භූ චුම්බක සූර්ය කුණාටුවක් පෘථිවියට.. දුරකතනවලට බාධා…

July 12, 2021 at 10:02 pm | lanka C news
භූ චුම්බක සූර්ය කුණාටුවක් පෘථිවියට.. දුරකතනවලට බාධා…

භූ චුම්බක සූර්ය කුණාටුවක් පෘථිවි වායුගෝලයට බලපානු ඇතැයි අපේක්ෂා කරන අතර කාලගුණ විශ්ලේශකයින් අදහස් කරන්නේ සූර්ය කුණාටු හේතුවෙන් පෘථිවියේ පිටත වායුගෝලය රත් විය හැකි අතර එය චන්ද්‍රිකාවලට සෘජුවම බලපාන බවයි.

Spaceweather.com වෙබ් අඩවිය සදහන් කරන ආකාරයට කුණාටුව කිලෝමීටර් මිලියන 1.6 ක වේගයෙන් පෘථිවියට ළඟා වේ. එය සූර්යයාගේ වායුගෝලයෙන් ආරම්භ වී ඇති අතර පෘථිවි චුම්බක ක්ෂේත්‍රය ඇති අභ්‍යවකාශ කලාපයට දැඩ් බලපෑමක් ඇති කරවනු ඇති බවට එම වෙබ් අඩවිය සදහන් කරයි.

මෙමගින් GPS navigation, mobile phone signal, සැටලයිට් ටීවී වලට බාදා ඇතිවිය හැකි අතර විදුලි රැහැන් වල ධාරාවද ඉහල යාමේ හැකියාවක් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරයි.

මොකක් ද මේ Solar Storm

මේ වසරේ මැයි මාසයේදී රත් වූ ගෑස් ටොන් මිලියන ගණනක් සූර්යයාගේ මතුපිටින් ඉවත් වී සැතපුම් මිලියන 90 ක් පෘථිවිය දෙසට ගමන් කළේය. දැන් එම තාපය පෘතුවි වායුගෝලයට ඇතුලු වෙමින් පවතී. එය වසර ගණනාවක් තිස්සේ දැක ඇති ශක්තිමත්ම භූ චුම්භක කුණාටුවට බව බ්ලූම්බර්ග් වාර්තා කරයි.

1989 මාර්තු මාසයේදී එක්සත් ජනපදයේ ඇතිවූ සූර්ය කුණාටුවක් නිසා පැය නවයක් පුරා ඇනහිටීමක් සිදුවිය. මීට පෙරත් පෘතුවියට දරුණු සූර්ය කුණාටු ඇතුල් වී ඇති අතර ගිණි ගැනීම් පවා ඇති වී ඇත.

‍Repost from – Bangzgeek.com

80,519 views

10 Comments to “භූ චුම්බක සූර්ය කුණාටුවක් පෘථිවියට.. දුරකතනවලට බාධා…”

  1. අරුණ says:

    අපි බය උනා

  2. කැලණියේ නයා says:

    ලෝකෙටම ණය වෙලා ඩොලරෙ රොකට් වෙලා බඩු මිල අහස උසට ගිහින් කොරෝනා මරානා වෙලා පරිසරේ කෙලම වෙලා පජාතම වෙලා ඉන්න අපිට තව මොන කුණාටුව ආව කියල මොනව වෙන්නද ?

    • 🤣🤣🤣🤬 says:

      ලිඳේ ඉන්න මැඬියන් හොයන නයා
      වගේ ලියයි අදහස් මේකටම සොයා
      ලිං මැඬියට ඇති මොලෙ නැති නයා
      හැව ඇරියම ගැරඬියෙකිය මේ නයා

    • ලපයා says:

      කවුද බොලේ නයා…අනුර පිබිනවා නයා නටනවා

  3. Prabhath Kanishka says:

    supiri

  4. 🤣🤣🤣🤬 says:

    දුරකතන ලාංචනය පක්‍ෂයට අනේ
    කුනාටුව වැදුනොත් බලයට හනේ
    බේරාගත නොහැකි චුම්බක අනේ
    සෘජුව නැගිටවයි අලි බලයට පනේ

  5. පොඩි එකා says:

    මොන්න බූ චුම්බකද, අපෙ බැසිල් ස එක්ක. බැසිල් ස ට මොල හතක් තියනවා. ඕක කොහෙ නටන්ඩද.

  6. Tikiri says:

    රාවණ රූප මතු වෙන්නේ නිකං නෙවේ. රූපේ මතුවුන ගල මැදල වතුර බිව්වනන් 120ට 220ක් ආයුෂ. කොරෝන නිට්ටාවටම සුවයි. වැඳගෙන සාදු කියපල්ලා යකුනේ.

  7. මොහම්මඩ් says:

    සියල්ල සිදුවන්නේ අල්ලාගේ කැමැත්ත මතය්. අල්ලාහු අක්බාර්.

  8. සාටර් says:

    ආපෝ දැනටත් මොබයිල් සර්විස් පට්ටම සවුත්තුයි තවත් සාටර් වෙන්නද යන්නෙ? අපරාදෙ ඕවට ගෙවන සල්ලි