මං ජනාධිපති වුනොත් මීට වඩා හොදින් රට පාලනය කරනවා.. මා ජනාධිපති කරන වගකීම ජනතාව අතේ…

September 28, 2020 at 9:20 am | lanka C news
මං ජනාධිපති වුනොත් මීට වඩා හොදින් රට පාලනය කරනවා.. මා ජනාධිපති කරන වගකීම ජනතාව අතේ…

තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත් වූවොත් මීට වඩා හොඳින් රට පාලනය කරනු ඇති බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.

තමන් මෙරට ජනාධිපතිවරයා වීමට කැමැත්තක් ඇතත් එය තීරණය කළ යුත්තේ මෙරට ජනතාව විසින් බවද ඔහු පැවසුවේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණි බව පැමිණීමෙන් පසු පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

කෙසේ නමුත් තමන් මේ දවස්වල කිසිදු දේශපාලනයක් නොකරන බවත් නිවසට වී ටික්-ටොක් පමණක් සිදුකරන බවත් ඔවුහු තව දුරටත් කියා සිටියේය.

21,295 views
Main News