මං ඇමරිකා යන්නේ සති එකහමාරක්ම නිදාගන්නයි.. වැඩ කරල හරිම මහන්සියි..- අගමැති රනිල්

May 31, 2017 at 9:20 am | lanka C news
මං ඇමරිකා යන්නේ සති එකහමාරක්ම නිදාගන්නයි.. වැඩ කරල හරිම මහන්සියි..- අගමැති රනිල්

තමන් ඇමරිකාවට යන්නේ සති එකහමාරක්ම නිදාගන්න යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා ඇති බව ලක්බිම පුවත්පත වාර්තා කරයි.

ඇමරිකා ගමනට පෙරාතුව එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන් පිරසක් සමග පැවති සාකච්දාවකදී එසේ කිවුවේ යයි සදහන් සම්පූර්න වාර්තාව මෙසේය.

කැබිනට් සංශෝධනයෙන් පසුව රනිල් තමන්ට හිතවත් ඇමැතිවරු කිහිපදෙනෙක් අරලියගහ මන්දිරයට කැඳවා තිබුණේ කැබිනට් සංශෝධනයෙන් පසුව ඇමැතිවරුන්ගේ අදහස් දැනගැනීමටය.

අපිට තිබුණ වරාය අමාත්‍යාංශය ශ්‍රී ලංකා එකට ගිහින්. ඒ වගේම ශ්‍රී ලංකා එකේ ඇමැතිවරු කීපදෙනෙක්ට අලුත් වගකීම් ලැබිලා තියෙනවා. එත් යූ.එන්.පී. එකේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට මොනවාවත් ලැබිලා නැහැ. රාජ්‍ය ඇමැතිවරුන්ගෙයි නියෝජ්‍ය ඇමැතිවරුන්ගෙයි ‍පොඩි ‍පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒවා ටිකත් විසඳන්න පුළුවන් නම් හොඳයි විජේදාස රාජපක්ෂ ඇමැතිවරයා කීවේ කැබිනට් සංශෝධනයෙන් පසුව මතුවූ අදහස් ගැනය.

පසුපෙළ මන්ත්‍රීවරු ගැන මීට වඩා බලන්න ඕන. මම ඒ හැමකෙනාටම රුපියල් ලක්ෂ හැට ගානේ පාරවල් දුන්නා. ඒ වගේම රස්සා හතරක් පහක් දුන්නා ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා කීවේ පසුපෙළ මන්ත්‍රීවරු වෙනුවෙන් තමන් කර ඇතිදේ පැහැදිලි කරමිනි.

අනික් ඇමැතිවරු මේ මන්ත්‍රීවරු ගැන හොයලා බලන්න ඕන. මම හමුවෙන්න පාර්ලිමේන්තු කාර්යාලයට එන්නේ මන්ත්‍රීවරු තුන්හතර දෙනයි. සමහර අය ‍ලේකම්වරුන්ගෙන්ම වැඩකරගෙන යනවා රනිල් කීවේය.

රවිට විදේශ ඇමැතිකම එක්ක ආර්ථිකයට අදාළවගකීම් දෙනවාද? රවි වගේම ගයන්තත් ජනමාධ්‍යවල තිබුණ වගකීම් කිහිපයක් ඉල්ලා තිබුණා කියලා පත්තරේ තිබුණා. අපේ අමාත්‍යාංශවලට ආයතන ඇත්තේම නෑ. හරි නම් ඒවා ගැනත් බලන්න ඕන දයා ගමගේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගත්තේය.

මලික්ගේ තාත්තා නැතිවෙලා. ඒකට යන්නත් ඕන. පාර්ලිමේන්තු යන්නයි, අධ්‍යාපන වැඩ ටිකකුයි, තවත් රජකාරි වැඩ ටිකකුයි තියෙනවා. හවසට වෛද්‍ය සභාව එක්කත් සාකච්ඡාවක් තියෙනවා. දැන් රට යන්න බෑග් එක හදාගන්නත් තියෙනවා රනිල් කීවේ තමන් විදේශගතවීමේ සූදානමක් ගැනය.

සර් කොහේද යන්නේ ඇමැතිවරු ඇසූහ.

මම ඇමෙරිකාවට යනවා. සති දෙකකට යන්නේ. ඇමෙරිකාවේ ගිහින් දවස් දෙක තුනක් වැඩකරලා සති එකහමාරක් නිදාගන්න ඕන රනිල් කීවේය.

සර් වෛද්‍ය විද්‍යාල පෞද්ගලික වුණත් ඒවා ප්‍රමිතිගත නම් වෛද්‍ය සභාවට කිසිසේත්ම ඒවා ප්‍රතික්ෂේප කරන්න බෑ කියලා මහාචාර්ය කාලෝ ප්‍රකාශයක් කළා කිරිඇල්ල කීවේ වාහනයට නගින්නට ගිය රනිල්ටය.

– ලක්බිම

18 views

10 Comments to “මං ඇමරිකා යන්නේ සති එකහමාරක්ම නිදාගන්නයි.. වැඩ කරල හරිම මහන්සියි..- අගමැති රනිල්”

  1. Kiribanda says:

    Ithin attha ne? minihek wunama rest ekak thiyenna epai.

    • ranjith fernando says:

      වැඩ කරල මහන්සිි නෙමෙයි හලෝ පාර්ලිමේන්තුවට විකට ජවනිකා සපයල සහ ගුවන් ගමන් ගිහිල්ල

  2. ජසයා says:

    ඔය වයසට ඉතිං වැඩ කරන්න අමාරු තමායි. දේශපාලනයෙන් විශ්‍රාම ගෙන විවේකීව සිටියානම් ඔබගේ ඇගටත් හොදයි වාගේම රටටත් හොදයි….

  3. Rojer says:

    Can’t you find a good place in Sri Lanka to sleep? Take leave and sleep in some hotel or a holiday home? That doesn’t cost $millons? How many people going with you to US with all expenses to government or poor tax payers or stay there don’t come back

  4. Nimal R says:

    If MR continued in Sri lanka without any rest even during war what this impptrnnt

  5. Alapaluwa says:

    ඔවු මහා බැංකුව සුද්දකරපු සල්ලි ඇතිනේ සැපගන්න හොඳට නිදාගන්න නැවත ජිවිතේ කිසිම දවසකදිවත් නොනැගිට්ටත් කම් නැ. මු වගේ කපටි නරියෙක් ඔක්කොම කරන්න ඕනේ යටිකුට්ටු වැඩ කරලා ,ලස්සනට පත්තුකරලා හිමිහිට මාරුවුණා මේ අතින් නම් මිනිහා පුදුම දක්ෂයෙක්නම් තමයි හැබැයි වෙනත් හොඳ දෙයකටනම් නොවේ කපටි කයිරාටික වැඩවලට පමණයි.

  6. asaranaya says:

    සමාදානයේ සැතපේවා, අවසන් නින්ද

  7. lalith says:

    DONT COME BACK SLEEP FOREVER

  8. නිළමේ says:

    “ ආයි නාවත්
    කම් නෑ ඉතින්………………………..“

  9. ilanga says:

    Ane yako owa kiyaapiya thopi wage harakkta …
    Me wage rate agamathi una kiyanne rate awaasanaawa ….
    Rate saukya hondai kiwwa neda ….moko pa….ehenam rata yanne …..
    Agamathi unaata passe me ratata karupu eka sewayak kiyapiya …..
    Pinata pahala una eka …..
    Rate awaaasanaawa …..

Main News