මං කොරෝනා හදාගන්නවා.. දේශීය ඖෂධවලින් සුවකරගෙන පෙන්වන්න සූදානම්..- ඖෂධ නිපදවා පේටන්ට් දිනූ ලාංකිකයා කියයි..

April 5, 2020 at 10:00 am | lanka C news
මං කොරෝනා හදාගන්නවා.. දේශීය ඖෂධවලින් සුවකරගෙන පෙන්වන්න සූදානම්..- ඖෂධ නිපදවා පේටන්ට් දිනූ ලාංකිකයා කියයි..

මම නව නිපැයුම්කරුවෙක් පර්යේෂකයෙක්. ඒ සඳහා මාව හදුනාගන්න මට නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මඟින් හැඳුනුම්පතක් ලබා දීලා තියෙනවා. මම නව නිපැයුම්කරුවෙක් විදිහට ජාත්‍යන්තරය ජයගත් පුද්ගලයෙක්. ස්වීට්සර්ලන්තයේ රන් පදක්කම් ලාබියෙක්. ජනාධිපති සම්මාන ලාබියෙක්.

නව නිපැයුම්කරුවකු විදිහට මට අද ලොවම මවිත කරන බිහිසුණු කොරෝනා වෛරසයට ප්‍රතිකාරයක් හඳුන්වා දෙන්න පුළුවන් වෙලා තියෙනවා. මම වසර තුනක් තිස්සේ කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලය තමයි මේ බෙහෙත.

මම දැනගෙන හිටියෙ නැහැ කිසි දිනෙක කොවිඩ් 19 නැත්නම් කොරෝනා කියලා වසංගතයක් ලෝකෙ විනාශය කරා රැගෙන යයි කියලා. නමුත් මම පර්යේෂකයෙක් විදිහට වයිරස් එකකට ප්‍රතිකාරයක් හොයා ගන්න හිතුවා. ඒ දැනට වසර තුනකට පෙර.

මම පළමුව කළේ මිනිසාට හානි කළ හැකි ප්‍රබල වෛරසයක් නිර්මාණය කරන එක. දෙවනුව එම වෛරසය විනාශ කරන්න ක්‍රමයක් අවශ්‍ය උනා. මේ බෙහෙත හදන්න මම ප්‍රයෝජනයට ගත්තෙ දේශීය ඖෂධීය ශාක වර්ග 6 ක්.

මම මේ බෙහෙත ඕනම වෛරසයක් විනාශ කරන්න පුළුවන් එකක් බව සාක්ෂි සහිතව ඔප්පු කරන්න සූදානම්. පසුගිය කාලේ පුරාවටම මම මෙම බෙහෙත විවිධ ක්‍රම වලින් අත්හදා බැලුවා.

නමුත් මේක මට ලෝකයට හඳුන්වා දෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. හදිසියේම පැමිණි මේ කොවිඩ්19 හෙවත් කොරෝනා වසංගත තත්ත්වය නිසා මම අද පළමුවෙන්ම හඳුන්වා දෙනවා.

මම කරන්නෙ අභියෝගයක්. මට පුළුවන් කොරෝනා වසංගතයට මම ගොදුරු වෙලා සුව වී පෙන්වන්න. එසේ නැත්නම් කොරෝනා වෛරසය සහිත රෝගියෙකුට මෙම බෙහෙත ලබාදෙන්න අවස්ථාව සලසා දෙන්න. රෝගියාට මෙම බෙහෙත දීමට පැය බාගෙකට පෙර මම බොනවා. මේ බෙහෙත අතිවිශේෂ විදිහට නිෂ්පාදනය කරලා තියෙන්නේ.

මේ බෙහෙත බිව්වහම ශරීරය තුළ තියෙන ප්‍රතිශක්තිකරණ හැකියාව තුන් ආකාරයකින් වැඩිකරනවා. කොරෝනා හෝ මොනයම් වෛරසයක් ශරීරය තුළ තිබුණත් දෙවිදියකින් පහරදීලා එම වෛරසයේ ශක්තිය හීන කරනවා. ඒ වගේම මෙම බෙහෙත පාවිච්චි කරන පුද්ගලයාට තම ශරීරයේ ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය වන බව දැනෙනවා. ඒ දැනීමත් එක්ක මානසික ආතතිය අඩු වෙනවා. ඒ තුළ සිදුවන්නේ රෝගියා සුවපත් වන එකයි.

මම මේ දෑත් එක්කොට ජනාධිපතිතුමාගෙන්, අගමැතිතුමාගෙන්, සෞඛ්‍ය ඇමතිතුමියගෙන් හා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලනවා, කොරෝනා වසංගතයට ගොදුරු වී ඇති මිනිසුන් වෙනුවෙන්, ලෝකයක් විපතට පත් වී ඇති ව්‍යසනකාරී මේ අවස්ථාවේ එම රෝගීන්ට සුවය ලබා දෙන්ට මේ බෙහෙත ලෝකයට හඳුන්වා දෙන්න මට අවස්ථාව ලබා දෙන්න කියලා.

ඕනෑම වෛද්‍ය මණ්ඩලයක් නම් කරන්න.එම බලධාරීන් නියම කරන ඕනෑම නීති, රීති, කොන්දේසි වලට යටත්ව පළමුව මම වෛරසය ශරීරගත කරගෙන මෙම බෙහෙත පාවිච්චි කර නිරෝගී වී පෙන්නනවා. නැත්නම් මෙම පරීක්ෂණය සඳහා සුදුසු අයෙකු නම් කරන්න. මට දිය හැකි සහතිකය වන්නේ පළමුව මට කොරෝනා රෝගියකු වී මම සොයා ගත් මෙම බෙහෙතෙන් නිරෝගී වෙන්න අවසර ලබාදෙන්න. නැත්නම් රෝගියෙකුට ප්‍රතිකාර කරන්න අවසර දෙන්න.

දැන් මේ වසංගතය ජාතික වශයෙන් පමණක් නොවෙයි ජාත්‍යන්තරයම ගොදුරු වී හමාරයි. බල බල ඉන්න කාලයක් ඉතුරු වී නැහැ. වහා ක්‍රියාත්මක විය යුතුයි.

මම නව නිපැයුම්කරුවකු සහ පර්යේෂකයෙක් විදිහට පේටන්ට් බලපත්‍ 14 ට හිමි කම් තියෙනවා. ඒ 14 න් 05 ක්ම බෙහෙත් වර්ග සොයා ගැනීම වෙනුවෙන් ලැබුණු ඒවා.

මම මේ හැම පර්යේෂණයක්ම අත්හදා බැලුවේ මගේ ශරීරයටම එම බෙහෙත එන්නත් කරගෙන, නැත්නම් බීලා.

– mawbima

520 views

60 Comments to “මං කොරෝනා හදාගන්නවා.. දේශීය ඖෂධවලින් සුවකරගෙන පෙන්වන්න සූදානම්..- ඖෂධ නිපදවා පේටන්ට් දිනූ ලාංකිකයා කියයි..”

  1. KARU says:

    oka boruwak, Why he couldnt slove diabetcs? Because he cant. So sure he is lying.

  2. CNW Pathirana says:

    HE SAYS HE CREATED A VIRUS. DANGEROUS..ILLEGAL I GUESS..

    Any we believe traditional medicine can cure any viral deseases through increasing immunity.. But still it depend on person’s fitness. we may save some who die..some not.. (Even if find a cure = that could be the result)

  3. Lasantha says:

    Authorities can arrange a way yo seek the possibility to test the medicine……

  4. Aurora says:

    දේශීය වෙදකමේ වෛරස් වලට ප්‍රතිරෝධී සහ ශරීරය තුල ප්‍රතිශක්තිය වැඩිකරන්න පුළුවන් ඖෂධ තියනවා. නමුත් ඖෂධ කොම්පැණි කාරයන්ගෙන් විවිධ වරප්‍රසාද ලබන බටහිර වෛද්‍යවරු ඔබට මේ බෙහෙත කරන්න කිසිම අවස්ථාවක් දෙන්නේ නැහැ. ඒ නිසා ඔබ දන්නා අයකුට ප්‍රතිකාර කරන්න සිදුවෙනවා අප්‍රසිධියේ. ඒ වගේම කොරෝනා සඳහා කරණ PCR පරීක්ෂාවත් කිරීම සඳහා සීමාවන් පනවලා තියෙන්නේ ඔබ වගේ විකල්ප ධාරාවේ නව සොයාගැනීමකින් කොරෝනා සුව වුනොත් කියන බය බටහිර වෛද්‍යවරු සහ ඔවුන්ව මෙහෙයවන ඖෂධ කොම්පැණි කාරයන් තුල තියන නිසා. යම් විධියකින් බටහිර නොවන ක්‍රමයකින් කොරෝනා සුවවුනොත් ඉන්පසු මිනිස්සු ඔය පෙති, එන්නත් සහ බටහිර වෛද්‍යවරු පිළිබඳව තියන විශ්වාසය නැතිවෙලා වෙළඳපොල කඩාවැටෙනවා. ඕකයි රහස. මේකේ කමෙන්ට්ස් දාන කී දෙනෙකුට බේත් කොම්පැණි ගෙවනවද?

  5. Neel says:

    Muta nam pissu…..

    • සරානන්ද says:

      ඇත්තෙන්ම, පිස්සෙකුට කොරොනා හැදුනොත් මොකක් වෙයිද?

      • Janaka from Matara says:

        ..කොරෝනවටත් පිස්සුව වැසී, අලි මදිවට හරක් තත්වයක් ඇතිවීමට බොහෝ අවකාස ඇත​.
        දැන් මේ ගහෙන් බිමට වැටී ඉන්නා අපිට නැට්ට උස්සාගත් ගොනුන් අහල පහල නැතැයි සිත් තැවුල් වීමට අවශ්‍යතාවයක් නැත​.

  6. අමෙරිකාවෙ, ඉතාලියෙ රෝහල්වලට ගන්නැතුව නිවෙස්වාලම අතෑරලා දාපු රෝගීන් බොහොමයක් සිටිනවාලු.
    ඔවුන්ගේ ලිපිනයන් කිහිපයක් ලබාගෙන අවුෂදය යවා සුවකර පෙන්වනු!
    කුප්‍රසිද්ද සුවිස් තා. කාර්යාලය උදවු කරාවිනේ;;;;;;;

  7. Dhammika says:

    Unfortunately He is a Sri Lankan !!!!!!!!!!!

  8. රංජ says:

    බෙහෙත හදන්න ඔයා ඉන්න ඕන නිසා… Test run එක තෙවරප්පෙරුමට ගහල බලමුද? ඌ කැමති වෙයි. Youtube දානවා කියල කියපන්

  9. Gama says:

    මතකද කාලෙකට ඉස්සෙල්ල පිස්සෙක් හිටිය පලාත් වල පස් සාම්පල් දිහා බලල භූමි කම්පා ගැන අනාවැකි කියන්ඩ පුලුවං ය කියල කියපු කෙනෙක්. කොලඹ ආසන්නයේ වෙනව කියල පල් වෙලා ගියේ.

  10. Gama says:

    මතකද කාලෙකට ඉස්සෙල්ල පිස්සෙක් හිටිය පලාත් වල පස් සාම්පල් දිහා බලල භූමි කම්පා ගැන අනාවැකි කියන්ඩ පුලුවං ය කියල කියපු කෙනෙක්. කොලඹ ආසන්නයේ වෙනව කියල කාල වකවානු එහෙම දීල පල් වෙලා ගියේ.

Main News