මං ජනාධිපති කාලේ මුල් තැන දුන්නේ ආරක්‍ෂාවටයි..- මහින්ද යුරෝපයට කියයි..

July 14, 2019 at 5:30 pm | lanka C news
මං ජනාධිපති කාලේ මුල් තැන දුන්නේ ආරක්‍ෂාවටයි..- මහින්ද යුරෝපයට කියයි..

යුරෝපා සංගමයේ ත්‍රස්ත මර්දන සම්බන්ධීකාරක ජයිල්ස් ද කර්කොව් මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් විජේරාම හි පිහිටි සිය නිවසේදී සිදුවිය..

කර්කොව් මහතා කියා සිටියේ තම සංචාරයේ අරමුණ වූයේ ආරක්ෂාව වේගවත් කිරීම සහ වඩා හොඳ අදහස් හා අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයට සහාය වීමයි.

මේ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනාධිපති ධුරය දැරූ කාලය තුළ සෑම විටම ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණා සඳහා ඉහළම ප්‍රමුඛතාවය ලබා දී ඇති බවත්, වර්තමාන සන්දර්භය තුළ පවා ඔහු සහ ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රජයට පූර්ණ සහයෝගය ලබා දී ඇති බවත්ය.

මෙම හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තාරකා බස්නායක යන මහත්වරුන්ද සහභාගී වූහ.

– MR Media

20,488 Viewers

9 Comments to “මං ජනාධිපති කාලේ මුල් තැන දුන්නේ ආරක්‍ෂාවටයි..- මහින්ද යුරෝපයට කියයි..”

  1. Love nature says:

    “අතීතයේ සිට රජවරුන් පර සතුරු ආක්‍රමණ මැඬ පවත්වා ගත්තේ රට ගැන පළමුව සිතීම නිසාය. එමෙන්ම පෘතුගීසින්ටත් ලන්දේසින්ටත් උඩරට අල්ලා ගැනීමට නොහැකි වූයේ අපේ එකමුතුකම සමගිය තිබූ නිසා වන අතරම ඉංග්‍රීසින් උඩරට අල්ලා ගත්තේ අපේ අසමගිය නිසා බව අප වටහාගත යුතුය. ඒ අසමගිය නිසා එදා වූ විනාශයන් දෙස අප ආපසු හැරී බැලිය යුතුවේ”

  2. Check Mate says:

    Former Deputy Director of the State Intelligence Service Dr Ajith Kolonnahe said that the ACSA agreement that was signed by Sri Lanka in 2007.Sri Lanka signed this agreement for the first time when Gotabhaya Rajapaksa was the Defense Secretary in 2007. At that time, the American Ambassador was Robert O Blake
    Kolonne said that no report has been published on the signing of the agreement and that it has been secretive.Kolonna highlighted that it is problematic to sign such a document by a secretary without even presenting to the Parliament.
    He also said that during the time of the former President Mahinda’s rule, the American military had entered into the country’s American airspace during their drills in the Indian ocean and however, the then government avoided issuing a statement.

  3. වැඩ්ඩා ඩොට් කොම් says:

    පළමුව ආරක්ෂාව. ඊලඟට පවුල් වාදය. පිස්සුනෙ

    • one shot N gon shot says:

      වැඩ්ඩා උඹට කොම් එක නැතත් ඩොට් එක නම් හොඳින් පිහිටල තියනව​.ඔය විදියටම ඉදිරියට යමං.

    • ටොමියා says:

      අවජාතකයන්ටයි සමනල්ලුටයි පවුල කියන සංකල්පය අරහං !!.

  4. ප්ලේටෝ says:

    ගෝටා මෙන්ම නාගානන්දද ද්විත්ව පුරවැසිභාවය ඇති අයය…මොවුන්ව සහමුලින්ම ප්‍රතික්ෂේප කල යුතුය.
    Conflict of Interests තුල මොවුන්ව ඉතා පහසුවෙන් වරදට පොළඹවා ගත හැක.2007 දී ACSA ගිවිසුම(ගෝටා-බ්ලේක්) අත්සන් කිරීම මෙයට හොඳම උදාහරණයයි.

  5. Janathawa says:

    Yes. The people in our Motherland firmly believe that had he been the ruler, unfortunate and sad incident like last Easter Sunday national tragedy would not have happened,as he gave due top priority to national defense in the country. Due to the weaknesses and blunders of the present power greedy rulers, separatists and religious fanatics seemed to have raised their ugly heads.

  6. පොඩි බයියා says:

    හරියටම හරි. දුන්න ආරක්ෂාව වැඩි වෙලා එක්නැලිගොඩ අතුරුදන්, ලසන්ත, තාජුදීන් සෙත්තපෝච්චි. පට්ට

Main News