භූගත නල පද්දතියක් හාරද්දි මිනිස් ඇටසැකිලි මතුවෙයි…

July 23, 2018 at 2:35 am | lanka C news
භූගත නල පද්දතියක් හාරද්දි මිනිස් ඇටසැකිලි මතුවෙයි…

යාපනය කල්වියන්කාඩු ප්‍රදේශයේදී භූගත ජල නල පද්දතියක් එලමින් සිටි සේවකයින් පිරිසකට මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමු වී ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

කල්වියන්කාඩු නායන්මාර් කැලෑ ප්‍රදේශයේදී භූගත ජල නල පද්දතියක් එලීම සඳහා ඊයේ (21) සේවකයින් පිරිසක් පොළව හාරමින් සිටදී අදාල මිනිස් සිරුරේ අස්ථි බවට සැක කෙරෙන අස්ථි කිහිපයක් හමු වී ඇති අතර එම සේවකයින් විසින් ඒ බව යාපනය පොලීසියට දැනුම් දී ඇත.

කිලිනොච්චිය ඉරණමඩු සිට යාපනය දක්වා පානීය ජල නල පද්දතියක් ඉදිකිරීම සඳහා මේ දිනවල පොළව හැරීම සිදු කරන අතරතුර පොළව අඩි 3ක් පමණ හැරීමෙන් පසුව මෙසේ මිනිස් අස්ථි කොටස් හමුව ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

අදාල අස්ථී හමුවීඹ පිළිබඳව යාපනය පොලීසිය විසින් මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇති අතර මේ වන විට මිනිස් අස්ථි හමු වූ ස්ථානයේ ජල නල පද්දතිය සඳහා හෑරීමේ කටයුතු තාවකාලිකව නවතා ඇති අතරම එම ස්ථානයේ කැනීමක් සිදු කිරීමටද පියවර ගෙන ඇති බවටද යාපනය පොලීසිය කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

28 views
Main News