භූමිතෙල් සැපයුම සීමා කරයි.. ඉන්ධන මිල වැඩිකිරීම බැසිල් අතට..

November 9, 2021 at 2:10 pm | lanka C news
භූමිතෙල් සැපයුම සීමා කරයි.. ඉන්ධන මිල වැඩිකිරීම බැසිල් අතට..

ගොවි සහ ධීවර ප්‍රජාව වාසය නොකරන ප්‍රදේශවලට භූමිතෙල් නිකුත් කිරීම සීමා සහිතව සිදු කරමින් සිටින බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගෑස් වෙනුවට භූමිතෙල් භාවිතයෙන් ආහාර පිසීමට ජනතාව පෙළඹී සිටින බවත් ඒ නිසා භූමිතෙල් සඳහා විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බවත් ඔහු පවසයි.

එමෙන්ම මේ දිනවල බස් රථ පවා භූමිතෙල් වලින් ධාවනය කිරීමට පටන් ගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

ජනතාවද දැවැන්ත පීඩනයක සිටින නිසා රජය විශාල පාඩුවක් දරමින් ඉන්ධන මිල වැඩි කිරීමක් සිදු නොකළ බවද ඔහු සඳහන් කළේය.

නමුත් මෙම අයවැය මාසයේදී ඉන්ධන මිල තීරණය කිරීම මුදල් අමාත්‍යතුමාට භාර කාර්යයක් බවත් ඔහු කියා සිටියේය.

බලශක්තිය අමාත්‍යාංශය පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

68,010 views

13 Comments to “භූමිතෙල් සැපයුම සීමා කරයි.. ඉන්ධන මිල වැඩිකිරීම බැසිල් අතට..”

  1. අර says:

    ඓතිහාසික සමාජ සංවර්ධනයේ ප්‍රථිපලයක් ලෙස,වයෝවෘද අධිරාජ්‍යවාදයේ නියෝජිතයන් වන ලෝකල් ධනපති පංතියේ රාජ්‍ය කඩාගෙන වැටෙන විට,ඒ සමගම තවදුරටත් පවත්වාගත නොහැකිව එහී රාජ්‍ය සේවය ඇතුලු සියලු අවයව සහ උපාංගද කඩාගෙන වැටීම සිදුවන හා සිදුවිය යුතු දෙයකි.ඒ ගැන කම්පා නොවන්න.

    • Daya says:

      1. මෙව්වට කොමෙන්ට් දාන තරමෙන් පෙනෙන්නේ නැහැ 3% යි උන්ට තියෙන්නේ කියලා

      2. කෝටි 5 ක් වියදම් කරනවද කියලත් හිතෙනවා.

      3. චිට් එකෙන් පණිවිඩ එවලා රට වහන යුගයට ආයෙත් යනවා වගේ. ගුරු විකාරෙට දෙමව්පියෝ බලෙන් ගෙනාව එකෙනුත් එහෙම පෙනෙනවා.

      ලඟදි කවුද කිව්වා උගත්තු කතා නොකිරීම තමයි ප්‍රශ්නේ කියලා. එහෙම නැති උනොත් 3% බලෙන් රට වහලා ලොකු විනාශයක් කරන්න යනවා.

      • තිලකා says:

        සම්පූර්ණ ඇත්ත. දැන් මිනිස්සුන්ට නිදහසේ කතා කරන්න ජෙප්පෝ ඉඩ දෙන්නේ නැහැ ගම් වල.

  2. Joy says:

    මුදල් අමාත්‍යතුමාට භාර කාර්යයක්…. මොකද්ද ඒ කතාවේ තේරුම? පොහොට්ටුවේ ඇමතිලා බැසිල්ගේ පදයට නටන නැට්ටුවන්ද ? ඔහු ද්විත්ව පුරවැසියෙක් ඔහුට අපේ රට ජාතිය ගැන ආදරයක් ගෞරවයක් තැකීමක් නැහැ ..බැසිල් මහජනතාව ජන්දෙන් පත් කල පුද්ගලයෙක් නොවේ .. ඔහුගේ මඩිය තරකරන් ආපසු යයි අර්ජුන් මහේන්ද්‍රන් මහා බැංකුව මං කොල්ලා කෑවා වගේ …ඒ හොරා තාමත් නිදැල්ලේ

  3. රටවැසි says:

    ගෑස් නැති හින්ද ලාම්පු තෙල් වලින් උයාගෙන කන්න හැදුව , එහෙමවත් කන එක වැරදියිද .අපි කන්න ඕනම නැද්ද , තොපි විතරක් කෑවාම ඇද්ද . එහෙම කෑවාම , අපේ බඩ පිරෙනව ද . දන්න කෙනෙක් කියා දෙනවද .

  4. කෝසල says:

    පොහොට්ටු ලේකම් දකිද්දී මාර කාලකන්නි සතුටක් දැනෙනවා!

  5. Jude perera says:

    Denna sahayogen wede denna yanne

  6. LalithM says:

    තෙල් ගහන්න දන්න පොරටම තෙල් භාරදීල. දෙන් ෂැපයි.

  7. මරා says:

    කමක් නෑ බැසිල් මල්ලි …රට හදන්නනේ ….ඕක තව ටිකක් වැඩිකරලා දාන්න ……අපි කලුවරේ ඉන්නං

    • Sky says:

      බැසිල් ලොක්කගේ MCC කළු තරුව පායන විට ආලෝකය රටට ලැබේවි ..මුළු රටේම ජනතාව තමන්ගේ සිංහල මව්බිමේ ම විදේශිකයින්ගේ වහලුන් බවට පත් වී ..කාටද ආඩම්බරේ පොහොට්ටුවේ කුරහන් සාටකයට නොවේද ?ඔවුන්ට කඩේ යන බත්කන මීහරක් දැන්වත් සිදුවන විපත තේරුම් ගනිව්

  8. සන්තෝසයි says:

    අපි පුන්නක්කු කන්න පටන් ගත්තොත් නරකද?

  9. sam says:

    වැඩිකරල වැඩේ වැරදුනහම මෙයා කියයි මම නෙමෙයි කලේ, මම දන්නෙත් නැහැ කියල. මෙයා හැම සම්පතක්ම විකුනල විනාශ කරල වෙන කෙනෙක් පිටදාල ඇග බෙර ගන්නව.