මංගල මැතිවරණයෙන් ඉවත් වීම රනිල්ගේ උපායක්.. තවත් මෙහෙයුම් ලගම..

June 11, 2020 at 12:00 pm | lanka C news
මංගල මැතිවරණයෙන් ඉවත් වීම රනිල්ගේ උපායක්.. තවත් මෙහෙයුම් ලගම..

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කරවා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන ක්‍රියාදාමයක් දියත් කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කළ ක්‍රියාදාමය අවසන් මොහොත දක්වාම සමගි ජන ජන බලවේගයේ නායකයන් දැන නොසිටි බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

මෙම දේශපාලන ක්‍රියාදාමය හේතුවෙන් සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුව කඩාකප්පල් වූ බවත්, දකුණු පළාතේම ඔවුන්ගේ ඡන්ද පදනමට එයින් බලපෑමක් ඇති වන බවත් වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඉදිරියේ දී තවත් මෙවැනිම වූ දේශපාලන ක්‍රියාන්විත මෙරට ජනතාවට දැක ගැනීමට හැකි වනු ඇති බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

හිටපු මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරි මහ මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට ගත් තීරණයත් සමග සමගි ජන බලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත් වන හිටපු අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් යළිත් සම්බන්ධ කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සාකච්ඡා ආරම්භ කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පක්ෂ උපනායක රවී කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, වජිර අබේවර්ධන, පාලිත රංගේ බණ්ඩාර සහ රුවන් විජයවර්ධන යන හිටපු අමාත්‍යවරුන් විසින් මින් පෙර සාකච්ඡාවලට එක් වූ සමගි ජන බලවේගයේ හිටපු අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් සමග ඊයේ (10දා) දිනයේදීද සාකච්ඡා කර තිබේ.

මහමැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කරන ආකාරය පිළිබඳව එම මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කළ බව වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

මහ මැතිවරණයෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත සමගි ජන බලවේගයෙන් මැතිවරණය සඳහා ඉදිරිපත් වන හිටපු මන්ත්‍රීවරුන් මැතිවරණ ව්‍යාපාරයේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඒ ඒ දිස්ත්‍රික්කවලදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳවද ඉදිරියේදී පොදු එකඟතාවකට පැමිණීමට නියමිත බව අබේවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

– ada

79 views

10 Comments to “මංගල මැතිවරණයෙන් ඉවත් වීම රනිල්ගේ උපායක්.. තවත් මෙහෙයුම් ලගම..”

  1. Alapaluwa says:

    Kohomada Ape GU-VP nayakayage mole

    Na Na Na GU-NP nayakayage mole

  2. mangala says:

    ඔව් ඉතින් ඔය කාලකන්නියට පුලුවන් හීන්නූලෙන් ගැට ගහන්නයි, රට විකුනන්නයි, බැංකු කඩන්නයි විතරයි කියලා මිනිස්සු දන්න නිසා තමයි ඕකට චන්දෙ දෙන්නේ නැත්තේ.

  3. mangala says:

    මම ඔය රනිල්ගේ ගැටයක් කියලා කොමෙන්ට් එකක් ලිව්වා මංගලගේ නිව්ස් එකට. රටම දන්නවා රනිල්ට පුලුවන් ඔය වගේ කුජීත වැඩ විතරයි කියලා.

  4. SIRIMAL says:

    All Ranil want is to see the defeat of Sajith in Colombo, that Sajith will NOT be in Parliament. Ranil worked hard to achieve it.

    All Tamil and Muslim mps who will from Sajith party will join UNP after election.

    Sinhalese must therefore be careful not to vote for Tamils and Muslims at all.

  5. සලෝපු රනිල් says:

    විපක්ෂ නායක ධුරය සදහාවන රනිල් සජිත් මාරක සටන මංගල කරුණ හේතුවෙන් ඉතාමත් ජුගුප්සා ජනක තත්වයට පත්ව ඇත.

  6. Nishantha says:

    I know Galle area very well. This Vajira Abewardana has been an apathetic and really useless politician for a long time known to us. During our AL times in 1988, we knew this character and he has not changed or developed his attitudes and behaviour. We feel really disgusted as Gall people.

    • Janaka from Matara says:

      .. but did not UNP win his electorate in the November election, when Sajith and many other UNP big shots lost all theirs?

  7. හිටං says:

    රනිල කියන්නෙ තනිකරම නරියෙක්, ඕක 17 අවුරුද්දක් පැරදිලත් තාමත් පක්ෂේ නායකය. නරි මොලයක්.

  8. baiya says:

    oya mongalaya ahak une sajithge wasanawata. giya chandedi mcc givisuma daala sajith paradduweth mongalaya. thel mila suthraya, accountwalin tax kapeema, watupwalin tax kapeema, hamuduruwarunta apahasa kireema, eeye pereida haamuduruwarunta sanga kalli kiya apahasa kireema wage dewalwalin thamai eda indan ada dakwa sinhala bauddha janathawata unp epa une. samalingika panatha wage samajaye sanga unu dewal prasiddhiyata genath unp kiyanne samalingikayinge pakshayak kiyala hanwadu gassuwe. janathawa unp eken iwath unema mangala nisa. dan sajith pirisidui. thawa oya wage dennek vithara innawa. oya mona apathaya giyath janathawa mewara niyathawama sajaba durakathanayata vishala balayak denawa.

  9. catseye says:

    ME PAARA RANIL MAHATHTHAYAGE APATH NETHIWENAWA…………