‘මං කාලි.. ඔබ වහන්සේගෙ අම්මා.. ඇයි මගේ ඖෂධය පැත්තට විසි කරන්න කිවුවේ..’ ධම්මික බණ්ඩාර අටමස්ථානාධිපති හිමියන් ලග ගුගුරයි.. උඩමළුවට යන්න නොදුන්නාට විරෝධය..

December 16, 2020 at 10:02 pm | lanka C news
‘මං කාලි.. ඔබ වහන්සේගෙ අම්මා.. ඇයි මගේ ඖෂධය පැත්තට විසි කරන්න කිවුවේ..’ ධම්මික බණ්ඩාර අටමස්ථානාධිපති හිමියන් ලග ගුගුරයි.. උඩමළුවට යන්න නොදුන්නාට විරෝධය..

කොරෝනා වෛරසය මැඩලීම සඳහා ඖෂධයක් සොයා ගන්නා ලද කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා එම ඖෂධය ජය ශ‍්‍රී මහා බෝධියට හා රුවන්මැලි මහා සෑයට අද දිනයේ පූජා කරන ලදී.

ජය සිරි මහා බෝධියේ ඉහළ මාලයට එය පූජා කිරීමට අවසර ඉල්ලුවද ඔහුට අවසර ලැබුවේ පහල මාලයට ඇතුළු වීමට පමණි.

එම කටයුතු නිම වීමෙන් පසු ධම්මික බණ්ඩාර මහතා පැමිණ අටමස්ථානාධිපති හිමියන් සමඟ වාදයක් ඇති කරගන්නා ලදී.

තමන් ලෝකය බේරා ගැනීමට සාදන ලද ඖෂධය සිරි මහා බෝධියට පූජා කිරීමට අවසර නොදුන්නේ මන්දැයි ඔහු උස් හඬින් නාහිමියන්ගෙන් ප‍්‍රශ්ණ කලේය.

‘ලෝකයේ සියළු දෙනාම බේරගන්න මං ඖෂධයක් හැදුවා. ඔබ වහන්සෙ දන්නව මං කාලි කියල. මගේ ඖෂධයට ඇයි අගෞරවයක් කලේ පැත්තකට විසි කරන්න කියල. මං උතුම් වූ ජයසිරි මා බෝධීන් වහන්සේගෙ බෝධි මූලයටයි මේ පූජාව කරන්න හැදුවෙ. ඇයි මට අවසර දුන්නෙ නැත්තෙ. මං කාලි. ඔබ වහන්සේගෙ අම්මා. මට මේ කටයුත්තෙන් ඉවත් වෙන්න අවසර දෙන්න’ යයිද ඔහු එහිදී පැවසීය.

237,337 views

83 Comments to “‘මං කාලි.. ඔබ වහන්සේගෙ අම්මා.. ඇයි මගේ ඖෂධය පැත්තට විසි කරන්න කිවුවේ..’ ධම්මික බණ්ඩාර අටමස්ථානාධිපති හිමියන් ලග ගුගුරයි.. උඩමළුවට යන්න නොදුන්නාට විරෝධය..”

  1. Demuni Uduwara says:

    From the words uttered before Nayaka Hamuduruwo impress us who is Dhammika.

  2. සත්‍යය says:

    කාලි අම්මෙක් නොවන බවත්, කාලි යක්ෂ ආත්මයක් බවත් සළකන්න. ඒ යක්ෂ ආත්මය ධම්මිකට ආවේශ වී ඇත. නැතිනම් නොබියව එසේ පවසන්නේ නැත. අශුද්ධ මිනිසුන් තුළට එවැනි අශුද්ධ ආත්ම පැමිණ , සමාජය මුලා කරමින්, සැබෑ දෙවියන්වහන්සේගෙන් මිනිසුන්ව වෙන් කරන දෙය , ආත්මික තලයේ සාමන්‍ය දෙයකි.

Main News