මංගලගේ ලේකම් මත්ද‍්‍රව්‍ය ගැන දන්නෙවත් නෑ.. අහුවුනෙත් සුට්ටයි.. අති විශේෂ පොලිස් පරීක්‍ෂණයෙන් හෙලි වෙයි.. වහා මුදා හැරේ..

August 7, 2017 at 10:00 am | lanka C news
මංගලගේ ලේකම් මත්ද‍්‍රව්‍ය ගැන දන්නෙවත් නෑ.. අහුවුනෙත් සුට්ටයි.. අති විශේෂ පොලිස් පරීක්‍ෂණයෙන් හෙලි වෙයි.. වහා මුදා හැරේ..

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මත්ද‍්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන සිටි ඇමති මංගල සමරවීර මහතාගේ ලේකම්වරයකු ඇතළු පිරිසෙන් එක් පුද්ගලයෙක් පමණක් රක්‍ෂිත බන්ධනාගාර ගත කර ලේකම්වරයා ඇතුළු පිරිස ඇප මත මුදා හැර ඇත.

අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලීසිය විසින් කල අති විශේෂ පරීක්‍ෂණයකදී හෙලිව ඇත්තේ මෙම මත්ද‍්‍රව්‍ය සදහා ඇමති මංගලගේ ලේක්ම්වරයාගේ කිසිදු සම්බන්ධයක් නැති බවයි.

වාහනයේ මත්ද‍්‍රව්‍ය ඇතැයි රිමාන්ඩ් කරන ලද පුද්ගලයා හැර අන් කිසිවෙකු දැන නොසිටි බවත් අත්අඩංගුවට පත්වූයේ මත්ද‍්‍රව්‍ය ඉතා සුළු ප‍්‍රමාණයක් බවත් ඇමතිවරයාට හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කර ඇත.

74 views