මං අස්වුණාම ජනාධිපති බොහෝ සතුටු වුණා..- හිටපු ආරාක්‍ෂක ලේකම්ද පාස්කු බෝම්බයේ රහස් රැසක් හෙලි කරයි.. [Video]

June 7, 2019 at 12:04 am | lanka C news
මං අස්වුණාම ජනාධිපති බොහෝ සතුටු වුණා..- හිටපු ආරාක්‍ෂක ලේකම්ද පාස්කු බෝම්බයේ රහස් රැසක් හෙලි කරයි.. [Video]

තමන් ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වූයේ ජනාධිපති වරයාගේ කිසිදු ඉල්ලීමක් අනුව නොවන බවත් ජනාධපතිවරයා තමනට ඉල්ලා අස්වන්නැයි කිසිදු අවස්ථාවක නොකී බවත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා විසින් පාස්කු දින බෝම්බ ප්‍රහාරයේ වගකීම භාරගෙන පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට ඉල්ලා අස්වන්නැයි පැවසූ නිසා තමන් යටතේ ඇති දෙපාර්තමේන්තුවක ප්‍රධානියකුට වගකීම පැවරීමට වඩා අමාත්‍යාංශයේ ලේකම් ලෙස තමන් ඉල්ලා අස්විය යුතු බව තමන් තීරණය කළ බවද ඔහු සඳහන් කළේය.

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ස්වාධීන පරිපාලකයෙක් ලෙස කලින් සාර්ථක වී තිබුණද ආරක්‍ෂක ලේකම් ලෙස අසාර්ථක වූ බවද ඔහු පැවසීය.

ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමේ අවස්ථාවන් තමනට අවම වූ බවද පැවසූ ඔහු නව ආරක්ෂක ලේකම්වරයාට දිනකට පැය බාගයක් හෝ අවම වශයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාව දෙන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවද පැවසීය.

තමන් ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව පැවසීමේ දී ජනාධිපතිවරයා ඉතා සතුටට පත්වූ බවද ඔහු සඳහන් කළේය.

"වගකීම ඔබ භාර ගන්න."

"වගකීම ඔබ භාර ගන්න. නැත්නන් මට ලොකු ප‍්‍රශ්නයක් වෙනවා..!” ජනාධිපති කියයි.

Gepostet von Headline News am Donnerstag, 6. Juni 2019

9 views

11 Comments to “මං අස්වුණාම ජනාධිපති බොහෝ සතුටු වුණා..- හිටපු ආරාක්‍ෂක ලේකම්ද පාස්කු බෝම්බයේ රහස් රැසක් හෙලි කරයි.. [Video]”

  1. one shot says:

    අස්වෙන්න වෙයි කියල හිතුන ​.ඒත් හිතුවෙ නෑ මෙහෙම අස් වෙන්න වෙයි කියල​?

    • Defence ආඝාතය says:

      මට තේරෙන්නේ නැත්තේ ඇයි මේ පොලිස්පති හා ආරක්ෂක ලේකම් ඇතුළු පිරිස 225 ආරක්ෂා කරන්න තිබුන උනන්දුව ජනතාවගේ පැත්තෙන් බලලා කලේ නැත්තේ කියලා. එහෙම කලේත් ජනපතිගේ උපදෙස් මතද? හොරු මිනී මරුවො අල්ලන්න උපදෙස් දෙන්නෙත් එයාද? නැතිනම් ඒ අයම ගත් තීරණ මත නෙමේද 225 දැනුවත් කලේ?. මුන් ටික භාගෙට වැඩ කරලා තියෙන්නේ. එක අංශයයි වැඩ කරලා තියෙන්නේ. ආඝාතේ – අංශ භාගේ වගේ

  2. n.s fasions kurunegala says:

    mu wage adamayek tawath ne

    • පාපහර says:

      සුද්දාගේ නව යටත් විජිත රාජ්‍යයේ ජනාධිපති,අගමැති,පාර්ලිමේන්තුව,නිලධාරීන් පෘථිවියේ ලොකුම විහිලුව වෙලා…උන් උන් ජනතාව ඉදිරියේ රෙදි උනාගන්නවා.
      නග්නව දඟලන මේ 225 සභ්‍යත්වයට නිගාවක්…හැම දවසකම, හැම ප්‍රවෘතියකම උන්ගේ
      හෙඵවැල්ල අපට දකින්නට වෙලා.

  3. Lolla says:

    Ane pala pala yanna……
    Thoge keruwawa api dakka tv eke
    Gon matta…..

  4. Lolla says:

    Dan ithin hama deyama President Pitin yawala berenna hadanawa…..
    Uta chande dunna 62 laks hoya gannath ne
    UNP matto koooo

  5. මේඝවර්ණ අභය says:

    මේ යක්කු දැන් ඇඟ බේරුමට කථා කියනවා..
    මොහු ආරක්ෂක ලේඛම් තනතුරට කිසිසේත්ම සුදුස්සෙක් නොවන බව බොහෝ දෙනෙකුගේ පිළිගැනුමයි..

  6. David Milli-banda says:

    Aiyoooooooo… all this after 300 people dead and over 500 injured.

  7. පොඩි එකා says:

    ආරක්ෂක ලේකම් පදවියක් හැමෝටම කරන්න බෑ.. එක කාලයක් මැතිවරණ කොමසාරිස්වරයෙකුත් ආරක්ෂක ලේකම් හැටියට පත්කලා.. ආරක්ෂක ලේකම්ගේ පත්වීම යනු පත්වීම් බලධරයාගේ දැනුම පිලිබඳ ප්‍රශ්ණයකි.

  8. 1 වෙනි ශ්‍රේණියේ පුංචි එකා says:

    ව්‍යාවස්ථාවෙන් ස්ථාපිත ආරක්ෂක මණ්ඩලයට සහභාගි වීමට පොලිස්පතිට ආරක්ෂක ලේකම්ට බුලත් නැටි දෙන්නත් ඔනේද කියලා හිතෙනවා. සාක්ෂි දීමේදී 1 to 1 කතා කරන්න ඔනේ කිව්වේ ඩීල් දාන්නද දන්නේ නැහැ. පොලිසියේ DIG කෙනෙක් නමින් FB එකේ, ඇමතිලගේ මන්ත්‍රිලගේ කට්ටියට තිබුන ලිපිය දුන්නෙත් ජනපති කියලද? මුන් ටික ටිකක් එහා ගිහින් ජනතාවට නොකිව්වේ ඇයි?. ඒ කියන්නේ පොලිසිය බාගෙට වැඩ කරලා නෙමෙයිද? කාවද මේ රවටන්නේ මේ නාඩගමින්. කොටස් වශයෙන් TV එකේ දාන මේ නඩගම ඔයාලම බලන්න අපිට එපා. අපිට වෝෂින් මෙෂින් හරි බල්ල්දියේ දාගෙන හරි හෝදන්න පුලුවන්. ඔතන හෝදන්න ඇඳුමක් ඇඳන් ඉඳලා නැහැනේ.

  9. gothaya says:

    ethakota api……………..kokku……..

Main News