මං ගිය රාජකීය විද්‍යාලයට ගමේ ලමයින්ට යන්න බැරි නිසා මං ගමේ රාජකීය විදුහලක් හැදුවා…

September 29, 2021 at 5:30 pm | lanka C news
මං ගිය රාජකීය විද්‍යාලයට ගමේ ලමයින්ට යන්න බැරි නිසා මං ගමේ රාජකීය විදුහලක් හැදුවා…

‘රටේ මංමාවත් හැදිල ගොඩනැගිලි හැදිල රට දියුණු වෙනවා වගේම දරුවන්ගේ දැනුමත් හොදින් දියුණු වෙන්න ඕනේ. මම ගිය රාජකීය විද්‍යාලයට ගමේ දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට යන්න බැරි නිසා මම නාවලපිටියේ රාජගිරිය විද්‍යාලයක් හැදුවා. මේ වනවිට මේ රාජකීය විද්‍යාලයෙන් උගත් බුද්ධිමත් දරුවන් විශාල පිරිසක් රටට දයාද කරමින් සිටිනවා’ යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නාවලපිටිය හයින්පෝඩ් මාපා කන්ද විද්‍යාලයේ නව ගොඩනැගිල්ලක් සඳහා මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවට සහභාගි වී සදහන් කෙළේය.

පළමු වසරේ සිට අපොස සා.පෙළ දක්වා ළමුන් 157 දෙනෙකු අධ්‍යාපනය ලබන මෙම විද්‍යාලයට ඇත්තේ පංති කාමර 4කි. ඉතා දුෂ්කර වු මෙම ප්‍රදේශයේ දරුවන්ට නගරයේ උසස් විද්‍යාල සිහිනයක්ම විය. එම සිහිනය මල් පල ගන්වමින් ලක්ෂ 70කවියදමින් ඉදි කෙරෙන නව දෙමහල් ගොඩනැගිල්ලකට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මුල් ගල තැබීමට එක්ව සිටියේ ඉකුත් 26 වනදාය. එහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මාපා කන්ද ප්‍රදේශයේ ජනතාව ගේ පානීය ජල ප්‍රශ්නය විසදීම සඳහා ද ඉක්මන් පියවර ගන්නා බව සදහන් කෙළේය.

“මුදල් තිබෙන නගරයේ දෙමාපියන් තමන්ගේ දරුවන්ට පෞද්ගලිකව ගුරුවරු ගෙදරට ගෙන්වා ගෙන හරි සූම් තාක්ෂණය යොදා ගෙන හරි උගන්වනවා. නැති බැරිකම් ඇති දෙමාපියන්ට රජයේ පාසැලට තම දරුවන් යවනවා හැරෙන්න වෙන විසදුමක් නෑ. කොවිඩ් වසන්ගත තත්වය සම්පූර්ණයෙන් ම පහව ගිය පසු දිවයින පුරා සියලු පාසැල් විවෘත කරන්න රජය අපේක්ෂා කරනවා. ජනවාරි වන විට රජයේ ඒ අපේක්ෂාව ඉටු කර ගන්න පුළුවන් වෙයි කියල අපි විශ්වාස කරනවා. ඒ අතරේ සිසුන් 200ට අඩු පාසැල් දෙසැම්බර් මාසයේ විවෘත කරන්න අපේක්ෂාවෙන් ඉන්නවා. ලෝකයේ දියුණු රටවල් අභිබවා අපි කොවිඩ් එන්නත ජනතාව ලබා දී ඇති බවද එම නිසා මරණ සංඛ්‍යාව අඩු කර ජනතාවට ජිවත් වීමේ අයිතිය රජය තහවුරු කර ඇති බවද අමාත්‍යවරයා කිවේය.

ජයසූරිය උඩුකුඹුර
මාධ්‍ය ලේකම්

48,278 views

20 Comments to “මං ගිය රාජකීය විද්‍යාලයට ගමේ ලමයින්ට යන්න බැරි නිසා මං ගමේ රාජකීය විදුහලක් හැදුවා…”

  1. Steve says:

    UK has a food fuel shortage. SL Balu SAJABA UNP JVP Champaka Gong Haththa should report that.

  2. Nbm says:

    What is your OL results please?
    Can you publish with the year my dear?

    • Plastic Surgeon says:

      මේ යකාගේ කට හදන්නත් බෑ.. මොළේ හදන්නත් බෑ. මූ හැදෙන්නෙත් නෑ.
      දැන් මිනිස්සු අහන සරල ප්‍රශ්නය “උඹ හදපු රාජකීය විදුහලට උඹේ දරුවන් මුණුබුරන්ව උඹ යවනවාද”?

  3. dot says:

    A school like Royal is an attraction not for its buildings but the quality teachers that it attracts for its the metropolitan .the funding for resources by state and parent donations .and the scholars that are so motivated to develop their talents backed by Parental attitudes .so many variables .does this Minister think he cam achieve this in a rural area .ir this is just empty rhetoric ?.

  4. Sharm says:

    මේ පිස්සා රෝයල්එකට ගිහින් මොනවා වත් ඉගෙන ගත්තා කියලද කියන්න හදන්නෙ? එහෙම ඉගෙනගත්තා නම් sales rep job එකක් කලේ මොකෝ? පව් ඉතින්.. එහෙම වත් පැටිකිරියක් මවා ගන්න හදනවා …මානසික රෝගියො..

  5. SAMAN says:

    මේ යකාගේ කට හදන්නත් බෑ.. මොළේ හදන්නත් බෑ. මූ හැදෙන්නෙත් නෑ.
    දැන් මිනිස්සු අහන සරල ප්‍රශ්නය “උඹ හදපු රාජකීය විදුහලට උඹේ දරුවන් මුණුබුරන්ව උඹ යවනවාද”?
    මේ පිස්සා රෝයල්එකට ගිහින් මොනවා වත් ඉගෙන ගත්තා කියලද කියන්න හදන්නෙ? එහෙම ඉගෙනගත්තා නම් sales rep job එකක් කලේ මොකෝ? පව් ඉතින්.. එහෙම වත් පැටිකිරියක් මවා ගන්න හදනවා …මානසික රෝගියො..