මං කැප්පෙටිපොල වගේ නායකයෙක්.. තුට්ටු දෙකේ කාලකන්නි සිංහලයෙක් නොවෙයි..- රාජිත

July 2, 2019 at 11:20 am | lanka C news
මං කැප්පෙටිපොල වගේ නායකයෙක්.. තුට්ටු දෙකේ කාලකන්නි සිංහලයෙක් නොවෙයි..- රාජිත

බෝම්බ ප්‍රහාර, වෙඩි උණ්ඩ වලට මුහුණ දෙමින් ජාතිවාදයට හා ආගම්වාදයට එරෙහි සටන ඉදිරියටම ගෙනයන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ “අන්තවාදය එපා, ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමු” මහා සමුළුව අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙම සමුළුව කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විනි.

මෙම සමුළුව ඇමැතූ සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

“යුද්ධය අවසන්වීමෙන් පසු මම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රකාශ කළා දෙවන නෙල්සන් මැන්ඩෙලා වෙන්න කියලා. නොබෙල් සාම ත්‍යාගයත් ලබාගන්න පුළුවන් කියලා කිවුවා.

නමුත් එතුමා රොබට් මුගාබේ කෙනෙක් වුනා. අපි එම මුගාබේට එරෙහිව ජනබලයක් නිර්මාණය කර වත්මන් රජය ස්ථාපිත කළා. හිටපු ජනාධිපතිවරයා සතුව වර්තමානයෙත් ජාතිවාදය, ආගම්වදය තිබෙනවා.

පසුගාමි, මිනිසත්කම නොතේරෙන කාළකණ්නි මතවාද වලින් පෝෂණය වූ නායකයෙක්. අද ජාතිවාදය වපුරමින් බලයට එන්න හදනවා. මිනිසුන් මරලා බලයට එන්න හදනවා. තම මිනිසුන් මරලා බලය ලබාගත්තාට වැඩක් නැහැ.

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කළේ බණ්ඩාරනායක මහතායි. නමුත් පසුව බණ්ඩාරනායක මහතාගේ දුව 1994 වසරේ දී සිංහල හා දෙමළ භාෂා වලට සමතැන ලබාදුන්නා. බොරු වැඩ කරලා ප්‍රශ්න විසදන්න බැහැ.

භාෂාව විසදා ගැනීමට බැරි වුන තැන දෙමළ ජනතාව බලය ඉල්ලුවා. පළාත් සභා ගෙනඑන විට රට ගිනි ජාලාවක් බවට පත් කළා. නමුත් අපි රට පළමු ස්ථානයටත්, දේශපාලනය දෙවන ස්ථානයටත් තබා කටයුතු කළා.

අපි ටයි කෝට් ගහපු වෛද්‍යවරු, ඒවා ගලවලා ජාතික ඇදුම ඇදගෙන දේශපාලනට පිවිසියේ රට වෙනුවෙන්. දේශප්‍රේමීත්වය අපටත් තිබෙනවා. අපි තුට්ටු දෙකේ කාලකණ්නි සිංහලයන් නොවෙයි.

කැප්පෙටිපොල වගේ නායකයින්. සතුරට විතරයි පහර දෙන්නේ. අපිත් සිංහලකම අනුන්ගෙන් උදුරා ගන්නේ නැහැ. ජාතිවාදයට, ආගම්වාදයට එරෙහි මෙම සටන ආරම්භයක් පමණයි.

තවත් අදියරකට අපි ඔබලා කැඳවනවා. අපි ජාතිවාදයට, ආගම්වාදයට එරෙහි බලය පෙන්වනවා. මේ ගැන ඉවසුවා ඇති. බොම්බ ප්‍රහාර, වෙඩි උණ්ඩ වලට මුහුණ දෙමින් අපි ඉදිරියටම යනවා.”

– adaderana

126 views

26 Comments to “මං කැප්පෙටිපොල වගේ නායකයෙක්.. තුට්ටු දෙකේ කාලකන්නි සිංහලයෙක් නොවෙයි..- රාජිත”

  1. Niru says:

    This bugger is a gentleman but his son is a two bit asshole. So how is he connected to his son?

  2. Nim says:

    ” NAREYEK GIYA DURA ”

    HEENA DAKINNA
    ONAMA GONEKUTA PULUWAN.
    👹👹👹👹👹👹👹👹👹👹.

    • OBSERVER says:

      Only the selfish people blow their own trumphet. According to the people who judges your behaviour from L.T.T. E brutal terrorist period(watching the debates you participated ,your comments to devalue the peoples’ patriotism etc. ),they consider you as a traitor who had betrayed the Nation. The people consider as , you donot worth even a small hair of the body of our great hero, WEERA KEPPETIPLOA.LOKA WIHILU.

  3. Tikiri says:

    එතුමාට ලැඡ්ජ හිතෙන කථා කියන්න එපා රාජිතයෝ.

  4. pisso says:

    jangiya dalada

  5. Rupe says:

    Mu kiyana me motta katha ahanna ewun inna ekai pudume.

  6. Gayantha says:

    වීර ගෙබි රජ ඔබයි

  7. Priyankara says:

    Apa beraganna uthsaha karanna, parajayanum isthirai

  8. Dimuthu says:

    Kalakanni balla

  9. Herath Banda Karaliayadda says:

    No other name is suitable for Dental Technician of RS is undeniably political Lumpen.
    Most corrupted man of that UNP-policy oriented politician of Island.
    He is real party could be UNP.@

Main News