මං ඉන්නේ මහින්ද එක්කයි.. වෙලාව ආවම මහින්දට එකතු වෙනවා.. – ශ‍්‍රීලනිප ප‍්‍රබල ඇමති කියයි..

October 30, 2016 at 10:40 am | lanka C news
මං ඉන්නේ මහින්ද එක්කයි.. වෙලාව ආවම මහින්දට එකතු වෙනවා.. – ශ‍්‍රීලනිප ප‍්‍රබල ඇමති කියයි..

තමන් ඇමති ධුරයක් ගත්තද තවමත් සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග බවත් සුදුසු වේලාවට ඔහු හා එක්වීමට සූදානම් බවත් සබරගමුවේ වටිනා දිස්ත‍්‍රික්කයකින් ආ ශ‍්‍රීලනිප කැබිනට් ඇමතිවරයෙක් පවසා ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ රෝගාතුර වී සිටින ශ‍්‍රීලනිප පාක්‍ෂිකයෙකුගේ සුවදුක් බැලීම සදහා ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදීය.

ඇමතිවරයා ආණ්ඩුවට එක්වීම ගැන රෝගාතුර පාක්‍ෂිකයා නොසතුට පල කල අවස්ථාවේදී මේබව සදහන් කර තිබේ.

තමන් ඇමති ධුරය ගත්තේ තනතුරු ලෝබයකින් නොව පාක්‍ෂිකයින්ට එජාප ආණ්ඩුවකින් සිදුවන හිරිහැර ගැන සිතා බවත් ඇමතිවරයා වැඩි දුරටත් එහිදී සදහන් කර ඇත.

15 views

15 Comments to “මං ඉන්නේ මහින්ද එක්කයි.. වෙලාව ආවම මහින්දට එකතු වෙනවා.. – ශ‍්‍රීලනිප ප‍්‍රබල ඇමති කියයි..”

  1. Micro Man says:

    සබරගමු පළාතේ වටිනා දිස්ත්‍රික්කයකින් ආවා කියලා තියෙන්නෙ.රත්නපුරෙයෙන් (මිණිපුරයෙන්) වෙන්ඩ ඇති.ඒත් ඒ ඇමති කවුද..? වෙන කවුද ඉතින් පවිත්‍රා ලේලියගේ මාමා මිසක්.

  2. Boo says:

    ඔය යකා ඊට පස්සේ කියයි මම මහින්ද එක්ක හිටියට හිත තියෙන්නේ රනිල් නමැති බැංකු හොරා එක්ක හෝ අර ආප්ප කාල තාච්චියේ රුන්නු පඹයා එක්ක කියල.

    ඕකව සත පහකට විශ්වාස කරන්නත් එපා, ලඟට ගන්නත් එපා, චන්දයට මහින්දගේ පැත්තෙන් තියන්නත් එපා, දිනුවොත් මු ආපහු අනිත් පැත්තට පනින ගෙම්බෙක්.

Main News