මංගල සමරවීර පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.. ඔහු නිවැරදි තීන්දු ගන්නා සුවිශේෂි අයෙක්.. මංගල වගේ අය ඉන්නේ අතලොස්සයි..- හඳුන්නෙත්ති

June 11, 2020 at 10:00 am | lanka C news
මංගල සමරවීර පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.. ඔහු නිවැරදි තීන්දු ගන්නා සුවිශේෂි අයෙක්.. මංගල වගේ අය ඉන්නේ අතලොස්සයි..- හඳුන්නෙත්ති

මංගල සමරවීර මහතා වැනි දේශපාලකයෙකු මේ වන විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

මංගල සමරවීර මහතා මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ තීරණාත්මක සංධිස්ථානවල සුවිශේෂී කාර්යභාරයක් කළ පුද්ගලයෙක් යැයි ද හිටපු මන්ත්‍රීවරයා පැවසීය.

දේශපාලනයේ විශේෂ තීරණාත්මක සංධිස්ථාන වල නිවැරදි තීන්දු තීරණ ගත හැකි පුද්ගලයන් පාර්ලිමේන්තුවේ සිටින්නේ කිහිප දෙනෙකු බවත් මංගල සමග ඉන් එක් අයකු බවත් ඔහු පැවසුවේය.

මංගල සමරවීර මහතා පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමු ගැනීම ගැන හදුන්නෙත්ති මහතා මෙසේ කියා සිටියේ රූපවාහිනී නාලිකාවක පැවති සාකච්ඡාවකදීය.

369 views

78 Comments to “මංගල සමරවීර පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.. ඔහු නිවැරදි තීන්දු ගන්නා සුවිශේෂි අයෙක්.. මංගල වගේ අය ඉන්නේ අතලොස්සයි..- හඳුන්නෙත්ති”

  1. ආනන්ද says:

    මව් කිරි වෙනුවට ගව මුත්‍රා බී වැඩුනු, ආගමක් ජාතියක් නොහදුනන ,මව් පියෙක් නොහදුනන , කර්ම පලයක් විශ්වාස නොකරන , තමා කෑ බත් පත උපයා සපයා දුන් තැනැත්තාට පවා ගරහන, මෙවැනි මිසදුටු කුහක ජ වී පෙ , දුර්ජනයන් අලුයම කෙල පිඩක් සේ බැහැර කලයුතුමය.

  2. maheel says:

    අනේ ඔහෙලයිගේ මහලොකු සුවිශේෂී චරිතෙ තමුසෙලගෙ පක්සෙට අරගෙන ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් දෙනවකො. ඒකත් හරියන්නේ නැහැනේ.ඕනෙනම් ජාතික ලැයිස්තුවෙන් 2 ක් එයි උපරිම නේද.

Main News