මං කල වැඩ ඉදිරියත් චතුර පුතා කරාවි.. දිස්ත්‍රික්ක දෙකකින් ඉල්ලුවාම පවුල්වාදයක් නෑ.. මං කළුතරින් චතුර ගම්පහින් ඉල්ලුවේ ඒකයි..
April 3, 2019 at 3:50 pm | lanka C news
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂකයා ඉදිරියේ ප්‍රකාශයට පත් කරන බවත්, එම අපේක්ෂකයා ජනාධිපතිවරණය ජයගන්නා බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
මිල්ලනිය, ගල්පාත මංසන්ධියේ පැවැති ජනහමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –
මම 1994 සිට පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. මෙම වසරේ අගෝස්තු මාසයට වසර 25 ක් සපිරෙනවා. වසර 15 කට වැඩි කාලයක් අමාත්‍යවරයෙක් ලෙස සේවය කරමින් කළුතර දිස්ත්‍රික්කයට විශාල සේවාවක් ඉටු කර තිබෙනවා. තරුණ තරුණියන් 15,000 කට පමණ රැකියා ලබාදී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය තුලින් තවත් තරුණ තරුණියන් 4000 කට පමණ ඉදිරියේ දී රැකියා ලබාදීමට නියමිතයි. ජනතාව මට මන්ත්‍රීධූරයක් ලබාදුන්නේ ඉතා විශ්වාසයෙන්. මට ලබාදුන් අමාත්‍යධූරයෙන් ජනතාවට සේවය කළ යුතුයි. 2015 මහ මැතිවරණයේ දී රාජිතට ඡන්ද දෙන්න එපා කියලා කළුතර දිස්ත්‍රික්කය තුල මතයක් ගොඩනැගුවා. නමුත් මම ප්‍රථම ස්ථානය ලබාගත්තේ විශාල ඡන්ද සංඛ්‍යාවකින්. පසුගිය අර්බුද පැවැති සමයේ මම දැඩි සටනක නිරත වුනා. ජනාධිපතිවරයා මගේ මිතුරා වුනත් වැරදි කරන කොට මිතුරුකම පසෙක ලා මම සටන් කරනවා. මට අග්රාමාත්යධූරය බාරගන්න කියා ජනාධිපතිවරයා අවස්ථා දෙකක දී ආරාධනා කළා. මම කිවුවා පස්ස දොරෙන් කුමන්ත්‍රණය කරලා අග්රාමාත්යධූරය අරගන්නේ නැහැ කියලා. අර්බුද පරාජය කළ යුතුයි. එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිවරණයත් ජය ගන්නවා. අපේක්ෂකයා ඉදිරියේ දී ප්‍රකාශයට පත් කිරීමට සුදානම්. එක්සත් ජාතික පෙරමුණ නිර්මාණය කර මැයි මස 01 දා දැවැන්ත ජන රැළියක් කොළඹ දී පවත්වනවා. මෙම පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුත් එකතු වෙනවා. රාජපක්ෂලාට විරුද්ධව කදවුරු බැදීමට සියලු දේශපාලන පක්ෂ එකතු කරනවා.
වත්මන් රජය ආරක්ෂා කළ යුතුයි. අඩුපාඩු තිබෙනවා. අඩුපාඩු නොමැති රජයක් ලොව කොතනකවත් නැහැ. අපි අඩුපාඩු මගහරවා ගනිමින් ඉදිරියට ගමන් කරනවා. ඒ ජනතා සේවාවන් වෙනුවෙන්. ජනතාවට අලාභයක් සිදු වෙනවා නම් මම ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. යුද්ධය අවසන් කිරීමටත් අපි දායක වුනා. නමුත් යුද්ධය අවසන් කිරීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ක්‍රියාකාරකම් හේතුවෙන් කළ කිරීමෙන් රජයෙන් ඉවත් වුනා.
මම ආරම්භ කළ වැඩපිළිවෙල මට අවසන් කරන්න බැරි වුනත් මගේ පුතා චතුර සේනාරත්න මන්ත්‍රීවරයා එය ඉටු කරනවා. ඔහු කළුතරින් ඡන්දය ඉල්ලන්නේ නැතිව ගම්පහෙන් ස්වාධීනව ඡන්දය ඉල්ලුවේ පවුල්වාදයට තිත තැබිය යුතු නිසයි.
– ප්‍රසන්න අධිකාරී
චතුර පුතා,නාමල් පුතා ඔය හැම පුතාම රට්ටුන්ට පිලිකුල්
හීනෙන්ද ???
චන්දෙ කාලෙ හැමදාම ඇරල තිබුන චතුරගෙ ගම්පහ නගරයේ කාර්යාලය දැන් අරින්නෙ බොහොම කලාතුරකින්.චතුර දකින්නවත් නැ.ගම්පහට කරපු වැඩකුත් නෑ ඊලග චන්දෙ එනකන් ගම්පහ මිනිස්සු බලන් ඉන්නෙ චතුරට සලකන්න.
කොළඹ සහ කෝට්ටෙ හැර මේ දින වල රට පුරා විදුලිය කපන්නෙ නියගය නිසා නොව රනිල්/සිරිසේන ආණ්ඩුව පසුගිය වසර හතරටම එකද (mw350 වත්) විදුලි බලාගාරයක් නොහැදීමය්. අලි මදිවට හරක් කිව්වලු. අධික බදු සහ බැඳුන්කර නිසා වැඩිවූ වාරික ගෙවා ගැනීමට බැරිව දඟලන සුලු සහ මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයා විදුලිය නැතිව යන්ත්‍ර ක්‍රියා කර ගන්න බරැව කබලෙන් ලිපට වැටිලා. එවන් අපි ඊලඟ චන්දෙදි එජාපෙ ජනාධිපතිවරයෙක් පත් කොර ගන්න බව දතා මොහමඩ් කියනවා. ඌටද පිස්සු අපටද පිස්සු?
මරුවා දැකලද මේ සිහිවිකල් කතාව..!
අපි ඉදිරියේදී රාජිතවාදයට හා චතුරවාදයට සහමුලින්ම තිත තබනවා.හැකි නම් ජනතාව ජය ගනුව!!!!!!!!!!
Hari de hari weradi de hari ” Appa kala de putha nokaloth ou nottige putha wenawalu ” Ekanisa puthata , thaththa karapu hamadeyama e widiyatama karanna wenawa. Danata katanam e wagemai.
රාජිත නොහොත් සුවපති පුත්, චතුර අරලියගහ මන්දිරයේදී විවාහ දිවියට එළඹි අතර එහිදී ද ඔහු යම් යම් ප්‍රකාශ කිහිපයක්ම සිදු කළේය.චතුර විසින් සිදුකරන ලද එම ප්‍රකාශ සම්බන්ධයෙන් සමාජ ජාලා ප්‍රචාරය සුපුරුදු පරිදිම ලැබී තිබේ. එහිදී බොහෝදෙනෙකු ප්‍රකාශ කර ඇත්තේ තාත්තා සුවපති වන විට පුතා ආතල්පති වී ඇති බවයි.
ඈ බොල බූරුවො මහින්ද ඉල්ලුවෙ කුරුනෑගලින් නාමල් ඉල්ලුවෙ හම්බන්තොටින් ඒක පවුල්වාදය නේද?
තෝ අඩුවක් නැතුව කක්කුස්සි කාටනම් ඌට දීල තියෙනවා.