‘මං දැං කුඹුරු කොටන්න පුරුදු වෙනවා..’- ලැබෙන්න යන අලූත් ඇමතිකමට කබීර් කොචොක් කරයි..
March 29, 2017 at 4:40 pm | lanka C news
තමන් මේ දිනවල කුඹුරු කොටන්න පුරුදු වන්නේ යයි එජාප මහ ලේකම් හා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමති කබීර් හෂීම් මහතා පැවසීය.
ඇමති මණ්ඩල සංශෝධණයක් එන්නේදැයි මාධ්‍යවේදියෙකු ඇසූ පැනයට පිලිතුරු දෙමින් ඇමතිවරයා සිරිකොතේදී මේ බව කීය.
කැබිනට් වෙනස කෙසේ වේදැයි තමන් නොදන්නා බවද කී ඔහු අලූත් විෂයකට හුරු වීමට කල්ගත වන නිසා දිගටම එකම ඇමති ධුරයක කටයුතු කිරීම හොද බවද පැවසීය.
පසුගිය දිනවල වාර්තා පල වූයේ කෘෂිකර්ම ඇමති ධුරයට ඇමති කබීර් හෂීම් මහතා පත් කිරීමට නියමිත බවකි