මං ජනාධිපතිත් එක්ක ඩීල් දමා පළාත් සභා මැතිවරණය කල් දමා ගත්තා…

July 27, 2019 at 10:00 am | lanka C news
මං ජනාධිපතිත් එක්ක ඩීල් දමා පළාත් සභා මැතිවරණය කල් දමා ගත්තා…

තමන් ජනාධිපතිවරයා සමග ඩීල් එකක් දැම්මේ පලාත් සභා මැතිවරණය කල් දැමීමට බව එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසු බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රි කණ්ඩායම පසුගියදා හමුවූ අවස්ථාවේ ඇති වූ උණුසුම් තත්වයේදී ඇමතිවරයා මේ බව සදහන් කර ඇත.

තමන් කිසිවෙකු සමගින් ඩීල් නොදැමූ බවත් ජනාධිපති සමගින් ඩීල් දැම්මේ නැවත එජාපයට අගමැතිකම ගන්න යයිද ඔහු පවසා තිබේ.

සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපතිවරයා සමගින් ඩීල් දමන්නේ යයි ඇමති රවි කරුනානායක මහතා විසින් කරන ලද චෝදනාවකට ප‍්‍රතිචාර දක්වමින් සජිත් පේ‍්‍රමදාස මහතා මෙසේ සදහන් කර ඇතැයිද සදහන්ය.

22 views

2 Comments to “මං ජනාධිපතිත් එක්ක ඩීල් දමා පළාත් සභා මැතිවරණය කල් දමා ගත්තා…”

  1. පොඩි එකා says:

    ඡනතාවගේ චන්ද අයිතිය කල් දා ගන්න ඡනපතිත් සමග මෙයා ඩීල් දැමූ බව මෙයාම පිලි ගන්නව නම් මෙයාටවත් ඡනපතිටවත් චන්දය නොදී සිටීමට රටේ ඡනතාවට මොළ කළඳක් හෝ තිබිය යුතුය.

Main News