මං කාටවත් බය නෑ.. ජනපතිගේ වැඩපිලිවෙල ඉදිරියට ගෙන යනවා.. හිඟුරාන ඈවර කරනවා..- ඇමති වක්කුඹුර

January 28, 2021 at 12:40 pm | lanka C news
මං කාටවත් බය නෑ.. ජනපතිගේ වැඩපිලිවෙල ඉදිරියට ගෙන යනවා.. හිඟුරාන ඈවර කරනවා..- ඇමති වක්කුඹුර

ජානක වක්කුඹුර කිසි කෙනෙකුට බය ඇති කෙනෙක් නෙවෙයි. එම නිසා අතිගරු ජනාධිපති තුමාගේ අපේ රජයේ වැඩපිළිවෙළ මම ඉදිරියට ගෙනියනවා  හැට නම ලක්ෂ ජනතාව ඡන්දෙ දුන්නෙ  මේවා පාඩු කරන්න නෙමේ. ලාභ කරන්න.

මේ පිළිබඳව විගණනයක් කරන්න මම දීලා තියෙනවා දැන් ඉතාම ඉක්මනින් මොනවද වෙලා තියලා වෙලා තියෙන්නෙ කියලා බලන්න. ඒක නිසා මගේ කාත් එක්කවත් පෞද්ගලික තරහක් නෑ.  මට වගකීමක් දීල  තියෙනවා රටේ ජනතාව රට වෙනුවෙන් යම්කිසි වැඩ කොටසක් කරන්න යයි  අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කීය

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ ඇඹිලිපිටියේ දී පැවති මාධ්‍ය හමුව අමතමිනි.

හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව ඈවර කරන්න යනවා වහන්න යනවා කියලා මාධ්‍ය හමු තිය තියා එක කණ්ඩායමක් කටයුතු කරනවා මෙතන තියෙන්නේ හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව අවුරුදු 13 කට ඉස්සර වෙලා ගල්ඔය වැවිලි සමාගම කියලා කර්මාන්තශාලාවක් නමින් අළුතින් ආරම්භ කරපු එකක්. හිඟුරාණ කියලා දැන් කිව්වට ඔතන තියෙන්නේ ගල්ඔය වැවිලි සමාගම. ඒ කර්මාන්ත ශාලාව දීලා තියෙනවා ඔය කියන සමාගමට. හිඟුරාණ කියලා කර්මාන්ත ශාලාවක් දැනට එහේ නැහැ.  ඒ නමින් අපේ තිබුණු හිඟුරාන කර්මාන්තශාලාව තමයි ගල් ඔය කියන නමින් තියෙන්නේ.  තව ඉතුරු දේපල ටිකක් තියෙනවා ඒක තමයි මම කිව්වේ  ඈවර කරනවා කියලා.  ඒ කොටසත් ගල් ඔයට දෙන්න.  මේක අවුරුදු 13ක ඉඳන් ආපු වැඩක් තියෙනවා මේ වත්කම් ටික හරියට දීලා තිබුන් නෑ.   ගල්ඔය සමාගමට ඒටික දෙන්න කටයුතු කරන්න තමයි මගේ අමාත්‍යංශයට කියලා තියෙන්නේ.

මේ සිද්ධිය අල්ලගෙන දැන් කියනවා මේ හිඟුරාන විකුණන්න හදනවා කියලා.  මම මේ රටේ ජනතාවට කියනවා හැට නම ලක්ෂයක් ජනතාව ඡන්දෙ දුන්නෙ අපේ රටේ දේපළ පෞද්ගලීකරණය කරන්න නෙවෙයි. පෞද්ගලීකරණය කරපු දේපොළ නැවත වරක් ගන්න කියලා ඒක නිසා 2019 ජනාධිපති මැතිවරණයේදී කර්මාන්තශාලාව ඉස්සරහා තිබිච්ච රැස්වීමේදී  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එදා අපේක්ෂකයා වශයෙන් ඉල්ලද්දි ජනතාව එක හඬින් කිවුවා මේ කර්මාන්තශාලාව රජයට ගන්න කියලා. ගම සමග සමඟ පිළිසඳරට ගිය වෙලෙත් ඒ ප්‍රදේශයේ ජනතාව කිව්වා මේ කර්මාන්ත ශාලාව රජයට ගන්න කියලා.  මේ කර්මාන්ත ශාලාව රාජ්‍ය කර්මාන්ත ශාලාවක් බවට පත් කරලා  ඒ සේවකයන් රජය සේවකයන් බවට පත් කරලා ගොවි ජනතාවට සහන ලබල දෙන්න හදනකොට  දැන් කණ්ඩායමක් උසි ගන්නනවා කියෙනවා මේක විකුණන්න හදනවා කියලා.

මම ඉන්නකං එකක්වත් විකුණන්න දෙන්නෑ මට ජනාධිපතිතුමා කියලා තියෙන්නේ  මේ රජය තියෙන ඒවා ලාභ ලබන තත්ත්වයට ගේන්න කියලා ඒක නිසා පැලවත්ත සහ සෙවනගල අපි ලාභ ලබන තත්ත්වයට පත් කළා  ඒ සේවකයන්ට ඒ සියලු දෙනාටම අපි සහන ලබන දීල තියනව.

ගල්ඔය අවුරුදු දහතුනක් පාඩු ලබන ආයතනයක් 2020 මාර්තු මාසේ තිස් එක් වෙනිදා වන විට එක අවුරුද්දක පාඩුව මිලියන 1400ක්.  හැබැයි මේ 2020 අපි ආණ්ඩුව ගත්තට පස්සේ එතනෝල් පිටරටින් ගේන එක නැවැත්තුවා.  එක බිංවක් මේ රටට ගෙන දුන්නේ නෑ.  එතනෝල් ගෙන්වන එක නවත්තපු නිසා අපි එතනෝල් මිල වැඩි කලා. මිල වැඩි කරලා  අපේ සෑම කර්මාන්ශාලාවකම එතනෝල් වැඩි මිලට වික්කා.   මේ ගල්ඔයත් එහෙම කලා. එතනෝල්  ඒ විකුනපු හින්ද 2020 ලාබයි

ඒ ලාබ ලැබුනේ ඔය කාගෙවත් දක්ෂතාවයක් හින්ද නෙවෙයි. අතිගරු ජනාධිපතිතුමාට අගමැතිතුමාට පින්සිද්ද වෙන්න මම මැදිහත් වෙලා එතනෝල් පිටරටින් ගේන එක නවත්තන්න කටයුතු කළ නිසා තමයි2020 මාර්තු මාසයෙන් පස්සේ  ඒ ආයතනය ඒ ලාභ වෙන්නේ.

මේ ගල්ඔය සමාගමේ සීයට පනස් එකක් රජයට තියෙන්නෙ අර වරාය සියයට පනස් එකක් තියලා හතළිස් නවයක් දෙනවා කියලා කෑගහනව පිරිසක්. හතළිස් නවයක් දෙන්න එපා කියලා.  මම හදන්නේ ආණ්ඩුව මැදිහත් වෙලා  මේ ණය කන්දරාව අපි ගෙවලා  මේක ඒ ප්‍රදේශයේ ජනතාවට සේවකයන්ට වාසි ලැබෙන ලාභ ලැබෙන ආයතන බවට පත් කරන්න.  ඒක නිසා ආණ්ඩුවට මේක අරං කරන එකද හොද?   එහෙම නැත්නම් බහුජාතික සමාගමක් මේක කරන එකද හොඳ කියල මම රටේ ජනතාව ගෙන් අහනවා.  මොනම හේතුවක් නිසාවත් ගල්ඔය සීනි කර්මාන්ත කර්මාන්තශාලාව වහන්න අපි කීයකට වත් ඉඩ තියන්නේ නැහැ . ඔයිට වඩා හොඳට ඔය කර්මාන්තශාලාවේ ප්‍රදේශයේ ජනතාවට ගොවි මහත්තුරුන්ට  ඒ අයට සහනයක් දෙන වැඩපිළිවෙලක් තමයි අපි කරන්නේ

සීයට සීයක් රජයේ අයිතියට ගන්නකොට දැන් බලන්න පැල්වත්ත සෙවනගල අද  මොකද වෙලා තියෙන්නෙ. අද ලාබ ලබනවා රජය තමන්ට අයිති දේ නැවත ගන්නවනං ඒක නරක දෙයක් ද.  එහෙම රට වෙනුවෙන් වැඩ කරන කොට කියනවා කාගෙවත් උවමනා එපාකම් කරනවයි කියලා කාගේ නුවමනා එපාකම් නොකරන හින්දා තමයි ඔය විදියට අපිට දොස් නගන්නේ මාධ්‍ය හමු තියල.

දැන් මේ අය මේගොල්ලන් ගැන බැංකු වලින් සල්ලි අරගෙන ඒ ආයතන වලට ම තමයි පොලිය ගෙවන්නේ

මම දැන් පරීක්ෂණයක් කරනවා ආයෝජකයෙක් එනකොට ආයෝජකයක් ගේන්න ඕන මුදලක් තියෙනවා. මම මේ ගැන සොයල බැලුවා. අපේ අමාත්‍යංශය බැලුවා. රජයේ කොටස් ටික දුන්නම ආයෝජකයා මුදලක් ගෙන්න ඕන.   මම හොයලා බැලුවම ආයෝජකයා ගෙනාපු මුකුත්ම නෑ. ඔහු ණයක් ගෙනැල්ලා තියෙන්නේ.  ලංකා බැංකුවේ හෝ මහජන බැංකුවේ ණයක් අරන් කර්මාන්තශාලාවක් හැදුවම 49% ක් බැංකුවලට ඒ අයට කොටස් දෙනවද.  එහෙම කොටස් දෙන්නෙ නැහැ. එහෙම දෙයක් මෙතන වෙලා තියෙන්නේ. ඒ නිසා ඉදිරියේ දී විගණනයක් කරලා  රටට හෙළිකරනවා මේ ආයතන මොනවද කළේ කියලා .

ඒ ප්‍රදේශයේ ගොවි ජනතාව මාව හොයාගෙන ඇවිල්ල කියන්නේ මේ විස්තර කියනවා. කවරයක රෙදිටික දාගෙන කොට කලිසම ඇදන් ආපු ගාල්ල පැත්තෙ මහත්තුරු අද අම්පාර තට්ටු තුන හතර ගෙවල් හදාගෙන ඉන්නේ.  මේ කම්මලෙ වාසි වෙලා තියෙන්නෙ ඒ ප්‍රදේශය මිනිස්සුන්ට නෙවෙයි එක පැලැන්තියකට. එක පැලැන්තියකට වැඩ කරන්න නෙමෙයි මේ ආණ්ඩුව පත් කරල තියෙන්නෙ.  මම වැඩ කරන්නේ රටේ ජනතාවට ඒ නිසා  කිසිම හේතුවක් නිසා ඔය සේවකයින්ට වත් ගොවි ජනතාවට වත්  ඒ ප්‍රදේශයේ ජනතාවට වත් කිසි විටෙකත් හානියක් වෙන්න මම ඉඩ තියන්නේ නැහැ.  මීටත් වඩා හොඳ යමක් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

රටේ ජනතාව අප ගැන  විස්වාස කරල  තමයි ලක්ෂ හැට නවයක් ඡන්දය දුන්නේ. ලංකා සීනි සමාගම දියුණු කලා.  ඒ වගේම ගල්ඔය සීනි සමාගමත් දියුණු කරන්න අපි කටයුතු කරනවා  යයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කීය

– ප්‍රගීත් ජනක

26,513 views

14 Comments to “මං කාටවත් බය නෑ.. ජනපතිගේ වැඩපිලිවෙල ඉදිරියට ගෙන යනවා.. හිඟුරාන ඈවර කරනවා..- ඇමති වක්කුඹුර”

  1. Alapaluwa says:

    මැස්සෙක් හදනව උකුස්සෙක් පියාඹන උසට පියාඹන්න. ඔය පවුලෙ එකාල දෙනවද බං තව එහෙකුට ඉහලට යන්න? සේරමල අතවැසියො වගේ ඉදපල්ලා මුංව රජකලානම්.

    • සිරා says:

      13 එපා කියලා ඉන්දියාවට තග දාන්න ගිහිල්ලා අන්තිමට වැක්සීන් ප‌ෙට්ටියක් කරේ ගහගන්න වුනා.
      ආයේ නම් ගෝටවත් ගෝටගේ ගොට්ට‌ෙක්වත් 13ට විරැද්දව කටක් අරින්නේ නෑ.වහාම ලඟදිම පාලාත්සභා චන්දය තියන්නත් නියලා ඉන්දියාව දැනුම් දීලා..කාලාපයේ ජනතාවගේ මානව හිමිකම් ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම් රැකීමට තමන්ට ලොකු වගකීමක් ඇති බව ඉන්දියාව අවධාරණය කරලා.

    • වයි දිස් කොලවෙරි says:

      ලන්කාවට සීනි ආනයනය මහා පරිමාණ බිස්නස් එකක්. මේක කරන්න නම් ලන්කාවේ සීනි නිශ්පාදනය නතර කරන්න ඕනෙ වුනා.

      ඉතින් කපටි ව්‍යාපාරිකයන් එවකට UNP ආන්ඩුවේ සහය ඇතුව සීනි කර්මාන්තශාලා මිලදී ගත්තා.

      අරගෙන හිතා මතාම පාඩු කලා. නිශ්පාදනය නතර කලා. ඉන්පස්සේ පිටරටින් සීනි ආනයනය කරලා ලොකු ලාභයක් ගත්තා.

      • Alapaluwa says:

        ඔව්. ඒ විදිහටම අපේ ලොක්කා හිටි හැටියෙම සීනිවල බද්ද සත 25 ට බස්සල රුපියල් මිලියන දාහකට ශොට් එක දුන්න එක නයිට් එකෙන්. මහ බැංකු බැදුම්කර වංචාව හා සමාන ගානක්. ඒවටනම් දක්ෂයි මොනව නැතත්.

  2. බන්ඩා says:

    රජය බිස්නස් කර ලාබ ගන්න බැහැ. ඒක ඇත්ත. ඔය 49% කොටස් වෙළඳ පොලේ විකුනන්න බැරිද?

  3. බන්ඩා says:

    රජය බිස්නස් කර ලාබ ගන්න බැහැ. ඒක ඇත්ත. ඔය 49% කොටස් වෙළඳ පොලේ විකුනුවොත් ගොවියන්ටත් කොටසක් දෙකක් අයිත් කර ගන්න පුලුවන්.

  4. ක්‍රිමිනල් says:

    මේ රටේ ජනතාව සතු දේපල මෙව්වා , තොපේ බූදලය නෙමේ ,රාටේ දේපල මුන් මුන්ට ඔනේ ඔනේ විදියට විකුනලා කොමිස් ගහනවා , වරාය ඉන්දියාවට දෙනකොට කොමිස් මිලියන 1500 ක කොමිස් මුදලක් හම්බ වෙනවා කියන්නේ අපි නෙමෙයි මේ පාණ්ඩුව ගේන්න කඩේ ගියපු උන්දැලමයි ,රටේ සම්පත් විකුනනකොට ඒ ඒ රාජ්‍ය නායකයා එක එක නම් දාලා මේ රටේ අමූ මීහරක්ව ඇන්දුවා ,ප්‍රේමදාස කිව්වෙ ජනතාකරණය කරනවා කියලා ,චන්ද්‍රිකා කිව්වේ පෞද්ගලීකරණය කියලා ,රාජෆක්සලා කියන්නේ ආයොජනය කරනවා කියලා , මේ රටේ නිතී සම්පාදනය කරන්න ඔනේ , රටේ සම්පත් විකුනගෙන කොමිස් කන එවුන්ව එල්ලලා මරන්න ,අර චීනේ වගේ. එදාට මේ රට හැදේවී.

    • ප්‍රේමදාස says:

      ක්‍රිමිනලෝ තොපේ හ්රතිකරේ කොහෙද ගොනෝ චිනේ වගේ මැරුවේ. බෙල්ල කපල කෝටුවක ගහල හන්දියක තියයි එහෙම නැත්නම් ටයර් දෙකක් බෙල්ලට දල ගිනි තියයි. අපි නොදන්නා ජප්පෝ 71. 88.89 ජිවත් වල හිටපු මිනිස්සු තම මැරිලා නැහැ බුරුවො.

      • මිගාර says:

        ඔබලාගේ අවසාන ගායනාව ඕක. කලබල නැතිව උඩ කියල තියනදේ හරිවැරැද්ද සිහිබිද්ධියෙන් සිතාබලන්න.

  5. රන්වල says:

    මූ ගොනා උනාට ඇත්තත් කියනව ලොක්කගෙ වැඩපිලිවෙල ඈවර කිරීම තමා කැලෑ ටික ඈවර කරගෙන යනව වරාය ඈවර කරන්න ලෑස්ති රුපියල ඈවර කලා දැන් ඩොලරෙ දෙසීයයි.කොවිඩ් නිසා කෙලවුනු රටවිරුවන්ගෙ විරු පට්ටමත් ඈවර කලා යාලුවොන්ට ගසා කන්න දීල.ඒ අනුව ඔහෙත් ඔහෙට පුලු පුලුවන් දේ ඈවර කරල අන්තිමේ රටත් ඈවර කරමු බාගෙ බාගෙ චීනටයි ඉන්දියාවටයි.

    • Alapaluwa says:

      අනේ පල මෝඩ උත්තා. අම්මට හෑන්ඩ්බ්‍රේක් ගහන කතා කියවන්නෙ නැතිව.

  6. කටට පුකට ගත්තනං පැත්තකට වලා හිටු..! says:

    මේ මොන ගොං හූනු බිඡ්ඡෙක්ද… කිරිබිඡ්ඡෝ… කටට පුකට ගත්තනං පැත්තකට වලා හිටු කලිසමේ චුකරගන්නෙනැතුව ..’ ..’

  7. sunimal says:

    ජනතාව විමසිල්ලෙන් ඉන්නේ.

  8. ගොන් බයියා says:

    අපරාදෙ කිරිබත් හදන්න ගිය සල්ලි

Main News