මං අනාථ කදවුරක ජීවත්වූ කෙනෙක්.. කන්න කෑමක්වත් තිබුනේ නෑ.. අද කොහොමද..- බදියුදීන්

January 23, 2017 at 4:40 pm | lanka C news
මං අනාථ කදවුරක ජීවත්වූ කෙනෙක්.. කන්න කෑමක්වත් තිබුනේ නෑ.. අද කොහොමද..- බදියුදීන්

“විශ්‍රාම වැටුපත් රැකියා සුරක්ෂිතතාවත් හේතුවෙන් බොහෝ දෙනකු රජයේ රැකියාවන් සඳහා එනවා. නමුත් මේ එන වැඩි දෙනෙක් රැකියාවට ඇවිත් නිකන් ඉන්න තමයි බලන්නේ. තමන්ට පැවරෙන රාජකාරිය ඉටුකරන්නේ නැහැ.“ යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහා නව විමර්ශන නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ දී කියා සිටියේය.

පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ උත්සවය 21 දා කොළඹ සතොස මූලස්ථානයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද කීවේය.

‘‘සියලු රජයේ සේවකයින් මහජන මුදලින් ඉගෙනගෙන රැකියා කරලා මහජන මුදලින් වැටුප් ගන්නා බව දැන කටයුතු කළ යුතුයි. රාජ්‍ය සේවයට එකතුවන මේ පිරිස අද පටන් මහජනතාවට අවංකව සේවය කරන්න ඕනේ. පාරිභෝගික භාණ්ඩවල මිල පාලනය, ඒවායේ ප්‍රමිතිය පිළිබඳව නිතරම සොයා බලන්නට කටයුතු කළ යුතුයි. රැකියාව කරන අතරේ කොමිස්, පගාව ගන්නවානම් ඒක ලොකු වරදක්. ඒ විදියේ වැඩවලින් මහජනතාවට ද්‍රෝහීකම් කළොත් ඒකට මේ ආත්මයේ දී දඬුවමක් නොලැබුණොත් මරණයෙන් පසුව හෝ දඬුවම් ලැබෙනවා කියන එක තමයි මගේ විශ්වාස. කරුණාකර එවැනි වැරදි කරන්න එපා. ඒ වගේ කෙටි ක්‍රමවලින් සල්ලි හොයන ඇතැම් පිරිස් ඉන්නවා. ඒ සොයන සල්ලිවලින් තමන්ගේ පවුලට හරි දරුවන්ට හරි කන්න දුන්නට ඒක හරියන්නෙත් නැහැ.

පාරිභෝගික අධිකාරියේ කාර්යයන් ක්‍රමවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාත් සහයෝගය දුන්නා. මේ සහයෝගය ලැබුණු නිසා තමයි අද අපිට මේ විදියට උපාධිධාරීන් 62ක් බඳවාගන්න හැකියාව ලැබුණේ.

මේ පත්වීම් ලබන බොහෝ දෙනෙක් බොහොම අමාරුවෙන් දුක් විඳලා ඉගෙන ගත්තු අය. මෙහෙම කියනකොට මට මගේ අතීතය සිහිපත් වෙනවා. මම කොටි ප්‍රශ්න නිසා ගෙවල් දොරවල් අත ඇරලා ඇවිත් අනාථ කඳවුරක ජීවත් වුණු කෙනෙක්. විභාග කරන්න පාඩම් කරන්න අපිට ලයිට් තිබුණේ නැහැ. යන්න ඉස්කෝලයක් නැහැ. හරියට කෑමක් බීමක් නැහැ. පොත් කියෙව්වේ කඳවුර ළඟ තිබුණු වීදි පහනක එලියෙන්. එදා කොටින්ට බයේ ගම්බිම් අතඇරලා අපිත් එක්ක ආපු ජනතාව අද මා ඔවුන්ගේ නායකයෙක් කළා. මම විශ්වවිද්‍යාලයට ගියා. මගේ අනාථ කඳවුරේ හිටපු අය මහන්සිවෙලා මාව පාර්ලිමේන්තු යැව්වා. මම නව පක්ෂයක් බිහිකරලා දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පළාත් සභා මන්ත්‍රීවරු සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඉන්නවා.

අපේ අරමුණු හා ඉලක්ක හොඳනම් අපිට හැමෝගෙම ආශිර්වාදය ලැබෙනවා. බෞද්ධ, කතෝලික, හින්දු හා ඉස්ලාම් මේ හැම ආගමකින්ම කියලා දෙන්නේ හැමවිටම හොඳ දේ කරන්න කියලා. මා ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නෙත් ඉදිරියේ දී මේ සඳහා අවශ්‍ය දැනුමත් අරගෙන තමන්ට පැවරෙන රාජකාරිය හොඳින් ඉෂ්ට කරන්න කියා. මේ රටට රටේ ජනතාවට සේවය කරන්න ඔබ සියලු දෙනාට මා සුබ ප්‍රාර්ථනා කරනවා.

එස්.ඩී.වේරගොඩගේ
අධ්‍යක්ෂ මාධ්‍ය

15 views

12 Comments to “මං අනාථ කදවුරක ජීවත්වූ කෙනෙක්.. කන්න කෑමක්වත් තිබුනේ නෑ.. අද කොහොමද..- බදියුදීන්”

  1. sira says:

    Hamba rate anaagatha Rajathumaa… Basil pramuka Rajapakshe param paraawata pin sidda wenna.

  2. kolitha says:

    පක්ෂයක් අටවාගෙන පාර්ලිමේන්තුවට ගියහම කෝටිපතියෙක්, ඉඩම් හිමියෙක් වෙන්න පුළුවන් කියලද කියන්නේ …ඒවට ආදායම් බඩු FCID එහෙම බලපාන්නෙ නැද්ද ..?

  3. රාජ්‍ය සේවක says:

    කර්මාන්ත හා වානිජ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ලෙස ඉන්න තෙන්නකෝන් පට්ට හොරා, පසුගිය දිනවල පිටකොටුවේ තොග වෙළෙඳ ජාවාරම්කරුවන් කිහිපදෙනකු අල්ලාගෙන හොද්ද බොර කර ගැනීමේ වැඩසටහනක් ඉතා ජයටම කරගෙන ගියේය,
    පසුගියදා අමාත්‍යාංශයට සම්බන්ධ ආයතනයක් හරහා කරපු ලොකු සීනි ගනුදෙනුකින් විශාල පාඩුවක් අමාත්‍යාංශය සතු ආයතන දෙකකට සිදුවූ අතර මේ සම්බන්ධ සියලු කරුණු ඇමතුමාගේ මැදිහත්වීමෙන් යටගසා ඇත,
    යහපාලනය රජය පැමිනිමට පෙර කිහිපවරක් වැඩ තහනමටකටද ලක්ව ආර්ථික අතින් ඉතා දුෂ්කරව සිටි මේ නිලධාරියා පසුගිය දා තම දියණියගේ විවාහ මoගල්‍ය ගනු ලැබුවේ කොළඹට නුදුරුව පිහිටි තරුපහේ සුපිරි හෝටලයක වන අතර තවත් දියනියක් මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය මුදල් ගෙවා ඉගෙනුම ලබයි,
    අමාත්‍යාංශයක ලේකම්වරයකුගේ වැටුප් ගැන අවබෝධයක් ඇති රජයේ නිලධාරින් මෙතුමා හිටී ගමන් ක්ෂණික කෝටිපතියකු වීම ගැන විමතිය පලකරන අතර මෙම වසර අවසානයේ විශ්‍රාම යන මොහු මේවනවිටත් පිටකොටුවේ ජාවාරමකාරයින් හරහා තමන්ට අවශ්‍ය කෝටිගනනක් මුදල් හම්බකරගෙන ඇති බව අමාත්‍යාංශයට අයත් ආයතනතුල කතාබහට ලක්වී ඇත,

  4. Jayantha Malwatthe says:

    යහපාලන රජය යටතේ පත්වූ වෙළෙඳ හා කර්මාන්ත ඇමති රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා විසින් රටේ සහල් අස්වැන්න ලැබෙමින් තිබියදි ඉතිරි හාල් ටොන් ලක්ෂ 197000 ක් ගෙන්වීමට 2015 පෙබරවාරි මාසයේ ලිපි 2ක් මගින් සතොසට උපදෙස් ලබා දුන් අතර එසේ ගෙන්වන ලද අතිරේක සහල් තොග නිසා සතොසට රුපියල් බිලියන 15 ක පාඩුවක් සිදු වී ඇති බව රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දි ඇත.

    • ගුරුළු says:

      විල්පත්තු වනෝද්‍යාන රක්ෂිතය විනාශකරමින් කටාර් රාජ්‍යයේ “ෂෙයික් හමාඩ් බින් පදනම” නම් වූ රාජ්‍ය නොවන ආයතනයේ මූල්‍ය ආධාර මත බදියුද්දීන් විසින් “වයඹදිග සුන්නි මුස්ලිම් කලාපය”.ගොඩනගමින් සිටි ..මොහු කරන මේ අපරාධයට වත්මන් ජනපති නිහඩව සිටින්නේ මන්ද ?මෙවැනි හොරෙක් ට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ධුරය දුන්නේ කුමක් නිසාද ?මොහුට විරුද්ධව නිතිය ක්‍රියා නොකරන්නේ ඔහු මුස්ලිම් ජාතිකයෙක් නිසාද ? ලැජ්ජයි යහපාලන ලැජ්ජයි
      විල්පත්තුව යනු සිංහල ශිෂ්ටාචාරයේ වයඹදිග නිජ භූමියයි. විල්පත්තු වනය පුරා විසිරැණු ‍ජනාවාසවල සහ බෞද්ධ විහාරාරාම වන නශ්ඨාවශේෂයන් අදත් මතු වෙයි. බදිඋද්දීන්ගේ සහචරයන් විල්පත්තුවේ බෞද්ධ පුරාවස්තුවලටද වගකියමින් සිටින බව කියවේ. යම් භූමි ප්‍රදේශයක් ව්‍යාජව තමන්ගේ නිජභූමිය ලෙස තහවුරු කිරීමට නම් එහි පෙර පැවති සැබෑ ශිෂ්ටාචාරයේ සාක්ෂි සාධක අක්මුල් මුලිනුපුටා දැමිය යුතුය. නැගෙහිර භූමිය පුරා විසිරුණු බෞද්ධ නටඹුන් හොය හොයා විනාශකරන සැලසුම්සහගත මෙහෙයුමක් පසුගිය විසි අවුරුදු කාලය පුරා ක්‍රියාත්මක විය. ඒ ඉරණම නුදුරු දිනකදීම වයඹදිග බෞද්ධ ශිෂ්ටාචාරයටත් අත්වීමට නියමිතය. කලින් නැගෙනහිර ව්‍යාජ මුස්ලිම් උරුමය ලියා නසරිස්ථානය ඉල්ලුවේ යම් සේද බදිඋද්දීන් හෝ ඔහුගේ අනුගාමිකයෙක් තව ටික කාලෙකින් වයඹදිග මුස්ලිම් උරුමය රජයේ වියදමින්ම ලියාගන්නට බැරි නැත.විල්පත්තුව වනාන්තර පද්ධතියේ හදබිම වූ වයඹදිග වෙරළ කලාපයේ පිහිටි විල්පත්තු ජාතික උද්‍යානය දැදුරු කරමින් අති දැවැන්ත මුස්ලිම් කලාප බිහි කරමින් සිටින්නේ ය මොහුට සාපවේවා

  5. අපියි හොරු says:

    නාධිපතිවරයා විසින් වයඹ පලාත්සභාවේ මහලේකම් සිටි ජයන්ත විජේරත්න මහතා නව ලේකම්වරයා ලෙස ජනවාරි 1 වෙනිදා සිට කර්මාන්තය හා වාණිජ කටයුතු අමාත්‍යාංශයට පත් කල අතර ඔහු අමාත්‍යාංශයට පැමිණ වැඩ භාරගෙන දින කිහිපයකින් යන්න ගියේ ය,
    ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම අමාත්‍යාංශයේ විශාල වශයෙන් මේ වනවිට සිදු වී ඇති වංචා හා දූෂණ සම්බන්ධයෙන් පරික්ෂණ පැවත්වෙමින් තිබෙන අතර අමාත්‍යවරයා විසින් දෙනු ලබන නියෝගක්‍රියාත්මක කිරීම දුෂ්කර බැවින් ය. අද වන විට තවත් නව ලේකම්වරයෙකු කර්මාන්තය හා වාණිජ කටයුතු අමාත්‍යාංශයට පත්කොට ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

  6. Anjanm devi says:

    අනේ මේ හිවලා හොක්කියෝ කියන හැටි . රට මේ තැනට දැම්මේ බලු උරුමයේ හිවල් සාදුලා.Mae ape rate sallida?Aappa yaa uthtara depan mewata….

  7. weera lansa says:

    monava kiwath huge minissunta hoo weerayek.sinhalaun wage chande daapunta —- ariye naha

  8. බන්ඩයියා says:

    “ටකිය කිට්මන්” ක්‍රමයටය් මූ වැඩ කරන්නෙ. සවුදිය පල්ලි හදල අාගම පතුරවන්න දෙන සල්ලි වලිනුය් මූ දියුනු උනේ.

    • CAT says:

      නැගෙනහිර ඉස්ලාම් කොළණි සෑදීමට කටාරය මූලික කරගත් ඉස්ලාමීය වහාබ්වාදී සංවිධානවල මූල්‍ය දායකත්වයෙන් අරාබි රටවලින් මුදල් මොහුට ලැබෙනවා
      විල්පත්තුවට කරන / කරපු විනාශයට මොහුට වැහි නැති හෙන ලැබෙන දිනය වැඩි ඈතක නැහැ …රටේ නියගයට ප්‍රධාන හේතුව විපත්තුවේ ගස් කැපීම
      තාමත් ඒ ප්‍රශ්නය විසදා නැහැ …මොහුව වහාම ඇමති ධුරයෙන් ඉවත්කර විල්පත්තුවට කරන විනාශයට සිර ගත කල යුතුයි

  9. gal bamuna says:

    Kanna kema nathnam kaapiya mulu villpaththuwama.

  10. koskola_UNP says:

    පවු අප්පා
    මට නම් දුකේ බහ මෙයාගේ කතාවට

    ඔයාට බුදු සරණයි රිෂාඩ්

Main News