මංගල, සාගල, සජිත්, රුවන් ළග කාන්තාවන්ට ඉඩක් නැත්නම් ඒ ප්‍රශ්නය වෙනම බේරා ගන්න..

September 22, 2017 at 8:02 am | lanka C news
මංගල, සාගල, සජිත්, රුවන් ළග කාන්තාවන්ට ඉඩක් නැත්නම් ඒ ප්‍රශ්නය වෙනම බේරා ගන්න..

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පසුගිය 20 වැනිදා පළාත් සභා ඡන්ද විමිසීම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා විවාදයට ගත් අවස්ථාවේදී කළ කතාව අතරතුර පාර්ලිමේන්තුව සිනා සයුරක ගිලී ගියේය.

“කාන්තා නියෝජනය වැඩි කිරීම වැනි ‘සුන්දර සාරි පොටවල්’ මේ පනත් පනත් කොටුම්පත තුළ එල්ලලා පෙන්වූවාට ඒ හැම සුන්දර කතාවක් පිටුපසම ඇත්තේ සබරගමුව, නැඟෙනහිර හා උතුරු මැද පළාත් සභා මැතිවරණ කල් දමා ගැනීමේ උවමනාව.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මට තේරෙන්නේ නැහැ සාගල රත්නායක ගරු ඇමතිතුමාගේ පුටුවේ ගහලා තියෙනවා ‘කාන්තාවන්ට ඉඩක් නැද්ද?’ කියලා. ඒ වගේම සජිත් ප්‍රේමදාස ඇමතිතුමාගේ පුටුව අසලත්, රුවන් විජේවර්ධන ඇමතිතුමාගේ පුටුවෙත් ගහලා තියෙනවා ‘කාන්තාවන්ට ඉඩක් නැද්ද?’කියලා. මංගල සමරවීර ඇමතිතුමාගේ පුටුවෙත් ‘කාන්තාවන්ට ඉඩක් නැද්ද?’ කියලා ගහලා තියෙනවාද? මම දන්නේ නැහැ. එහෙම කාන්තාවන්ට ඉඩක් නැත්තම් මෙතැන බෝඞ් එල්ලලා වැඩක් නැහැ. ඉඩ දෙන්නේ නැති අයත් එක්ක කතා කරලා ඒ ප්‍රශ්නය බේරගන්න’ යනුවෙන් විමල් වීරවංශ මහතා පවසද්දී පාර්ලිමේන්තුවේ පක්‍ෂ, විපක්‍ෂ කාගෙත් සිනා හඬින් පාර්ලිමේන්තුව පිරී ගියේය.

කෙසේ නමුත් විමල්ගේ කතාවෙන් පසුව එම ‘කාන්තාවන්ට ඉඩක් නැද්ද?’ බෝඩි එකක්වත් ඇමතිවරුන්ගේ ආසන අසල දක්නට ලැබුණේ නැත.

– අනුරුද්ද බණ්ඩාර

40 views

4 Comments to “මංගල, සාගල, සජිත්, රුවන් ළග කාන්තාවන්ට ඉඩක් නැත්නම් ඒ ප්‍රශ්නය වෙනම බේරා ගන්න..”

  1. Ajith says:

    The best appropriate banter Wimal

  2. බබා උක්කුන් says:

    අප්පටහුඩු රුවනුයි, සජිතුත් ඒ පැත්තේද? සමනල්ලුද?
    අපි හිතුවේ අපේ පැත්තේ කියල.
    අනේ දන්න කෙනෙක් ඉන්නවා නම් එයාලගේ ගෙවල් කොහෙද කියන්නකෝ.

    • asaranaya says:

      මුන් ගැණු බල බල අත පාවිච්චි කරන ඇයෝනෙ විමල් සහෝ, ලැජ්ජයි ලැජ්ජයි , විළි ලැජ්ජයි

      • Deviyo says:

        Ehema nevi. thamage gedara ganita vena onema ekaka pavichchi karanna kiyala ‘PUM’ gahana (Pum maithunaya) ekane karanne.

Main News