මං ජනාධිපති වී කරන සෑම විදෙස් සංචාරයකින්ම ගමේ බණඩයියගේ, නෝනහාමිනේගේ පසුම්බි පුරවනවා..- සජිත්
September 30, 2019 at 3:22 am | lanka C news
තමනට සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඉවසන්නට පුළුවන් බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
තම හැකියාව ගැන තමනට සුපිරි විශ්වාසයක් ඇති බවද ඔහු සඳහන් කළේය.
තමන් ජනාධිපති වූ පසු විදේශ ගමන් යද්ද්දී ඒ සෑම ගමනකින්ම ගමේ බණ්ඩඅයියාට නෝනහාමිනේට අනිවාර්යයෙන්ම මුදල් පසුම්බියට වාසි ගෙනඑන බවද ඔහු සඳහන් කළේය.
ඇල්පිටිය එක්සත් ජාතික පක්ෂයේ බල මණ්ඩලය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
මෙරට ජනාධිපතිවරයා වීම සදහා තමනට අවස්ථාව දෙන ලෙසද එහිදී ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.