මංගලටත් බැරි වූ ඉන්ධන මිල සූත්‍රය කබ්රාල් අර්ථ නිරූපනය කරයි..
October 22, 2018 at 12:00 pm | lanka C news
මංගල සමරවීර මුදල් ඇමතිවරයා විසින් මෑතකදී එළි දක්වන ලද ඉන්ධන මිල සූත්‍රය හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අර්ථ නිරූපණය කරයි.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ පැවදි ‘එළිය’ උත්සව සභාවක් අමතමින් ඒ මහතා කියා සිටියේ එම MRP යනු ‘මෛත්‍රී රනිල් ප්‍රතිපත්තිය’ විය හැකි බවයි.
මූලින්ම මුදල් ඇමැතිවරයා කීවේ එය ඉතා සංකීර්ණ සූත්‍රයක් බව වුවත් දැන් එය ඉතා සරල බව කියන බවද සඳහන් කළේය.
එම සූත්‍රයේ V1 යනු දේශපාලන දර්ශනය, වෙන්කිරීම විය හැකි බවත් V2 යනු විකෘති කිරීම විය හැකි බවත්, V3 යනු දේශීයකරණය, වෛරය පැතිරවීම විය හැකි බවත්, V4 යනු වෙට්ටු දැමීම, චංචාව විය හැකි බවටත් ඔහු එහිදී කියා සිටියේය.
MRP – මෛත්‍රී රනිල් ප්‍රෝඩාව
Mangalayage boru soothraya evarai. Minihage reddath galavila.
යමපාලනයේ ඉන්න සැවොම මෝඩ රැලක් ඉක්මන්කර පන්නමු
මෛත්‍රී, රනිල්, පින්සිරි වෙන්න බැරිද?
kabaralayalage wada hinda thamai ratay arthikayata hena gahuwe.