ජනාධිපතිවරණයට තවත් දින 500යි.. මංගල සමරවීර බුදු පිලිමයක් බෙල්ලෙන් අල්ලා වැඩම කරලා..

June 25, 2018 at 3:25 am | lanka C news
ජනාධිපතිවරණයට තවත් දින 500යි.. මංගල සමරවීර බුදු පිලිමයක් බෙල්ලෙන් අල්ලා වැඩම කරලා..

මීලග ජනාධිපතිවරණය නිවේචනය කිරීමට ඇත්තේ තවත් දින 500ක් පමණක් යයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

එන් පසු එළැඹෙන අවස්ථාව කිසිවෙකුට මගහැරිය නොහැකි බවද ඔහු කියා සිටියේය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

දැනටමත් පළාත් සභා මැතිවරණයන් අකුලා දමා ඇති බවත් පසුගිය මාර්තු මාසයේදී එම මැතිවරණ පවත්වන බවට අගමැතිවරයා පාර්ලිමේන්තුවට පොරොන්දු වූ බවද මන්ත‍්‍රීවරයා සිහිපත් කලේය.

අස්ගිරි අනු නාහිමියන් ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ නිවසේදී කරන ලද ප‍්‍රකාශයක් වැරදි ලෙස අර්ථ නිරූපනය කරමින් ඇති බවත් ඉන් වැඩිපුරම කළබල වී ඇත්තේ බුදු පිළිම වහන්සේලා බෙල්ලෙන් අල්ලා සිටියේ යයි චෝදනා එල්ල වූ ඇමති මංගල සමරවීර මහතා බවද ඔහු කීය.

හිටපු ජනාධීපති මහින්ද රාජපක්‍ස හැරුණු කොට යුද්ධය ජය ගැනීමට විශිෂ්ටතම කාර්යයක් කළ අනෙක් පුද්ගලයා ගෝඨාභය රාජපක්‍ෂ මහතා යයිද ඔහු වැඩි දුරටත් පැවසීය.

150 views

16 Comments to “ජනාධිපතිවරණයට තවත් දින 500යි.. මංගල සමරවීර බුදු පිලිමයක් බෙල්ලෙන් අල්ලා වැඩම කරලා..”

  1. සිංහල බන්ඩා says:

    මොංගලය බුදු පිළිමෙ බෙල්ලෙන් උස්සගෙන හිටියෙ පුංචි බොරැල්ලෙ බෝ ගහ ලඟදි, මතක නැද්ද?

  2. සමන්මලී ඒකනායක says:

    මාතර ඩලයි නාවලපිටියේ පද්දයි කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දේශපාලන පොරපිටියෙන් ඉවත් කිරිමේ මෛත්‍රීගේ කොන්ත්‍රාත්තුවක්.

  3. LION voice says:

    awaMangala parayah should wrott in the 7 HELLS……

  4. sinha le says:

    රට ජාතිය ආගම බේරා ගන්න නම් රනිල් සිරිසේන පරාජය කල යුතුමයි

Main News