මං තීරු නීතිය අන්තිම අසාර්ථකයි.. එමගින් පන්ති බේදය ඇති වෙනවා..- පෙරටුගාමීන්

September 19, 2020 at 11:20 am | lanka C news
මං තීරු නීතිය අන්තිම අසාර්ථකයි.. එමගින් පන්ති බේදය ඇති වෙනවා..- පෙරටුගාමීන්

මෙරට ක්‍රියාත්මක කර ඇති මංතීරු නීතිය ලෝකයේ කිසිම රටක නැති අන්තිම අසාර්ථක එකක් යයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා සඳහන් කරන්නේ වෙනත් රටවල මංතීරු නීති හඳුන්වා දෙන්නේ පොදු ප්‍රවාහන සේවයට ජනතාවගේ වැඩි නැඹුරුවක් ඇති කිරීමට බවයි.

නමුත් ලංකාවේ සිදුකර ඇත්තේ එමගින් පොදු ප්‍රවාහනය අධෛර්යයට පත් කිරීමට බව ඔහු පෙන්වා දෙයි.

බස්රථ ත්‍රී රෝද රථ හා යතුරු පැදි මාර්ගයේ එක් මංතීරුවක ගාල්කර පන්ති භේදය ඇති කර ඇති බව ද ඔහු චෝදනා කරයි.

මෙම නීතිය ක්‍රියාත්මක වන්නේ මාර්ග තදබදය ගැන පරිසර දූෂණය ගැන සිතා නොවන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

14,204 views

5 Comments to “මං තීරු නීතිය අන්තිම අසාර්ථකයි.. එමගින් පන්ති බේදය ඇති වෙනවා..- පෙරටුගාමීන්”

  1. අනේ ගොය්යෝ ලංකාවේ ඉන්දියාවේ තියන ත්‍රීවීල් ඔක්කෝම ගෙනත් දාගෙන පාරේ අදික වේගයෙන් පුුරා සිග් සැග් ක්‍රමයට ගිහිල්ලා ඇන ගන්නවාට වඩා ඔහොම යන එක හොදයි. අනික පාර මැද මගීන් නෑනේ. පාරේ අයිනේ බස්නැවතුම් වල තමා සෙනග ඉන්නේ. ඒක තේරෙන් නැති. හැම දේමටම අකුල් හෙලෙන පෙරටුගාමී පිස්සෝ. මුං මක බැවිලා යන්නෑනේ කාලකන්නි හැත්ත.

  2. සමයං says:

    ඔරොත්තු දෙන්නේ නැති තරමට සීමාවල් ඉක්මවා මෝට සයිකල්, ත්‍රීරෝද රත, බස්, අනෙකුත් වාහන ගෙන්වා “ඉඩකඩ නැති” මාර්ග පද්දතියකට දැමීම මීට ප්‍රදාන හේතුවයි. රියදුරන්ගේ නොහික්මීම සහ ආත්මාර්තකාමී කමත් හේතු වෙනවා. අනුන්ව අනුකරනය කිරීම අතින් ලංකාව ලෝකයේ ඉදිරියෙන්ම ඉන්නේ. අද පාර අයිනේ පෙට්ටි කඩයක් දැම්මොත් හෙට අඩියෙන් අඩිය එක දිගට කඩ. ත්‍රීරෝද රතත් එහෙමම තමයි, ලෙහෙසියෙන්ම කරන්න තියෙනදේ. මිනිස්සුත් කැමති නෑ දෙවෙනි වෙන්න, හැම තිස්සෙම බලන්නේ අනිකට ඉස්සරහින් ඉන්නේ කොහොමද කියලා. රටේ දල වසයෙන් ත්‍රීරෝද රත ලක්ශ 15ක් තියෙනවා, ඉතින් කොහොමද ඒ හැමෝටම වැඩ තියෙන්නේ? නිකමට හිතන්න, තරමක සැප වාහනයක යන නෝනා කෙනෙක් අද තියෙන සිස්ටම් එකේ හැටියට බස් එකේ යයිද? ඕන එකටයි නැති එකටයි නෝනයි බල්ලයි දෙන්නම කාර් එකේ නැගලා පාර බ්ලොක් කරනවා. පහල සිට ඉහලමට මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් නොකර, ඒ සමගම පොදු ප්‍රවාහන පහසුකම් වැඩි නොකර, වාහන ආනයනය මනා පාලනයකින් නොකර, ජීවන සහ රැකියා ප්‍රදේශ බූගෝලිය වශයෙන් පුලුල් නොකර මේ මඩ ගොහුරෙන් එලියට ඒම ලෙහෙසි නැහැ.

  3. Oops says:

    බස් වල, බයික් වල, කරත්තවල ත්‍රිවීල්වල හා පයින් යන ලක්ශ 61 ක් කාර් ජීප් වල ඉගිලෙන එක් ලක්ශෙක උත්තමයන්ට අස්ප වේගෙන් උජාරුවට යන්න VIP ලේන් එකක් දීලලු – FB

  4. Saradiel says:

    අපේ වගේ කුඩා රටකට මේ නිතිය හොදට ගැලපෙනවා මේ අතර තුර ගුවන් පාලම් ඉදිකිරිම වැදගත්.

  5. එතකොට තොපේ මහඑකා ඔස්ට්‍රලියා වේ කාර් එලවන්නේ ඉන්දියා වේ වගේ ජඩ විදිහටද. අනේ තොපිත් පලයව් ඉන්දියාවට. අපිට් ඕනෑ විනය ගරුක රටක්.

Main News