මං තීරු ක‍්‍රමයට විරෝධය.. ගැමුණු බස් වැඩ වර්ජනයකට..

September 16, 2020 at 11:20 am | lanka C news
මං තීරු ක‍්‍රමයට විරෝධය.. ගැමුණු බස් වැඩ වර්ජනයකට..

කොළඹ ප්‍රදේශයේ ක්‍රියාත්මක නව මන්තීරු ක්‍රමයට විරෝධය පළ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන්නේ බස්රථ මංතීරුවේ ත්‍රීරෝද රථ සහ යතුරුපැදි ධාවනය කිරීමට පොලීසිය විසින් ගෙන ඇති තීරණය වැරදි එකක් බවයි.

මෙම තීරණය ඉවත් කර ගැනීමට කටයුතු නොකළහොත් සියලුම පෞද්ගලික රථ ධාවනයෙන් ඉවත්වී වර්ජනයක් ආරම්භ කරන බවද ඔහු සඳහන් කළේය.

බස්රථ මං තීරු ගැසට් කර තිබියදී එම මං තීරුවේ ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ගමන් කිරීම නීති විරෝධී බවද පවසන ඔහු ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද පැවසීය.

එමෙන්ම මෙම නව ක්‍රමය හේතුවෙන් යතුරුපැදි කරුවන් අනතුරට ලක්වීමේ අවදානමක් ඇති බවත් එවන් අනතුරක් සිදු වුවහොත් එහි වගකීම පොලිසිය බාර ගන්න කළේ ප්‍රශ්න කරන බවත් ඔහු කියා සිටියේය.

මං තීරු දෙකක් පමණක් ඇති මාර්ග වල මෙම නීතිය ක්‍රියාත්මක කිරීම කිසිසේත්ම ප්‍රායෝගික නොවන බවද ඔහු තවදුරටත් පැවසීය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

27,709 views
Main News