මංගල උත්සව තහනම කල් දැම්මේ හමුදාපතිගේ ඥාති දියණියකගේ විවාහ උත්සවයක් නිසාද…

May 4, 2021 at 9:20 am | lanka C news
මංගල උත්සව තහනම කල් දැම්මේ හමුදාපතිගේ ඥාති දියණියකගේ විවාහ උත්සවයක් නිසාද…

විවාහ මංගල උත්සව පැවැත්වීම අත්හිටුවීම අද දිනය දක්වා කල් දමන ලද්දේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහෝදරියකගේ දියණියකගේ විවාහ මංගල උත්සවය ඊයේ දිනට යොදාගෙන තිබුණ නිසා බවට සමාජ ජාලවල ආසන්න දින කිහිපයේදී වාර්තා පල විය.

නමුත් එම චෝදනාව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රතික්ෂේප කරයි.

ඔහු සඳහන් කරන්නේ තම සහෝදරියගේ දියණියන් දෙදෙනාම තවමත් පාසල්වියේ දැරියන් බවයි.

ඔවුන්ගේ විවාහය තව බොහෝ කාලයකට සිදු නොවන බවද ඔහු සඳහන් කළේය.

දෙරණ රූපවාහිනිය සමග පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

105,610 views

22 Comments to “මංගල උත්සව තහනම කල් දැම්මේ හමුදාපතිගේ ඥාති දියණියකගේ විවාහ උත්සවයක් නිසාද…”

  1. MD says:

    හමුදාපතිතුමනි ඔවැනි ප්‍රකාශ වලට පිලිතුරු දීමටවත් ඉදිරිපත් නොවන්න.ඔබට අපේ උත්තමාචාරය පලකරමි.ඔබට නීරෝගී සුව ලැබේවා!තෙරුවන් සරණයි!

  2. සෙරෙප්පු සුප් says:

    ගව මුත්‍ර පානය කල විට හරකුන් මෙන් හැසිරී දකින දකින හැම දෙයටම ඉවක් බවක් නැතිව ඇනගෙන යාම සිදු වේ.අපේ පුංචි අම්මාගේ වල්ලභයා හා දිනන තුරු බලා ඉන්නා ටිල්-විනයා යමක් කලොත් හත් පොලේ ගාගැන්ම නියතය​.අපේ විප්ලවීය ආචාරය​.

  3. sunimal says:

    සමහර සමාජ ජාලවල වැඩේම අනුන්ගේ රෙද්ද අස්සේ රිංගන්න යන එක පමණයි.

  4. RPLC Randeni says:

    Please do not respond this questions. Go on……..

  5. sana says:

    goo jeppange wasala kathawata balu upamawenma uththre dunna…

Leave a Comment

Main News