මං ඉල්ලුවේ කැබිනට් ඇමතිකමක්.. ලැබුනේ රාජ්‍ය ඇමතිකමක්..

August 16, 2020 at 12:00 pm | lanka C news
මං ඉල්ලුවේ කැබිනට් ඇමතිකමක්.. ලැබුනේ රාජ්‍ය ඇමතිකමක්..

මෙවර කැබිනට් මණ්ඩලය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තුන්දෙනෙකුගේ නම් තමන් විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට යොමුකළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවිර සහ තමන්ගේ නම එසේ යෝජනා කර තිබූ බවද ඔහු පවසයි.

එමෙන්ම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා දීමේදී සලකා බැලිය යුතු පිළිවෙළ තමන් පැහැදිලි ව පෙළගස්වා ලබාදුන් වුවත් ඒ අනුව එහි මුලින්ම ඇතුළත් කර තිබුණේ රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ නම බවත් මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

සති අන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත ඇමතිවරයා උපුටා දක්වමින් මෙම තොරතුරු වාර්තා කර ඇත.

ජයසේකර මහතාට මෙවර හිමිව ඇත්තේ රාජ්‍ය ඇමති ධුරයකි.

111,302 views

30 Comments to “මං ඉල්ලුවේ කැබිනට් ඇමතිකමක්.. ලැබුනේ රාජ්‍ය ඇමතිකමක්..”

  1. predictor says:

    ඇත්තටම කිව්වොත් පොහොට්ටුව නැති වෙලා අත උඩ එනව. එතකොට අතේ නායකත්වය රාජපක්ෂලා අතට යනවද නැද්ද කියන්න දන්නෙ නෑ. නමුත් අත නැති වෙන්නෙ නෑ අවු 3ක් වත් යනකම් පොහොට්ටු පක්ෂෙ ප්‍රධාන පක්ෂයක් විදිහට තියෙයි. මටත් මොකක් හරි කියන්න දෙයක් තියෙන්න එපෑ.

  2. malraj says:

    pawe neda hitan,,,,

  3. අපේ රට says:

    ඔබට ලැබුන මේ තනතුරෙන් සාර්ථක ගමනක් යාහැක එනම්
    1 මහ මැතිවරණ වේදිකාවේ කාන්තා ගැටලුවකට ඔබ හඩමින් සන්වේදි වුනා මතකද?
    2 මැදපෙරදිග රැකියාවට යන කානතාවන්ගේ ගැටලු වෙනුවෙන් ඔබ සන්වේදි වූනා මතකද?
    3,අද ඔබ මේ කාන්තා පරපුරටම සෙතක් කලහැකි ඇමතිවරයෙකි
    4,මොවුන් හට වසර 7ක ණය සහන පහසුකම් මත රෙදිවියන යන්ත්‍රත්
    බතික් කර්මාන්තයට සහනත් ලබාදි දෙස් විදෙස් වෙළදපොළ ඔබේ
    මුලිකත්වයෙන් රජයක් ලෙස මැදිහතව සොයාදෙන්න
    5 මේ හරහා නැගිසිටින කාන්තාව විදෙස් ගතනොවන අතර සහනයක්
    ලබන පවුල් සංස්ථාව ඔබවත් රජයවත් හැරනොයනු ඇත.
    6,මෙහි ප්‍රතිපලය වන්නේ ඔබ බලාපොරොත්තු ඇමතිකමින් ඔබව පිලිගැනොමයි.

  4. kawinda says:

    emathikam aragena mechchara kaalayak karapu de kiyahanko. anna e nisa thamai me paara nodunne.

  5. සමන් රජකුරුප්පු says:

    ඉල්ලපු අමාත්‍ය ධුරය ලැබුනේ නැ කියලා , අඩ , අඩ ඉන්නේ නැතුව
    කැමති නැත්නම් ආණ්ඩුවෙන් ඉවත්වෙලා ස්වාධීනව ඉන්න , කැමති නැත්නම්
    කවුරුත් බලෙන් තියාගත්තේ නැ නේ , ඉවත්වෙන්න ආණ්ඩුවෙන්

    • බූරු පුතානෝ සජීයා says:

      මුන් රොත්තම අයින් වුනොත් 2/3 නැති වෙන නිසා 19 වෙනස්කරන්න බැරිවෙනවා. ඒ නිසා ජාතික ආණ්ඩුවක් හදල කැබිනට් ඇමතිවරු සංඛ්‍යාව 48 කරන්න තමයි දැන් ආණ්ඩුව තීරණය කරල තියෙන්නෙ.

  6. ajantha says:

    EVEN WHAT HAS GIVEN TO YOU IS TOO GOOD FOR YOU. YOU ARE NOT A PERSON EVEN DESERVE FOR A STATE MINISTER.

  7. වයි දිස් කොලවෙරි says:

    මේ වගේ තන්හාකාරයෝ හින්ද තතමා මේ රට පිරිහිලා තියෙන්නේ

  8. Wasala says:

    Take the job and try to show some productive output. Your contribution never measured from your position, but from the work you have accumplished during this hard time

Main News