මං ජනාධිපතිගෙන් සමාව ගත්තේ නෑ.. රාජිත බොරු කියන බවත් තමන් පෙර ප‍්‍රකාශයේම බවත් ෆොන්සේකා කියයි..

May 11, 2018 at 9:20 am | lanka C news
මං ජනාධිපතිගෙන් සමාව ගත්තේ නෑ.. රාජිත බොරු කියන බවත් තමන් පෙර ප‍්‍රකාශයේම බවත් ෆොන්සේකා කියයි..

තමන් විසින් කල ප‍්‍රකාශයක් ගැන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් සමාව ඉල්ලූ බවට පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි.

තමන් ජනාධිපතිවරයාගෙන් සමාව නොඉල්ලු බවත් ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

කැබිනට් රැුස්වීමෙන් පසු ජනාධිපතිවරයා සමග සාකච්චා කලේ අගමැති විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් ගැන හා පවතින දේශපාලන තත්ත්වය ගැන පමණක් බවද ඇමති ෆොන්සේකා පවසයි.

කෙසේ වෙතත් කැබිනට් ප‍්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ සරත් ෆොන්සේකා ඇමතිවරයා ජනාධිපතිවරයා හමුවී සමාව ගත් බවයි.

වැරදි පුද්ගලයකු රටේ නායකත්වයට පත් කිරීම නිසා අද වන විට එක්සත් ජාතික පක්‍ෂය මෙන්ම රටද මේ තත්වයට පත්ව ඇති බව එජාප මැයි සැමරුමේදී කී ෆොන්සේකා මහතා පසුව පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ නීතිය හා සාමය ඇමති ධුරය තමනට ලබාදීමට විරුද්ද වූයේද ජනාධිපතිවරයා බවයි.

111 views

13 Comments to “මං ජනාධිපතිගෙන් සමාව ගත්තේ නෑ.. රාජිත බොරු කියන බවත් තමන් පෙර ප‍්‍රකාශයේම බවත් ෆොන්සේකා කියයි..”

  1. sarath says:

    One is no second to the other. Both are equally bad and liars. No one can be believed.

Main News