මං ජනාධිපති වුණාම ජනාධිපති මන්දිර ජනසතු කරනවා.. හිටපු ජනාධිපතිලාට පිං පඩියක් ගෙවනවා..
September 11, 2019 at 1:20 pm | lanka C news
තමන් ජනාධිපති වූ පසු රට පුරා ඇති ජනාධිපති මන්දිර ජනසතු කරන ලද ජනතා විමුත්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරුන්ට ජීවත් වීම සදහා පමණක් සමාජ ආරක්ෂන අරමුදලෙන් දීමනාවක් පමණක් ගෙවන බවද ඒ මහතා කියයි.
දේශපාලකයන් විසින් උපයන ලද අයථා මුදල්ද රජයට පවරා ගන්නා බවත් ඔහු පැවසීය.
අනුරාධපුරයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
කෙසේ නමුත් ජනාධිපති මන්දිර, අගමැති මන්දිර ආදී දේ පුද්ගලික දේපල නොව අදටද පොදු දේපලය. එනම් ජනතා දේපලය.