‘මං දෙන තීන්දුව ඊට අන්තයි.. ඔක්කොම හෙල්ලිලා ඉන්නෙ..’ සිල් රෙදි නඩුව හා දිවිනැගුම නඩුව ගැන රන්ජන් හා විනිසුරු අතර සංවාදයේ හඬ පටය මෙන්න..

January 12, 2020 at 10:12 pm | lanka C news
‘මං දෙන තීන්දුව ඊට අන්තයි.. ඔක්කොම හෙල්ලිලා ඉන්නෙ..’ සිල් රෙදි නඩුව හා දිවිනැගුම නඩුව ගැන රන්ජන් හා විනිසුරු අතර සංවාදයේ හඬ පටය මෙන්න..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක අතර සිදු වූ තවත් දුරකතන සංවාදයක් අද මාධ්‍ය වෙත නිකුත්විය.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු සභාපති අනූෂ පැල්පිට සම්බන්ධයෙන් පැවති සිල් රෙදි නඩුව මෙන්ම තවත් නඩු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරයි.

බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ක්‍රියාත්මක වූ දිවිනැගුම නඩුව හා උදය ගම්මන්පිල මහතාට එරෙහිව පැවති තවත් නඩුවක් සම්බන්ධයෙන් විශ්‍රාමික විනිසුරුවරිය අදහස් පළ කරමින් කියා සිටින්නේ තමන්ගෙන් එම නඩු ඉවත් කිරීම ගැන කණගාටු වන බවයි.

තමන් එම නඩු දෙකට තමන් තීන්දු දෙන්නේ නම් ඊටත් අන්ත වන බවද ඇය සඳහන් කරන්නීය.

සිල් රෙදි නඩුවේ තීන්දුව ‘ඔක්කොම හෙල්ලිලා ඉන්න’ බවද ඇය එහිදී සඳහන් කරයි.

65,411 Viewers

7 Comments to “‘මං දෙන තීන්දුව ඊට අන්තයි.. ඔක්කොම හෙල්ලිලා ඉන්නෙ..’ සිල් රෙදි නඩුව හා දිවිනැගුම නඩුව ගැන රන්ජන් හා විනිසුරු අතර සංවාදයේ හඬ පටය මෙන්න..”

  1. මේඝවර්ණ අභය says:

    යූ.ඇන්.පී , ජේ.වී.පී අඩුකුලේ පරහැත්ත පලයවු ඊළඟ චන්දවලට කැන්වසින්…
    මිනිස්සු ලෑස්ති වෙලයි ඉන්නේ…

    • දේවක says:

      රන් ගොන්ජන් සපෝට් කරන්නෙ දුරාවෙ, කතෝලික මිනිස්සුන්ට විතරයි.
      ඌ නොම්බර එකේ ගෝත්‍රික වාදියෙක්!

  2. හිච්චිමහත්තෙයා says:

    මේ කේස් එකෙන් පස්සෙ කට ඇරියෙ නිර්ලජ්ජී පචවක විතරයි!
    රතු අලි , කාණුමුඛ අමාත්‍ය ආදී කවුරුත් සයිලැන්ට්!
    මක්කෙයි ඒ ?

  3. ගමරාල says:

    ඒ කාලෙ ගං වල හිටිය ආයුබොවං – රිදී නැංද කියල කෙනෙක්!
    ගමේ ගෙවල් ගානෙ ගොහිං කිලුටු රෙදි එක්කාසු කොරල සෝදල මැදල ගෙනිහිං දෙනව.
    කුස්සියෙ බංකුවෙ ඉඳගෙන කහට තේ බිබී නොයෙක් කතා!

    මේ රනවක නඩුකාර මැතිනිය වගේමයි – කට හඬ , කතා විලාසෙ එහෙම!

    අපේ රනවක ඇමැටි තුමාගෙ නෑදෑ කෙනෙක්වත්ද?

    • Disce ammata discede says:

      දෙන්නා ගේම නම P. Ranawaka.

      පීචං, පච , පවුකාර, පහත් , පාදඩ, පර, පජාත ආදී බොහෝ වචන පටන් ගන්නේ P වලින්.

  4. neil says:

    Judges and politicians Sri lanka rotten to the core

    • susil says:

      Not only judges and civil servants but also film actors.
      These tapes bring in disgrace to all of them.
      MY APPEAL TO Film producers and patrons!
      Please boycott any dram or film contributed by any actor mentioned in these tapes.

Main News