය.

14,708 views

13 Comments to “භික්‍ෂූන් වහන්සේලාට රියදුරු බලපත්…? අයදුම්පතක් අන්තර්ජාලයේ..”

  1. කැප්පෙටිපොළ says:

    විනය පිටකය ආශ්‍රිතව කපටින්ගෙ ප්‍රශ්න විසදිම කිරිබත්ගොඩ හිමි හා දියසෙන් කුමාරයා
    මම පොත් හයක් විනය පිටකය ආශ්‍රිතව අපරාධ නඩු හා කපටිකම් වලට පළකරනවා. මෙය මගේ අවසාන උත්සහායයි
    1 අපරාධ නඩු තොරාගැනිම විමසුම
    2 අපරාධ නඩු විනිශ්චය කරන ආකාරය
    3අපරාධ නඩු හා නිතිඤයන්ගේ ජිවිතය වෙනස් කිරිම හා නිති උපාසක නඩය බිහිවිම
    4අපරාධ නඩු හා කුරිරු දඩුවම් හා මරණිය දණ්ඩනය
    5නිතිය හා සිවිල් නිතිය
    6 සිවිල් නිතියේ පසුබිම හා විනිශ්චය

    • කමල් ගේ අම්මට.. says:

      හැම එකටම බෞද්ධ ධර්මය පට්ලගන්නේ නැතුව යන තැනක ගිහින් කැමති එකෙකුට කියලා ඇරවාගනින් මල් පොන්නයා. තොපි වගේ උන් බුදුන් වැඩ සිටි කාලෙත් සිටියා.

  2. mahinda perera says:

    ඕක මොකක්ද අර පිටි දුවේ සිරිධම්මයා කරන වැඩ බැලුවම

    • පොඩි එකා says:

      ආ හා, ඒම කියන්න එපා
      සමංතබඩ්ඩ සමංතබඩ්ඩ කියහං.
      නැත්තං තෝව අල්ලං යන්ඩ එයි බක්තිකයො, රෙද්ද උස්සන.

  3. Chandi Kolla says:

    This seems to be another part of mud slinging campaign against the Government as all the early campaigns of environmental issues and Afoltoxin mixed coconut oil are drying up.

  4. රත්න අප්පුහාමි says:

    නියමයි…

    ලෝභ ද්වේශ මෝහ නසා Benz වලින්ම highway එකෙන්ම නිවන් යන්න

  5. රටවැසි says:

    සිවුර පැත්තකින් තියලා කුණුහරුප කියමින් රංඩුවට යන එකේ , ඕක මොකද්ද ආයිබෝං . ඉස්සරහට තව හරි හරි ජාති කොරාවි . අනිච්චං සාසනේ .

  6. Kiribanda says:

    Gehenuth ganilla elipitama. Niwan lan weyi.siwura galawala mewa karapalla

  7. 😢පොඩි හාමුදුරුවො😪 says:

    සෙල්ලම් කාර් පදවන කල වයසෙදි අපේ අම්මා ශාසනයට මාව පූජා කරලා කිව්වේ..
    ” ශ්‍රද්ධාශිල සම්පන්න හාමුදුරුවරු ඉන්නේ අතලොස්සකි අද අප රටේ..”
    චීවරය අඳින පොඩි හාමුදුරුවරු ඉන්නේ බොහෝ අතලොස්සකි..!
    ඉතින් ඒක රකින්න…!!

  8. Saradiel says:

    මෙය හොද ක්‍රියාවක් ගමේ පන්සලට වාහනයක් තිබෙනවානම් හදිසි ආන්ත්‍රවකදී දුප්පත් අයට මහලු අයට , උපකාර කිරීමට මෙය හොද අවස්ථාවක්.

  9. හොට්ටුවට කඩේ ගිය මෝඩ බයියා says:

    මෙහෙ නම් හාමුදුරුවරු ලංකාවේ වගේ නෙමේ. දැඩි නීති රීති දාලා හිරකරලා ස්ට්‍රෙස් කරලා පන්සල් ඇතුලේ බලෙන් තියං ඉන්නේ නැහැ. ඕන වාහනයක් ගන්න එලවන්න ඕන කෑමක් බිමක් ( බියර් උනත්) ගන්න ඕන කෙනෙක් ආශ්‍රය කරන්න පුළුවන්. ඔන්නම් රස්සාවක් වගේම පරස්ථාවක් කරගන්නත් පුළුවන් සල්ලි තියනවානම් . මිනිස්සු ඒවා ගැන වද වෙන්නේ නැහැ. උදේට හවසට යන එන ගමන් කාසියක් විසිකරලා දෙයියන්ගේ න් හැම දෙයක්ම දෙන්න කියලා ඉල්ලා ගන්නවා. ලංකා වේ වගේ සිවුරත් නැහැ ලොකු සීන් ත් නැහැැ
    .

  10. හොට්ටුවට කඩේ ගිය Japan කොල්ලා says:

    මෙහෙ නම් හාමුදුරුවරු ලංකාවේ වගේ නෙමේ. දැඩි නීති රීති දාලා හිරකරලා ස්ට්‍රෙස් කරලා පන්සල් ඇතුලේ බලෙන් තියං ඉන්නේ නැහැ. ඕන වාහනයක් ගන්න එලවන්න ඕන කෑමක් බිමක් ( බියර් උනත්) ගන්න ඕන කෙනෙක් ආශ්‍රය කරන්න පුළුවන්. ඔන්නම් රස්සාවක් වගේම පරස්ථාවක් කරගන්නත් පුළුවන් සල්ලි තියනවානම් . මිනිස්සු ඒවා ගැන වද වෙන්නේ නැහැ. උදේට හවසට යන එන ගමන් කාසියක් විසිකරලා දෙයියන්ගේ න් හැම දෙයක්ම දෙන්න කියලා ඉල්ලා ගන්නවා. ලංකා වේ වගේ සිවුරත් නැහැ ලොකු සීන් ත් නැහැැ
    .

Leave a Comment

Main News