මං එච්චට නාකි පාටක් නෑ නේද.. සමහරු හිතන්නේ පිස්සු කියලා.. – චන්ද්‍රිකා සභාවක කියයි..

November 1, 2016 at 3:00 pm | lanka C news
මං එච්චට නාකි පාටක් නෑ නේද.. සමහරු හිතන්නේ පිස්සු කියලා.. – චන්ද්‍රිකා සභාවක කියයි..

මේ දිනවල තමන්ගේ ජීවිත කතාව ලියාගෙන යන බවත් හෙට අනිද්දාට එලි දක්වන බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

ගම්පහදී පැවති උත්සවයක් අමතමින් ඇය කියා සිටියේ එමගින් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති ගැන සත්‍ය තොරතුරු බොහෝමයක් හෙලි වනු ඇති බවයි.

අද වන විට ශ‍්‍රිලනිපේ සිටින වයෝවෘද්දම අත්දැකීම් සහිත නායකයා තමන් විය හැති බවද පැවසූ ඇය ගිය ජනවරා 08 වැනිදා ඇතැමුන් කියූවේ තමනට පිස්සු හැදී ඇති බව යයිද කීවාය.

‘අපේ ජනාධිපතිතුමාට වඩා අවුරුදු 5-6ක් නං වැඩියි. එච්චර නාකි පාටක් නං නෑ නේද’ යයි ඇය සභාවෙන් ඇසුවාය.

244 views
Main News