මං තීරු නීතිය ඉතාම හොද එකක්.. ඒ සදහා ආණ්ඩුවට සම්පූර්ණ සහාය දෙනවා..
September 18, 2020 at 1:20 pm | lanka C news
රජය විසින් මේ දිනවල අත්හදා බලමින් තිබෙන මංතීරු නීතිය ඉතාම හොඳ එකක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
තමන් ද මේ දිනවල තම අලුත් රියදුරාට මංතීරු නීතිය නිසි ආකාරයෙන් උගන්වමින් සිටින බවද ඔහු පවසයි.
ජනතාවගේ ආරක්ෂාවටත් වාහනවල ආරක්ෂාවටත් මංතීරු නීතිය අනිවාර්යයෙන් පිළිපැදිය යුතු කරුණක් බව ඔහුගේ අදහසයි.
මංතීරු නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා මාර්ග අනතුරු සිදුවීම ඉහළ යන බව ද පැවසූ ඔහු එම නීති තද කිරීමට සම්පූර්ණ සහයෝගය ආණ්ඩුවට ලබා දෙන බවද පැවසුවේය.
ඔව් ඔව් ගොන් බයියන්ගෙ මොටර් සයිකල් ත්‍රීවීල් බස් එක ලේන් එකකට දාල බොලාලගෙ සුපිරි වාහන වලට නිදහසේ යන්න පුලුවන්නෙ
ඇත්ත කථාව තමයි මුන් සේරම හිතන් ඉන්නෙ අපි වහල්ලු කියලා , කළවැද්දලත් උපරිම සැප ගන්නව අපේ සල්ලි වලින්…..!!!
සාටක ගැන්සියට චන්දෙ දෙන නිවට බයියෙක්
සමගි ජන බලවේගයේ නායකයා මෙයා වගෙයි කතා කරන්නේ. මෙයාට ඕන ඕන දේවල්.
ස.ජ.බ. නායකයෝ 7 දෙනෙක් ඉන්නවනේ, ඔලු 7 බුතය වගේ.
කිසිම විනයකට අනුගත වෙන්න අකැමැති කාලකණ්ණින්ට ඉන්න ඕන ලිහල ඇරපු හරක් වගේ. උන්ට ඕන විදියට නීති ලිහිල් නොකළ යුතුයි.
මෙයාට පිස්සු හැදීගෙන එනවා වගේ.
පිටරට මාර්ග නීතිය තමයි මේ රටට පෙන්නලා දීල තියෙන්නේ..! සංවරයෙන් රිය පදවන හැටි පෙන්වීමකි…! හැබැයි මේක පිලිපැද්දේ නැත්නම් දෙවෙනි අදියර තමයි තදාසන්න නගරවලට මාර්ග ඇතුලුවීම සීමා කරනවා. ඒ වාහන තදබදය තියෙන වෙලාවලට එනම් උදේ 7-10 හවස 5-7 අතර ඒ වෙලාවට අවශ්‍යනම් සුරසැපට තම වාහනයේ යන්න දිනපතා ඇතුලුවීම ගාස්තුවක් ගෙවිය යුතුය. සමහර රටවල ඒ ගාස්තුව දිනකට රු 3500 කි. නොගෙවා ගියොත් අවම දඩය රු 15,000 කි. ඒ ක්‍රමය හඳුන්වාදුන් නිසා වාහන වලින් දුම් පිටවීම ඉබේම පාලනය උනා… පරිසරයටත් ඒක වාසි උනා…
ගිහිල්ලා බලන්නකො මහනුවර වාහන තදබදය නිසාම ධූම කලාපයක් වෙලා තියෙන හැටි…
මහනුවර ට්‍රැෆික් එක නම් මීටර් 150 දුරක් ඇති Queens හෝටලය ළඟ ඉඳල අනගාරික ධර්මපාල බෝඩ් එක ලඟට තියන දුර වාහන වලට තහනම් කරලා වැව වටේ රවුම් ගහලා කරන සෙල්ලම නිසයි. මේ විකාර වැඩේ නැතිනම් Queens හෝටලය ළඟ වාහන ගොඩ ගැහෙන්නේ නැහැ. ශ්‍රධාවෙන් CO සහ CO2 බොමු.Bottle neck.
තාත්තලගෙ සල්ලිවලින් සැප විඳින ලංකාවේ කොල්ලෝ තුන් දෙනෙක් එංගලන්තයේ ඩිග්ග්‍රී කරන්න ගියා… ගිහිල්ලා එහෙ වාහන අරගෙන ලංකාවේ විදියට ත්‍රීවීල් වෙට්ටු දාලා ලොකුකම ලොකුවට අරගෙන ඩ්‍රයිව් කරලා පොලීසියට මාට්ටු වෙලා ඉන්ටර් නැෂනල් ඩ්‍රයිවින් ලයිසන් එක කැන්සල් උනා. උන් හිතුවා එහෙ පොලීසියත් මෙහෙ වගෙ පගාමරු නරුමයො කියලා…! ඉතින් එහෙ ඩ්‍රයිව් කරන්නම ඕනිනම් ඩ්‍රයිවින් ටෙස්ට් එක කරන්න කියලා උන්ට අවවාද කලා …උන්තුන්දෙනාම පලමුව තියරි ටෙස්ට් එක කලා.. . දෙසැරයක් ෆේල් උනා.. ඒක පාස් උනොත් විතරයි ඩ්‍රයිවින් ටෙස්ට් එක කරන්න පුලුවන්.. බැරිම තැන බස්වල යන එක ලැජ්ජයි කියල ඉන්පසු උන් ලංකාවට ආවා..!!
ගම්පහ පළවෙනියා ඇවිල්ල ඔලුව ඉදිමිලා ඉන්නේ
“තමන් ද මේ දිනවල තම අලුත් රියදුරාට මංතීරු නීතිය නිසි ආකාරයෙන් උගන්වමින් සිටින බවද ඔහු පවසයි.’ ඉස්සර නිවාඩුවට කැම්ප් එකෙන් අපි කොළඹ ආවේ බස්වල හිරවෙලා උණ්ඩි වෙලා, දැන් කොහොමද කථාව, අතීතය අමතකවීම හොඳ නැහැ මහත්තයෝ
මෝඩ සයිකල් කාරයෝ පිස්සෝ වගේ පාරේ එළවලා වාහනේක හප්පගත්තට පස්සේ සාධාරණයක් කරන්න කියා පින් සෙන්ඩුවෙමින් කීයක් හරි කොටාගන්නයි හදන්නේ. ඕකුන්ට තියෙන්නේ බොහෝවිට 3rd party Insurance. මෝඩ සයිකල් වලට 3rd party Insurance නිකුත් කිරීම ඔවුන්ට පාරේ මංකොල්ල කන්න උදව්වක්.
මෝඩ සයිකල් කාරයාගේ අතේ වැරද්ද තිබුනත් අතන රිදෙනවා, මෙතන රිදෙනවා, ඔලුව රිදෙනවා, කලන්තේ වගෙයි ආදී නොයෙකුත් රෝග වාහනේ හැපුන ගමන් මුන්ට හැදෙනවා. උපරිම උත්සාහය රෝහල් ගත්වීමයි. දවස් 3-4 රෝහලේ ලගින්නත්, ගමේ ඉන්න නොයෙකුත් පාදඩයන් එකතුකරගෙන ඇවිත් බලපෑම් කරන්නත් මෝඩ සයිකල් කාරයෝ එකතුවෙනවා. ඔය අලකලංචියට මුහුණ දෙනවට වඩා හොදයි ඉල්ලන ගානක් දීල ගොඩින් බේරගන්න එක. තග් බලය තියන අයටනම් ප්‍රශ්නයක් නැහැ, අහිංසකයෙක් කොතරම් නීතියට පාරේ රථ වාහන එලෙව්වත් පිස්සු මෝඩ සයිකල් කාරයන්ට කප්පම් ගෙවන්න වෙනවා.