මංගලගේ මනහර ලේකම් වාර්තාවක් තියයි..
August 20, 2017 at 6:26 am | lanka C news
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන පැය දෙක තුනක කාලයක් ඇතුලත පොලිස් ඇප මත මුදා හැරුණු මෙරට සිටින එකම පුද්ගලයා ඇමති මංගල සමරවීරගේ මහජන සම්බන්ධතා නිලධාරියා බව ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
රත්නපුරයේදී පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු කියා සිටියේ මත්කුඩු සමග අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකු සාමාන්‍යයෙන් පොලිස් ඇප මත මුදා නොහරින බවත් මෙම පුද්ගලයා මුදා හැර ඇත්තේ ඇමති මංගල විසින් පොලිසියට කල දැඩි බලපෑම් මත බවත්ය.