මංගල දේශපාලනයෙන් සමුගනී.. එක්සත් ජාතීන්ගේ ඉහල රස්සාවකට යයි…
October 2, 2016 at 10:00 am | lanka C news
විදේශ ඇමති මංගල සමරවීර මහතා දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරැන් අතරේ කතාබහක් ඇතිව තිබේ.
මෙරට දේශපාලන සම්බන්ධයෙන් යම් සිත් නොහොදකින් සිටින විදේශ ඇමතිවරයා මේ දිනවල උත්සාහ කරමින් සිටින්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ තනතුරකට පත්වීමට බවද සදහන්ය.
ඇමති මංගලද ඇතැම් අවස්ථාවල තම මිතුරන් හා පවසා ඇත්තේ තමනට ඇත්තේ නිදහස් අදහස් නිසා මෙරට දේශපාලනයට වඩා ජාත්‍යන්තර දේශපාලනය ගැලපෙන බවයි.
සමරවීර මහතා බොහෝ දුරට 2020න් පසු මෙරට දේශපානයෙන් ඉවත් වීමටද බොහෝ ඉඩ ඇතැයි සමීපතමයෝ කියති.
ඕකට තමා මෑන්ස් මෙච්චර කාලයක් වලි කෑවේ. රට පවල දෙන්න ඩොලර් වලින් ජරාව කන politicians ලා!