මං පක්‍ෂ ලේකම්වරුන් පත්කලේ හිස් චෙක්පතක් ඔවුන්ට දුන් ආකාරයෙන්..

October 16, 2016 at 3:00 pm | lanka C news
මං පක්‍ෂ ලේකම්වරුන් පත්කලේ හිස් චෙක්පතක් ඔවුන්ට දුන් ආකාරයෙන්..

ඇමති මහින්ද අමරවීරගේ දේශපාලන දිවියට වසර 25ක් පිරිම නිමිත්තෙන් හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවත උලෙළේදී ” දුමින්දට අමරවීරට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ තනතුර දුන්නේ, ගණන් දාන්නේ නැතිව චෙක්පතක් අත්සන් කර දුන්නා වගේ” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේය.

වරක් ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් බුස් ගේ පාලන සමයේ සම්බන්ධයෙන් ඇමරිකාවේ ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ නිති අoශයේ මහාචාර්යවරයෙකු මෙන්ම ව්‍යයවස්තා සම්පාදකයක වූ ඩේවිඩ් කෝල් පවසා සිටියේ ජනතාව ඇමරිකන් ජනාධිපතිට යුද්ධ කිරිමට හිස් චෙක්පතක්, එනම් ගණන් දාන්නේ නැතිව චෙක්පතක් අත්සන් කර දී නැති බවයි. එයින් ඔහු අදහස් කලේ වගකීම සහ වගවීම් සැම විටම ජනාධිපතිවරයා ලෙස සිහි තබා ගත යුතු බවත් ඔහු ඇමරිකාවේ ජනාධිපති ජෝර්ජ් බුස් මිස, ජෝර්ජ් රජතුමා නොවන බව හොදින් සිහි තබා ගත යුතු බවයි. මෙම මහාචාර්ය ඩේවිඩ් කෝල් ඇමරිකාවේ ද නේෂන් THE NATIONS පුවත්පතේ අධිකරණ කටයුතුවලට සම්බන්ධ වාර්තාකරුයි.

ඉහත මහාචාර්යවරයාගේ ප්‍රකාශය අනුව පැහැදිලි වනුයේ හිස් චෙක්පතක් කියන වචනයේ වගකීමයි, එහෙත් අපේ රටේ පැරණිතම මෙන්ම විශාලතම පක්ෂයක් වූ ශ්‍රීලංකා නිදහස් පක්ෂය මේ රටේ විශාල ජනතාවක් නියෝජනය කරන අතර පක්ෂයේ ව්‍යයවස්ථාව අනුව ආසන බල මණ්ඩලය තෝරා ගනු ලබන්නේ ආසනයේ පිහිටි පක්ෂ ශාඛාවේ සාමාජිකයන්ගේ කැමත්තෙනි.

ආසන බල මණ්ඩලය මගින් දිස්ත්‍රික් බල මණ්ඩලයේ නිලධාරින් තෝරා ගනු ලැබේ දිස්ත්‍රික් බල මණ්ඩල නියෝජනය වන පරිදි පක්ෂ නායක විසින් මාධ්‍යම බල මණ්ඩලය පත් කරන අතර එහි වැඩි දෙනාගේ කැමැත්තෙන් යොජාණා අනුමැතියෙන් පක්ෂයේ ලේකම් සභාපති හා නිලධාරි මණ්ඩලය පත්කරේ.

එවෙනි අවස්ථාවක් තිබියදී ජනාධිපති විසින් පක්ෂයේ නායකයා ලෙස පාක්ෂිකයින් ගෙන් සමන්විත ආසන හෝ දිස්ත්‍රික් බලමණ්ඩල හරහා නොගොස් ජනාධිපති අභිමතය පරිදි පමණක් තීරණය කොට හිස් චෙක්පතක් ලබාදෙන ලෙස දුමින්ද දිසානායක ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ලේකම් ලෙසත් මහින්ද අමරවීර එක්සත් ජනතා නිදහස් සoධානයේ ලේකම් ලෙසත් පත්කිරිම ඔහුන් වෙනුවෙන් කරන ලද විශාල සැලකිල්ලක් මෙන්ම ඇමරිකන් මහාචාර්යවරයා පැවසු පරිදි අති අවදානමට ලක්වන තීරණයක් ද විය හැකි බැව් අනාගතයේදි තීරණය වනු ඇත.

එමෙන්ම හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ පාලන සමයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ලේකම් සඳහා නිසි පරිදි පක්ෂයේ ව්‍යයවස්ථාව අනුව නිලවරනයක් පැවත්වූ අතර එම නිලවරනය සඳහා හිටපු අමාත්‍යවරුන් ලෙස මෛත්‍රීපාල සිරිසේන සහ එස් බී දිසානායක ඉදිරිපත් වූ අතර මධ්‍යම බල මණ්ඩලයේ වැඩි ඡන්දයෙන් එවර මෛත්‍රී පරදවා එස් බී ජයග්‍රහණය කරන ලදි, එවකට පක්ෂ නායකත්වය හොබවනු ලද්දේ දිවoගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතියයි.

මූලාශ‍්‍රය මෙතනින්

52 views
Main News