මං අපිරිසිදු ආණ්ඩුවක ඉන්නෙ නෑ.. හෙට වුවත් අලුත් ආණ්ඩුවක් හදන්න පුළුවන්..- ජනපති

July 29, 2017 at 9:20 am | lanka C news
මං අපිරිසිදු ආණ්ඩුවක ඉන්නෙ නෑ.. හෙට වුවත් අලුත් ආණ්ඩුවක් හදන්න පුළුවන්..- ජනපති

හෙට වුවද අලුත් ආණ්ඩුවක් හදන්න තමනට හැකි වුවත් කුණු ආණ්ඩු පිහිටුවීමට තමන් සූදානම් නැතැයි ශ‍්‍රීලනිප සමස්ථ ලංකා කාරක සභාව අමතමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

තමන් කලින් තිබූ ආණ්ඩුවෙන් එළියට ආවේ එය අපිරිසිදු ආණ්ඩුවක් වූ නිසා බවද කී ජනාධිපතිවරයා අද ආණ්ඩුව අපිරිසිදු නම් එතැනද තමනට එතැනද සිටීමට නොහැකි බවද කියා සිටියේය.

කෙසේ වෙතත් අලුත් ආණ්ඩුවක් හදන්නේ නම් එය අපිරිසිදු ආණ්ඩුවක් නොව පිරිසිදු ආණ්ඩුවක් යයිද ඔහු එහිදී වැඩි දුරටත් සදහන් කලේය.

100 views
Main News