මං පාර්ලිමේන්තුවට මිරිස්කුඩු ගැහුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රකින්නයි..- ප‍්‍රසන්න රණවීර

June 25, 2020 at 3:22 am | lanka C news
මං පාර්ලිමේන්තුවට මිරිස්කුඩු ගැහුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රකින්නයි..- ප‍්‍රසන්න රණවීර

තමන් විසින් පාර්ලිමේන්තුවට මිරිස්කුඩු ගැසුවේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙවර පාර්ලිමේන්තු අපේක්ෂක ප්‍රසන්න රණවීර මහතා සඳහන් කරයි.

ජනතාව විසින් තමන් පාර්ලිමේන්තුවට යැවුවේ එහෙයියකු වීමට නොවන බවද ඔහු පවසයි.

රංජන්රාමනායක පාලිත තෙවරප්පෙරුම එදින පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැනසීමට එතුලට ආයුද ගෙනා බවත් තමන් ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට මිරිස් කුඩු ප්‍රහාරය එල්ල කළ බවත් ඔහු සඳහන් කළේය.

සිරස රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

669 views
Main News