මං අගමැති වූ සැනින් රට පුරා අග‍්‍රාමාත්‍ය ජංගම සේවයක් අරඹනවා.. පොලොවේ පය ගසා ජනතාව අතරට එනවා..- සජිත්

June 25, 2020 at 11:20 am | lanka C news
මං අගමැති වූ සැනින් රට පුරා අග‍්‍රාමාත්‍ය ජංගම සේවයක් අරඹනවා.. පොලොවේ පය ගසා ජනතාව අතරට එනවා..- සජිත්

එළඹෙන මහ මැතිවරණයෙන් තමන් මෙරට අග්‍රාමාත්‍යවරයා වූ පසු රටපුරා පිහිටි සෑම ග්‍රාමසේවක වසමකටම අග්‍රාමාත්‍ය ජංගම සේවයක් අරඹන බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මැතිවරණය ජයගත් පසු පොළොවට පය ගසා ජනතාව අතරට පැමිණ ජනතා ප්‍රශ්න විසඳන බවත් ඔහු පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ උතුරු කොළඹ ප්‍රදේශයේ දී පැවති ජන හමුවක් අමතමිනි.

උතුරු කොළඹ ප්‍රදේශයේ මේ වන තෙක් ජාතික පාසලක් නැති බවද කී ඔහු තමන් අගමැති වූ පසු ජාතික පාසල් දෙකක්ම උතුරු කොළඹට ස්ථාපිත කරන බව ද කියා සිටියේය.

59 views

35 Comments to “මං අගමැති වූ සැනින් රට පුරා අග‍්‍රාමාත්‍ය ජංගම සේවයක් අරඹනවා.. පොලොවේ පය ගසා ජනතාව අතරට එනවා..- සජිත්”

  1. හිටං says:

    යකෝ, මිනිස්සුන්ගේ දුප්පත් කම මාර්කට් කරන්න එපා බං.

Main News