මං පරක්කු වුනොත් ඡන්දය ඉක්මන් වෙයි.. මං ඉක්මන් වුනොත් ඡන්දය පරක්කු වෙයි.. පරන පරිප්පුව ආයිත් බෑ.. ස්ථිරවම මල් පොහොට්ටුවෙන්..

December 15, 2016 at 7:02 am | lanka C news
මං පරක්කු වුනොත් ඡන්දය ඉක්මන් වෙයි.. මං ඉක්මන් වුනොත් ඡන්දය පරක්කු වෙයි.. පරන පරිප්පුව ආයිත් බෑ.. ස්ථිරවම මල් පොහොට්ටුවෙන්..

‘පසුගිය අගෝස්තු මහ මැතිවරණය අති දුෂ්කර වූත් කටුක අත්දැකීම්වලින් පිරි එකක්. එදා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායමේ කැපවීම හා දායකත්වය මත ශ්‍රීලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ සංධානයට ආසන 96 ක් දිනා ගැනිමට හැකියාව ලැබුනත් ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වූ සංධාන නායකින්ට එකදු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හෝ ලබාදීමට පක්ෂ නායකත්වය ක්‍රියා නොකිරීම කිසිදිනක අපිට ඡන්දය දුන් ජනතාව අමතක කරන්නේ නැ.

ඒ වගේම අනාගත පවත්වනු ලබන පලාත් පාලන මැතිවරණයේදි ද එම අත්දැකීම විදින්නට අපේ පාක්ෂිකයින් කැමති වෙන්නේත් නැහ. ඒක නිසා අපේ ප්‍රාදේශිය නායකයින් ඉදිරි පලාත් පාලන මැතිවරණයේදි මහින්ද ජනාධිපතිතුමාගේ නායකත්වය සහ ආශිර්වාදය මත ඉදිරිපත් වෙන්නේ අනිවාර්යෙන්ම ශ්‍රීලංකා පොදු ජන පක්ෂය යටතේයි. ඒ අනුව අපි පොහොට්ටුව යටතේ තරග කරනවා’ යයි හිටපු ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍ය බැසීල් රාජපක්ෂ මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශ ගතවීමට පැය කිහිපයකට පෙර හිටපු පාලත් පාලන ආයතන ප්‍රධානින් කණ්ඩායමක් සමඟ පැවති සාකච්ඡාවකදි පැවසීය.

එහිදි පලාත් පාලන නියෝජිතයින් හිටපු අමාත්‍යවරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් සුබ පතමින් ඉල්ලා සිටියේ, සුවය ලබා හැකි ඉක්මනින් දිවයිනට පැමිනෙන ලෙසයි. එහිදි ඔහු ප්‍රකාශ කර සිටියේ ‘මම පරක්කු වෙන තරමට ඕගොල්ලන්ගේ ඡන්දය ඉස්සර වෙයි. මම ඉක්මනින් එන තරමට ඕගොල්ලන්ගේ පලාත් පාලන ඡන්දය පරක්කු වෙයි” යන්න පැවසීය.

195 views
Main News