මංගලට බැරි වූ දේ ජනපති කරයි.. දුම්රිය වැඩ වර්ජනය අවසන්..

August 12, 2018 at 10:40 am | lanka C news
මංගලට බැරි වූ දේ ජනපති කරයි.. දුම්රිය වැඩ වර්ජනය අවසන්..

දුම්රිය වෘත්තීය සමිති විසින් දින කිහිපයක් තිස්සේ පවත්වන ලද වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

වෘත්තීය සමිති ප්‍රධානීන් සඳහන් කරන්නේ තම ඉල්ලීම් සදහා ජනාධිපතිවරයා එකග වූ බවද  සිය වැඩ වර්ජනය අත්හිටුවන බවත් සුපුරුදු ලෙස රාජකාරි කටයුතු ආරම්භ කරන බවත්ය.

වැටුප් ගැටලුවක් මුල් කරගෙන දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් එක්ව දින කිහිපයක් තිස්සේ පවත්වන ලද වැඩවර්ජනය හේතුවෙන් ජනතාව බොහෝ අපහසුතාවයට පත් විය.

මුදල් ඇමතිවරයා විසින් දිගින් දිගටම කියා සිටියේ තමන් සමග සාකච්චාවකට ඒමට පෙර වැඩ වර්ජනය අවසන් කල යුතු බවයි. නමුත් ජනාධිපතිවරයා සමග සාකච්චාව පැවැත්වූනේ වර්ජනය ක‍්‍රියාත්මක වෙමින් තිබියදීමය.

150 views

14 Comments to “මංගලට බැරි වූ දේ ජනපති කරයි.. දුම්රිය වැඩ වර්ජනය අවසන්..”

  1. Amare says:

    Mona Boruda …Dekak Nelanakot nawatthuwa Misak

Main News