මං ගෝටාභයට පුදුම විදිහට බයයි.. හැමෝම ඔහුට බය විය යුතුයි..- මංගල

May 22, 2018 at 9:45 pm | lanka C news
මං ගෝටාභයට පුදුම විදිහට බයයි.. හැමෝම ඔහුට බය විය යුතුයි..- මංගල

සියලු දෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාට බිය විය යුතු බවත්, තමා ද ඔහුට ඇත්තේ පුදුම බයක් බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

පසුගිය කාලයේ මාධ්‍යවේදීන් බිය ගැන්වීම් ඇතුළු බොහෝමයක් අපරාධ සිදු කිරීමට හමුදා බුද්ධිඅංශ හා සෙසු නිලධාරින්ට නියෝග ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා වන බවත් එනිසා තමා පුදුමාකාර ලෙස ඔහුට බිය බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එනිසා තමන් ඇතුළු රජයට අත්භූත චෝදනා නැගීම නවතා තමන්ට එල්ල වී ඇති චෝදනාවලින් නිදොස් බව ඔප්පු කිරීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

කෙසේ වෙතත් බොරු පුවත් හා බොරු සංඛ්‍යා ලේඛන පිටුපස තිබෙන සත්‍ය කරුණු පිළිබඳ ජනතාව දැන ගත යුතු බවත් රජය අපහසුතාවයට පත් කිරීමට නොයෙක් කරුණු මාධ්‍ය තුළින් ඉදිරිපත් කරමින් සිටින බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

බොහෝමයක් දේශපාලන අභියෝග යටතේ, ස්වභාවික විපත් යටතේ හා දැඩි නියඟයක් පැවති කාලයක් පසු ගිය වසර තුළ ආර්ථික වශයෙන් සියලු අභියෝග ඉදිරියේ රජය දිනා ගත් ජයග්‍රහණ කිහිපයක් ද ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

දරා නොහැකි ජිවන වියදමක් පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතා කථා කලත් රාජපක්ෂ ආණ්ඩුව කාලයේ තිබුණු ජීවන වියදමත් අද තියෙන ජීවන වියදමත් අතර විශාල වෙනසක් නොමැති බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

2019 වර්ෂයේ දී රජයට රුපියල් බිලියන 4285 ණයක් පියවීමට ඇති බවත් එයින් සියයට 77 ක්ම 2015 ට පෙර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ගත් ණය වන බවත් රුපියල් බිලියන 970 ක් පමණක් වත්මන් ආණ්ඩුවේ ලෙස පියවීමට ඇති බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් 2020 දී රුපියල් බිලියන 3768 ක් ණයක් පියවීමට ඇති බවත් එයින් ද සියයට 77 ක්ම රාජපක්ෂ ආණ්ඩුව කාලයේ ගනු ලැබු බවත්, 2021 දී පියවීමට ඇති ණය වන රුපියල් බිලියන 3441න් සියයට 83ක්ම රාජපක්ෂ ආණ්ඩුව කාලයේ ලබා ගත් ණය වන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

– adaderana

138 views

26 Comments to “මං ගෝටාභයට පුදුම විදිහට බයයි.. හැමෝම ඔහුට බය විය යුතුයි..- මංගල”

  1. Hitan@Hutan.com says:

    වියත් මග දැක්ක ගමන් මල පහ කකුල් දෙක දිගේ පෙරෙනව,ආයෙ ගල් කටස් ගැහිලි බොරු,,,,,,,,,,

  2. shantha kuru says:

    this fellow is following Goebbels theories – always lie and repeat the lie

  3. simion says:

    එංගලන්තේ ගුහිල්ලා ගෑණුන්ගෙ විළාසිතා, යට ඇඳුම්, ජංගි ,බ්‍රා, මහන හැටි කෝස් එකක් කොරපු,.. මුදල් ඇමති වගේ උසස් .ඇමති කමක් කොරන ලොවෙත් නැති එකම (මංඳ ) බුද්ධිමතා?…අපිට කොච්චර නම්බුවක්ද?…

  4. sarath says:

    The white van phobia is a myth. so far noting has been proved or even brought to court even by a B Report. He is also as innocent as Ravi. Been a responsible Minister Mangala shall not make irresponsible statements.

  5. Menaka says:

    මොංගල් නරි සිංහයින්ට බයයි.

  6. Kadiya says:

    දෙමල සන්ධානේ සුමන්දිරන් කිව්වේ හිඟන්නෙක් වගේ අයාචනේ කලේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරලන්න කියල මේ හිපාටුව නේද? මුන් රාජපක්ෂ වරුන්ට ප්‍රාණ බයයි තමයි, මුන්ට රට සුරකන්න, නපුංසක කරන්න, බෙදුම්වාදීන්ට ඕන කරන දේවල් කරන්න බැහැ රාජපක්ෂ වරුන් බලයේ ඉන්නවනම්. හැබැයි දැන් තොපේ කාලේ ඉවරයි, රට පාවාදුන්න තොපි වගේ බල්ලන්ට හිරේ ලගින්න වෙනවා. ලෑස්ති වෙයව්.

  7. vishnu says:

    මේ වගේ ගොබ්බයන්ට ඇමතිකම් දෙන එකම
    රට ලංකාව විතරයි.මේ පාහරයන්ගේ මූණු
    බල බල ඉන්න එකම කරුමයක්.අමන tv
    චැනල් පෙන්නන්නෙම ඕව තමයි

  8. Niru says:

    Thieves cheaters and traitors to the country should be scared of Gota who is going to form the next government. So we know which side Mongol is.

  9. කුමා says:

    මෙයා මේ එකපාරම ගෝටා ට ගහන්න ගත්තේ ඇයි….. තෙල් මිල වැඩි කරලා.. ගහන්න පුළුවන් හැම එකකටම බදු ගහලා.. ජීවන වියදම වැඩි වෙලා… තෙල් වලට ධීවරයෝ… සිංගප්පූරු ගිවිසුමට වෘත්තිකයෝ ගේම ඉල්ලනවා… ඒවා මේවා වහගන්න.. මිනිසුන්ගේ අවධානය වෙන පැත්තකට යොමු කරන්න මේ ට්‍රයි කරන්නේ.. කොහොමත් මෙයා ඒ වගේ යටිකූට්ටු වැඩ වලට දක්ෂයි….

  10. ranjan says:

    අපිට ඕනෑ ගෝටාබය තොපි අපිට වැඩක් නෑ

Main News