මං තීරු ක‍්‍රමයට විරෝධය.. ගැමුණු බස් වැඩ වර්ජනයකට..

September 16, 2020 at 11:20 am | lanka C news
මං තීරු ක‍්‍රමයට විරෝධය.. ගැමුණු බස් වැඩ වර්ජනයකට..

කොළඹ ප්‍රදේශයේ ක්‍රියාත්මක නව මන්තීරු ක්‍රමයට විරෝධය පළ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන්නේ බස්රථ මංතීරුවේ ත්‍රීරෝද රථ සහ යතුරුපැදි ධාවනය කිරීමට පොලීසිය විසින් ගෙන ඇති තීරණය වැරදි එකක් බවයි.

මෙම තීරණය ඉවත් කර ගැනීමට කටයුතු නොකළහොත් සියලුම පෞද්ගලික රථ ධාවනයෙන් ඉවත්වී වර්ජනයක් ආරම්භ කරන බවද ඔහු සඳහන් කළේය.

බස්රථ මං තීරු ගැසට් කර තිබියදී එම මං තීරුවේ ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ගමන් කිරීම නීති විරෝධී බවද පවසන ඔහු ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද පැවසීය.

එමෙන්ම මෙම නව ක්‍රමය හේතුවෙන් යතුරුපැදි කරුවන් අනතුරට ලක්වීමේ අවදානමක් ඇති බවත් එවන් අනතුරක් සිදු වුවහොත් එහි වගකීම පොලිසිය බාර ගන්න කළේ ප්‍රශ්න කරන බවත් ඔහු කියා සිටියේය.

මං තීරු දෙකක් පමණක් ඇති මාර්ග වල මෙම නීතිය ක්‍රියාත්මක කිරීම කිසිසේත්ම ප්‍රායෝගික නොවන බවද ඔහු තවදුරටත් පැවසීය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

27,466 views

14 Comments to “මං තීරු ක‍්‍රමයට විරෝධය.. ගැමුණු බස් වැඩ වර්ජනයකට..”

  1. kamal says:

    පන්සිල් වල මත්පැන් වලට පමණක් දෙන දඩුවම
    මත්පැන් බිලා වාහනයක් එලවන්න බැ වගේ මත්පැන් බොන කෙනෙක් ඔන තනතුරකින් පහකරන්න පුලුවන්. ජානාධිපති වුනත් මත්පැන් බොනවානම් ඇවත් දෙසලා පාර්ලිමේනතුවේ බහුතරයේ කැමත්ත ගන්න ඔනේ. හැබයි නිඝණ්ඩ සිලය නෙවෙයි ආර්ය සිලය විය යුතුයි. ඒ කියන්නෙ අය මත්පැන් බොන්නෙ නැ කියන අදිටන.

  2. vvv says:

    මෝටර් බයික් සහ ත්‍රී වීල් හැම අස්සෙන්ම දාන කොට අනිත් වාහන තප්පරයකට හරි ස්ලෝව් වෙනවා බ්රේක් ගහන්න වෙනවා. මෝටර් බයික් සහ ත්‍රී වීල් එලවන මිනිහට ෂුවර් ඇති නෑ කියල, එහෙම නැත්තනම් ගණන් ගන්නේ නැතිව ඇති. හැබැයි අනිත් වාහන අනිවා ස්ලෝව් වෙනවා බ්රේක් ගහන්න වෙනවා. එතකොට හිතන්න වාහන සිය ගානක ඒ ස්ලෝව් එක කොහොමට ෆුල් ට්‍රැෆික් එකට බලපානවද කියල. එතකොට හොඳම විදිය තමයි මෝටර් බයික් සහ ත්‍රී වීල් බස් ලේන් එකේ යන්න කියන එක.

    ගැමුණු මෝඩ කතාවට උත්තර දෙන්න ගියොත් අපිත් කුණු හරුප කියල පව් පුරෝගෙන උගේ අහිංසක ගෙදර උනුත් බැනුන් අහනවා. ඒක හින්ද උගෙන් අහන්න තියෙන්නේ මෙම නව ක්‍රමය හේතුවෙන් යතුරුපැදි කරුවන් අනතුරට ලක්වීමේ අවදානමක් තියනවා තොපි මීට කලින් අනතුරු කරලම නැද්ද?

    • ranga says:

      උඹට තියෙන්නෙ කාර් එකක් නේද?

      • Somira says:

        මටත් තියෙන්නෙ කාර් එකක්.. නැවක් තිබුණත් හැමෝටම නීතිය එකයි. රෝද 2-3 එවුන්ට විතරක් අංශක 60-90 නවා නවා අනිත් වාහන වල එවුන්ගෙ ඉවසීම්යි කාලයයි බදු අරං හිතේ හැටියට දෙපැත්තටම ලඟ නවන්න දෙන්න බෑ.. මේක ත්‍රස්තවාදයක්.. බස් ලේන් එක තමයි බයික් ත්‍රී වීල් වලට හොඳම ලේන් එක.. මොකද ඒ තුනම යා යුතු වේගය එකයි.. මුන් ඉගිල්ලුනාට..

      • බස් ගැමුණු says:

        උඹ මාර්ග නීති බල්ලට දාලා පාර පුරා පිස්සු බල්ලෙක් වගේ යන බයික් / ත්‍රීවීල් කාරයෙක් නේද?

  3. බස් මගියා says:

    ඔය බස් ගැමුණු කියන විදිහේ වර්ජන ඇතිවෙන්නේ නෑ
    බස් හිමියෝ හරිම අමාරුවෙන් තමා වාරික ගෙවාගෙන කප්පන් ගෙවාගෙන ඔය රැකියාව කරන්නේ
    ඔය නීතිය නිසා කපාගෙන කොටාගෙන යන්න බෑ
    ඒ වගේම ආරක්ෂාකාරීව පදවන්නත් වෙනවා
    පුළුවන් නම් වර්ජනය දවස් හතක් කරන්න කියන්න
    බය කරලා කටින් දිනන්න යන්නේ
    වාහන පදවද්දී මගියාගේ පදිකයාගේ වගේම අනිත් වාහන ගැන නොතකන බස් රියදුරන්ට ඔහොම නීති තමා තිබිය යුත්තේ .

  4. Madura says:

    Neethiyata wahane elawanna barinam gedarata wela inna eka hodai bus gamunu

  5. GU-BUS-GAMUNA says:

    BUs Gamuna ahu-unoth toge kate Renxwa, Uba mona balleka da rate law eka wenaskaranna paxo

  6. මු බලන්නේ ඒකාදිකරියක් කරන්න හොන්ද දෙයක් කරන්ට දෙන්නෙම නෑ මුන්ව තියන්ට වටින්නේ නෑ. මුන්ටම ගිය රටක්නේ මේක කාලකන්නියා.

  7. people says:

    ගැමුණුගේ කතාව ඇත්ත.

  8. Sunil says:

    හරි 100% සාර්ථකයි. මුන් ටික නැති වුනාම පාරෙ ප්‍රශ්න 99% ක් ඉවරයි. මගීන්ට හිතකර බස් සේවයක් රජයට ටික දවසකින් පුළුවන්.

  9. Saradiel says:

    මෙයට එකම පිළියම මන්සන්දිවල ගුවන් පාලම් සැදීමයි

  10. දේශප්‍රේමියා says:

    මෙයා දුටු ගැමුණු නොව බස් ගැමුණු බව රජයෙන් මතක් කරලා දෙනවනම් හොදයි.
    මෙයාට ඕන විදිහටද රජයෙන් රථවාහන සැලසුම් හදන්න ඕන 🤔
    උන්ට වර්ජනේ කරන්න දීලා රජයේ තියෙන සම්පත් වලින් ප්‍රයෝජන ගන්න.

    මේ පෞද්ගලික බස් මාෆියාව නවත්වලා රජයට පවරගන්න එක තමයි හොදම දේ

Main News