මංගලට ආර්ථිකය ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ.. අයවැය ලස්සන නම් ටිකක් පමණයි.. මංගලට වාණිජ අංශයේ සුළු රස්සාවකටවත් සුදුසුකම් නෑ..- ආර්ථික වියතෙක් කියයි..

March 7, 2019 at 1:20 pm | lanka C news
මංගලට ආර්ථිකය ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ.. අයවැය ලස්සන නම් ටිකක් පමණයි.. මංගලට වාණිජ අංශයේ සුළු රස්සාවකටවත් සුදුසුකම් නෑ..- ආර්ථික වියතෙක් කියයි..

2019 වසර සදහා ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වියත්මග කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී මෙම අදහස් පල කලේය.

අයවැය ලේඛනය අනුව, ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණයබරතාවය දැන් 91% දක්වා වැඩිවෙලා. 2014 දී තිබුණේ 71% පමණි.

“enterprise srilanka” යනු ණයදීමේ ක්‍රමවේදයකට ලස්සන ආකර්ෂණීය නම් ටිකක් දැමීම පමණයි. මේවා කළ යුත්තේ බැංකුවල වාණිජ් අංශයන් මිස, රටේ මුදල් ඇමැතිවරයා නොවේ.

මංගල සමරවීරට අප රටේ ආර්ථිකයේ ප්‍රශ්න පිළිබඳව කිසිම අවබෝධයක් නෑ. රුපියල බාල්දු වෙනවා. සංචිත කඩා වැටෙනවා. පොලී අනුපාතය වැඩි වෙනවා. සේවකයන් දහස් ගණනින් පාරට වැටෙනවා. බඩු මිල අහස උසට යනවා. බැංකු සහ මූල්‍ය ආයතන දැඩි පීඩනයට ලක්වෙනවා.

හැමෝගේම ණය දිනපතාම වැඩි වෙනවා. රජයේ ආයතන වල අර්බුද වැඩිවෙනවා. කිසිම ග්‍රාමීය සංවර්ධනයක් නැහැ. යටිතල පහසුකම් නඩත්තු වෙන්නෙ නැහැ. අලුත් යටිතල පහසුකම් නැහැ. පෞද්ගලික අංශය අධෛර්යමත් වෙලා. කිසිම ආයෝජනයක් කරන්නේ නැහැ. විදේශ ආයෝජකයින් තමන්ගේ සල්ලි අරගෙන යන්න යනවා. රටේ ආර්ථිකමය දිසාව පිළිබඳව කිසිම ඉඟියක් නැහැ. ජනතාවට බදු පිට බදු වැටෙනවා පමණයි වෙන්නේ. ජනතාවගේ පීඩනය ඉවසන්න බැරි තැනකට ඇවිල්ලා.

මේ ප්‍රශ්න එකකටවත් විසඳුම් නැහැ. මේවට විසඳුම් නැත්නම්, අයවැයක් ඉදිරිපත් කළාට වැඩක් නැහැ. එවැනි අයවැයකින් ඇති ප්‍රයෝජනය කුමක්ද?

වැඩබැරි කට්ටිය වැදගත් තැන් වලට පත්වුණාම මෙවැනි විපත්ති සිදුවීම පුදුමයක් නෙවෙයි. මංගල සමරවීරට මුදල් අමාත්‍යශය පිළිබඳව කිසිම දැනුමක් හෝ අත්දැකීමක් හෝ අවබොධයක් නැහැ. ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ වාණිජ ක්ෂේත්‍රයේ කිසිම සමාගමක මූල්‍ය අංශයක ඔහුට පඩියක් ගෙවලා රැකියාවක් දෙයිද? එහෙත්, අපේ රටේ අවාසනාවට, ඔහු රටේ මුදල් ඇමැති වෙලා ඉන්නවා. ඒ හරහා මුළු රටම අගාධයට ඇදගෙන යනවා. ඒ දුක විඳින්න වෙන්නේ අපේ රටේ අහිංසක ජනතාවටයි.

103 views

14 Comments to “මංගලට ආර්ථිකය ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ.. අයවැය ලස්සන නම් ටිකක් පමණයි.. මංගලට වාණිජ අංශයේ සුළු රස්සාවකටවත් සුදුසුකම් නෑ..- ආර්ථික වියතෙක් කියයි..”

  1. ගන්ජ බන්ඩා says:

    ඇඳුම් මෝස්තර කරන කොලු කාරයෙකුට මුදල් ඇමතිකම බාර දීල

    • Chandrawathi says:

      These budgets are prepared by professionals in the central bank and inputs from many other ministry officials.Cabral is trying to score browny points playing to the gallery as usual.He cannot remember his days at UNP and when he was not able to win his seat how he shifted his alligence to MARa.Bloody opportunist!!!🤪🤪🤪

      • Dilan says:

        He won his seat in the general election. He was given the smallest seat in Colombo that is why he could not win. Same thing happened to Rosy Senanayake in 2015. If he was an opportunist he would have jumped to the Maithree camp. but he stuck with MR for 4 years in opposition. Chandrawathi you need ot get your head examined.

    • ආචාර්ය ජගත් වීරසේකර says:

      යූ.බී.වන්නිනායක 1965-70 එජාප රජයේ මුදල් ඇමතිවරයායි.ඔහු ගුරැවරයෙක්. එහෙත් ඔහු විවෙිචනයන්ට අඩුවෙන් ලක්වූ මුදල් ඇමතිවරයෙක්. මහින්ද රාජපක්ෂත් මුදල් ඇමතිකම කළානෙ, එයාගෙ සුදුසුකමි මොනවද?
      මහින්දගෙ කාලෙ පුරා අවුරැදු 10 ක් ශ්‍රීලංකා මහ බැංකු අධිපතිකම දරමින් රටෙි ආර්ථිකය විනාශ කිරීමට වගකිව යුතු ප්‍රධාන අයෙක් තමයි කබිරාල්. ඔහු හඳුන්වාදුන් හෙජින් ගිවිසුම සහ ග්‍රීක බැඳුමිකර ⁣වලින් රටෙි ආර්ථිකය විනාශ උනා.

      • සියයට පහේ ගොන්මාල්හෙ ,හරක් විජේසූරියගෙ යාලුවෙක් පඩික්කම ඇරල නේද.?

  2. හූ ඇන්පී says:

    මංගල මහත්තය ආර්ථිකය දන ගත්තත් නැතත් අඩු ගානේ අපිට තේරෙන්න මොනවා හරි කියල දෙන්න දන්නවා. ඔහේ කියන මෙලෝ මගුලක් අපිට තේරෙන් නෑ. ඉලක්කම් කොහොමත්ම තේරෙන්නේ නෑ.
    බ්‍රේස්ලට් එකක්, ෆ්‍රී වයිෆයි ටිකක්, නොතෙමි යන්න කාර් එකක් ලැබෙන වැඩපිළිවෙලක් තියෙනවද ඔහෙලා ලග?

  3. Niru says:

    He and Ponil should get tuition from Rosy

    • Brahamin says:

      Some idiot say on a previous comment Cabral was loyal to MAra.
      He was with him because nobody will touch him even with a ten foot pole.
      Mara kept him because he can be easily manipulated to suit his whims and fancy’s

  4. ranjith says:

    Excellent comments, Mr Cabraal. What can we expect from a man like Mangala. Ranil and Mangala have ruined the econmoy and the business world.

  5. sunil says:

    කබ්රාල් මහතා ඉතා දක්ෂ මූල්‍ය කළමනාකරුවෙක්. ඔහුගේ කාලයේ දී ශ්‍රී ලංකා ආර්ථිකය බැබලෙන තැනකට ඔහු රැගෙන ආවා. ඔහු කියන දේ අහලා, මේ අය ඉගෙන ගෙන මේ රට සංවර්ධනය කරන්න උත්සාහ කරන්න අවශ්‍යයි. මෝඩයො වගේ ඔහුට බැනලා වැඩක් නැහැ. ඒ අය කරලා පෙන්නලා තියන අය. ඒ අයගේ උපදෙස් ගනිල්ලා.
    නැත්තං අපි ඔක්කොම ඉවරයි.

  6. Gonja basher says:

    The Sri Lankan economy is collapsing. Even in the most difficult times, Cabraal was able to manage the economy. I was at the Seylan Bank when he saved that Bank when it was about to be crashed. Cabraal is an amazing leader. Managla and Ranil can’t even come close to him.

  7. P. Chandrasena says:

    කබ්රාල් මහතා ඉතා දක්ෂ මූල්‍ය කළමනාකරුවෙක්. ඔහුගේ කාලයේ දී ශ්‍රී ලංකා ආර්ථිකය බැබලෙන තැනකට ඔහු රැගෙන ආවා. ඔහු කියන දේ අහලා, මේ අය ඉගෙන ගෙන මේ රට සංවර්ධනය කරන්න උත්සාහ කරන්න අවශ්‍යයි. මෝඩයො වගේ ඔහුට බැනලා වැඩක් නැහැ. ඒ අය කරලා පෙන්නලා තියන අය. ඒ අයගේ උපදෙස් ගනිල්ලා.
    නැත්තං අපි ඔක්කොම ඉවරයි.

  8. Open mind says:

    Greek bonds වල ආයෝජන පො.රා.ම.ක්රීඩා උළෙල ගෙන එන්න සෙල්ලම් කෝච්චියට කළ වියදම් මූල්‍ය ඔස්තාද්ලා ගේ දැනුම පෙන්නුම් කරයි

    • ranjith says:

      When you can’t meet his arguments, you come with some crap about Greek bonds or Commonwealth Games. If Cabraal had done something wrong, do you think Ranil would have just waited? Ranil can’t say anything against Cabraal, although this entire country knows that Ranil is a rogue. Mangala is not a rogue, but he just can’t match Cabraal to manage the economy. So, listen to Cabraal, and learn from him. Otherwise, hand it over to him.

Main News