මං ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වෙන්නේ නෑ.. අස්වෙන්න කියා ජනතාව කියන්නේ නෑ.. 2001දී ඇමරිකා ජනාධිපති අස්වුනෙත් නෑ..

May 2, 2019 at 1:20 pm | lanka C news
මං ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වෙන්නේ නෑ.. අස්වෙන්න කියා ජනතාව කියන්නේ නෑ.. 2001දී ඇමරිකා ජනාධිපති අස්වුනෙත් නෑ..

පාස්කු ඉරිදා දිනයේ මෙරට ස්ථාන කිහිපයක සිදු වූ බෝම්බ ප්‍රහාර මාලාව හේතුවෙන් තමන් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට කිසිම සූදානමක් නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ‘ස්කයි නිවුස්’ වෙත අදහස් පල කරමිනි.

2001 ඇමෙරිකාවේ සිදු වු ප්‍රහාර හේතුවෙන් එවකට ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව. බුෂ් ධුරයෙන් ඉවත් වූයේ නැති බවත් ඔහු කලේ ඇමෙරිකාවේ ආරක්ෂාව තර කිරීම බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

තමන්ද සිදු කරන්නේ 2001දී ඇමරිකානු ජනාධිපති කල ආකාරයට රටේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කිරීම බවත් ඔහු කියා සිටී.

එමෙන්ම තමනට ඉල්ලා අස්වන්නැයි රටේ ජනතාව ඉල්ලා නැති බවත් ඔහු වැඩි දුරටත් සදහන් කර ඇත.

22 views

27 Comments to “මං ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වෙන්නේ නෑ.. අස්වෙන්න කියා ජනතාව කියන්නේ නෑ.. 2001දී ඇමරිකා ජනාධිපති අස්වුනෙත් නෑ..”

  1. lakee says:

    ane illa as wenna nm epa wastuweeeee

  2. charles says:

    Wait till you call for the Presidential election. Otherwise Ranil, the traitor to Sinhalese will take over your position. will support till the election calls.

  3. SLCommunity says:

    Please call presidential election and save our mother land.

Main News